බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගිංගඟේ ගිළුණු කුඩා තේවතුවල තනිවූ මිනිස්සු 

by editor
මැයි 17, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගිංගග පිටාර ගැලිමත් සමග  ගිංගග  ඉහල නිම්නයේ තවලම, හිනිදුම, පනංගල ආදි ප්‍රදේශවල තේ වගා බිම් ජලයෙන් යටවිම නිසා කුඩා තේ වතු හිමියන් දැඩි අසරණ තත්වයට පත්ව  ඇති බව ඔවුහු පෙන්වා දෙති. 

ධාරාණිපාත වාර්ෂාවත් සමග පැය කිහිපයක් ඇතුළත  ගිංගඟ පිටාර ගලා තේ වගාබිම් ජල රකුසාට හසුවු බවද කුඩා තේ වතු හිමියන් පෙන්වා දෙති. ජලය බැසයාමත් සමග තේ දළුවල රෝන්මඩ බැදිම නිසා තේ දළු කුණුවි යන බව පවසන කුඩා තේ වතු හිමියෝ මේ නිසා මාසයක් පමණ යනතෙක් තේ අස්වැන්න නෙලිමට නොහැකි වන බවද  පවසති. 

ගිංගග ඉහත්තාවේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට තේ වගාව පත්ව ඇත. ගිංගඟ දෙපස කුඩා තේ වගාබිම් විශාල සංඛ්‍යාවක් තිබෙන අතර ගංවතුරට යටවිම නිසා  තේ වගාබිම් රැසකට හානිවි ඇත.  තේ වගාබිම් පමණක් නොව තේ තවාන් වලට ද හානිවි ඇති බව තේ තවාන්කරුවෝ පවසති.  කුඩා තේ වතු හිමියන් පමණක්  නොව තේ දළු කඩා දිවිගැට ගසා ගත් ශ්‍රමිකයින් ද මෙම තත්වය නිසා දැඩි අසරණ තත්වයට පත්ව ඇත. 

සුරංග, රුක්මාල්, අනුර

කුඩා තේ වතුහිමියෙකු වන හිනිදුම පනංගල පදිංචි අනුර ලියනගේ   මෙසේ කිවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මට තේ අක්කර 05ක් තියෙනවා. ගංවතුරට තේ වගාව ජලයෙන් යටවුනා ජලය බැසයනවිට රොන්මඩ ඇතුළු  අපද්‍රව්‍ය තේ දළුවල තැන්පත් වුනා. තේ දළු මඩවලින්  නැහැවි ගොස් තියෙනවා. මේ නිසා තේ දළු කුණු වෙනවා.  මේ නිසා කුණු වු තේ දළු කඩලා ඉවත් කරන්න ඕන. මේ නිසා මාසයක් විතර යනකම් තේ අස්වැන්න නෙළාගැනිමට බැරිවෙනවා. අපිට වෙනත් කිසිදු  ආදායම් මාර්ගයක් නැහැ. තේ වගාව තමයි අපේ ප්‍රධාන ජීවන මාර්ගය.   කොරෝනා වසංගතයෙන් බැටකා සිටින අපි ගංවතුරෙන්ද  බැට කනවා. අපි අන්ත අසරණ තත්වය පත්වෙලා ඉන්නේ. ඔහු කිවේය.

හිනිදුම පනංගල පදිංචි රුක්මාල් පි ලියනගේ කුඩා තේ වතු හිමියෙකි.

“මට තේ අක්කරයක් විතර තියෙනවා.  තේ වගාව සම්පුර්ණයෙන්ම ගංවතුරට හසුවුනා. පැය එකහමාරක් ඇතුළත තමයි  ගිංගඟේ ජල මට්ටම වැඩිවුනේ. කිසි දෙයක් හිතා ගන්නත්වත් බැරිවුනා. තේ වගාවන් පමණක් නෙවෙයි මිනිසුන්ගේ දේපලවලටත් හානි වුනා.   මාසයක් විතර යනකම් තේ දළු කඩන්න බැහැ.  ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නවගේ දෙයක් තමයි වුනේ.  

පනංගල බටහිර පදිංචි සුරංග සම්පත් තේ වතුවල දළු කඩා ජිවිතය ගැට ගසා ගන්නා අයෙකි.

මමත් මගේ බිරිදත් තේ වතුවල තේ දළු කඩලා ඉන් ලැබෙන ආදායමෙන් තමයි ජිවිතය ගැට ගසා ගන්නේ.   තේ වගාබිම් ගංවතුරට හසුවිම නිසා  තේ දළුකැඩිමෙන් දිවිගැට ගසාගත් අපි අසරණ වෙලා ඉන්නවා. ගංවතුරට හසුවිමත් සමග තේ දල්ල නරක් වෙලා කුණුවෙලා යනවා. මාසයක් විතර යනකම් තේ වතුවල දළුකඩන්න බැරිවෙනවා. යැයිද සුරංග කිවේය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණගෙන් මේ පිළිබඳව විමසුවෙමු.

ධාරාණිපාත වර්ෂාවත් සමග  ගිංගග පිටාර  ගැලිම නිසා ගිංගග ඉහල නිම්නයේ පිහිට තේ වගා බිම්වලට හානිවි ඇති බවට වාර්තා  වි තියෙනවා. ගිංගග  දෙපස කුඩා තේ වතු විශාල   වශයෙන් පිහිටා තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම  රත්නපුර හා මාතර දිස්ත්‍රික්කයේ තේ වගාබිම් කොටසකට ද  ගංවතුරෙන් බලපැම් එල්ල වි ඇති බවට වාර්තා  තියෙනවා. ගංවතුරට හසුවිමෙන් හානියට පත්  කුඩා තේ වතුහිමියන්ගේ තේ වගාබිම් පිළිබඳ  තොරතුරු  මේ වනවිට ගණනය කරගෙන යනවා. හානියටපත් තේ වගාවන් පිළිබද තොරතුරු   ලබා ගැනිමෙන් පසු ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තින්දු කරනවා.“කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනේ මිනිස්සු විරෝධතා ව්‍යාපාර සඳහා රැස් වූ ඉඩමට නගරාධිපති කම්බි ගසයි…

Next Post

මැරුවත් බහින්නෙ නෑ… පී.සී.ආර්. ඉල්ලා බෝගම්බර රැඳවියෝ වහලයට නගිති….

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.