බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජපුර වදකයිනි… ජීවිතය පමණක් ඉතිරි කරගෙන පසිඳු ගෙදර ඇවිත් සිටී

by editor
ජූනි 12, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

පසිඳු මධුෂාන් ඔබට මතක ඇතැයි සිතමු. ජයවර්ධනපුර සරසවියේ කලමණාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටිය දී කාලකණ්ණි නවක වදකයන්ගේ මරාන්තික වදකයට ලක්ව මරණයේ දොරටුව අසලට ගිය තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඔහුය.

විශ්වවිද්‍යාලයේ ඉහළ වසරවල සිසුන් විසින් විශාල ප්‍රමාණයේ ජේ.සී.බී, ටයරයක්  තල්ලු කර එවා බිහිසුණු අනතුරකට ලක් කළ සිසුවා ඔහුය. ඒ සිද්ධියෙන් බරපතල තුවාල ලද පසිඳු කොළඹ ජාතික රෝහලේ දාඩි සත්කාර ඒකකයට ඇතුළු කළේය. ඔහුගේ හිසට තදබල අයුරින් හානි සිදු වී තිබිණි. දැඩි සත්කාර ඒකකයේ සති ගණනක් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව ඔහු රෝහලේ දින අනූහයක් නේවාසිකව ප්‍රතිකාර ලැබුවේය. අනතුරුව ඊයේ (11) රෝහලින් කළ හැකි ප්‍රතිකාර නිමා කළේය.

ඊයේ සවස පසිඳු ගෙදර ආවේය. ඒ පූර්ණ සුවය ලබා නොවේ. ඔහු පෙර සිටි පසිඳු නැමැති ජවසම්පන්න තරුණයා නොව යන්තම් ජීවිතය පමණක් බේරා ගත් අසරණයෙකු ලෙසය. තවම ඔහුට තනිවම ඇවිදීම අපහසුය. ගොත නොගසා කතා කළ නොහැකිය. පෙර තිබූ තීක්ෂණ මතකය නැත.

අපි පසිඳුගේ තත්වය දැනගනු රිසිව ඔහුවගේ නිවසට ඇමතීමු.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ ඊයෙ මල්ලිව ගෙදර එක්ක ආවා. එයා පූර්ණ වශයෙන් නීරොගී නෑ… මතකය අඩුයි. කතා කරන්න අපහසුයි. හරියට ඇවිදින්න බෑ. එත් දෙයියනේ මල්ලි ජිවත් වෙනවා… ඒ හොඳටම ඇති.“ පසිඳුගේ අක්කා ෂර්මිලා අපට කීවාය. ඒ හඬ හඬුමක් තරම් දුක්බර වූයේය.

“මල්ලිට ප්‍රතිකාර කළ ජාතික රෝහළේ වෛද්‍යවරුන්ට , හෙද හෙදියන්ට කාර්ය මණ්ඩලයට අප ණය ගැතියි.  ඔවුන් මල්ලිගේ ජීවිතය බේරා දුන්නා.  ඔවුන් අපට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නා.“

“ඒත් මල්ලිට අකුරු ලියන්න මතක නැහැ. . සිද්ධ වුණේ මොකක්ද කියන්න එයාට මතක නැහැ. එයාගේ මතකය අඩුයි. පොඩි දරුවෙක් බලා ගන්නවා වගේ තමයි මල්ලිව බලාගන්නේ.“

“ඊයේ (11) මල්ලි ගෙදර ආව සතුටට එයාගේ ඉස්කෝලෙ යාළුවෝ ආවා.  කේක් ගෙනාවා. මගෙ ඇස්වලට කඳුළු ආව. ඔවුන්ගෙන් සමහර කෙනෙක්ව මල්ලි හඳුනගත්තෙ නෑ . අපි කියන්නේ අපේ මල්ලිට වුණා වගේ දෙයක් අයේ කිසිම කෙනෙකුට නොවිය යුතුයි.

ෂර්මිලා කියන්නීය

පසිදුගේ පියා ඔගස්ටින් සිල්වාය. ඔහු සිය දරුවන් පෝෂණය කළේ ගොවිතැන් කටයුතු කිරීමෙනි. පිරුණු දැනුම් සම්පතක් හිමිව ප්‍රදේශය බැබලවූ දීප්තිමත් අනාගතයක් හිමිව සිටි මේ තරුණයා අද අර්ධ දුබලතාවයෙන් පෙළෙන අසරණයෙකි. එහෙත් පසිඳුලාගේ පවුලේ උදවිය මෙන්ම වෛද්‍යවරු ද පසිඳු පිළිබඳ බලාපොරොත්තු අත්හැරගෙන නැත.
“ මල්ලි නැවත ඉපදිලා වගේ.. හරියටම පොඩි එකෙක් තමයි මම ඔහුගෙන් දකින්නෙ. භෞත චිකිත්සාව ඔහු වෙනුවෙන් කළ යුතුයි. පුරා දින 03 ක් තිස්සේ ජාතික රෝහලෙන් මට ඒ් සම්බන්දව කියලා දුන්නා. පුහුණුවක් ලබා දුන්නා මට.  මම ඒ කියපු විදිහටම ඔහු වෙනුවෙන් ඒ දේවල් කරනවා…“ පසිඳුගේ සොයුරා ලක්ෂාන් කියන්නේය.

ජීවිතය පමණක් සහිතව පසඳු ගෙදර ඇවිත් ඇත. ජයවර්ධනපුර සරසවියේ කාලකණ්ණි මනෝ විකෘතික වදකයන් දැන් සතුටින්දැයි අප දන්නේ නැත.

ඇවිත් බලපල්ලා… මිය යමින් ජීවත්වෙන තරුණයෙක් නුඹලාගේ අශිෂ්ට අමානුෂිකත්වයේ තරම ලෝකයට කියමින් හිඳී.

අප කියන්නේ මනුෂ්‍යත්වය රහිත මලමිනී වැනි නුඹලා යලි මැරී ඉපදිය යුතු බවය.

 

Tags: නවතම
Share88Tweet43
Previous Post

මෙවර කිසිඳු පෙරහැරක් ගිහින් බලන්න අවසර නෑ

Next Post

තැපැල් ඡන්ද දින ගැන තවම තීරණය කර නෑ – මැකොස

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.