බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

by editor
සැප්තැම්බර් 24, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

විදුලිබල හා බල ශක්ති රාජ්‍ය ඇමති ඩී.වී.චානකගේ මාමණ්ඩිය වූ ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික  ලලිත් වසන්ත මෙන්ඩිස් (60)  ඝාතනය වන්නේ ඩුබායි සිට මෙහෙයවන පාතාල කල්ලි  දෙකක් අතර වූ දාම ඝාතනයක ගොදුරක් ලෙසින් දැයි පොලිසියට සැක පහළ වී තිබේ.

මේ වනවිට රට ව්‍යසනයකට ලක් කරන පාතාල අපරාධ කරුවන් වූ  රත්ගම විදුරගේ සහ කොස්ගොඩ සුජීගේ අපරාධ කල්ලි දෙක එකිනෙකා මරා ගනිමින් සිටිති. ඒ  එකිනෙකාට තදින්ම රිදෙන ඔවුන්ගේ සමීපතමයන් ඝාතනය කිරීමෙනි. ඒ සඳහා උත්සාහයන් දියත් කරමිනි.

පළමු සිද්ධිය  

මේ දාම අපරාධයන් රටට පැහැදිලිව නිරීක්ෂණය වන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති  ධනුක මහේෂ් ද සොයිසාට  පසුගිය  මැයි මස  (26) වැනිදා  උදෑසන අම්බලන්ගොඩ, රන්දොඹේ ප්‍රදේශයේ දි එල්ලවු වෙඩි ප්‍රහාරයකිනි.

නියෝජ්‍ය විදුහල්පතිවරයා බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි ප්‍රදේශයේ පදිංචි   අයෙකි. ඔහු නිවසේ සිට යතුරුපැදියෙන් සේවය සඳහා විදුහල වෙත පැමිණෙමින් සිටියදි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබිණි.

වෙඩි පහර කාගෙනම යතුරුපැදියෙන්  කිලෝමීටරයක් පමණ දුරක් පැමිණි නියෝජ්‍ය විදුහල්පතිවරයා අනතුරුව අම්බලන්ගොඩ පොලිසිය වෙත දුවගෙන එද්දීත් වෙඩික්කරුවන් ඔහු පසු පස හඹා විත් වෙඩි තැබුවේය.  නමුත් ඔහුව මරා දැමීමේ ඉලක්කය වැරදී ගියේය. බරපතල තුවාල ලද ධනුක මහේෂ් ද සොයිසා නියෝජ්‍ය විදුහල්පතිවරයා අම්බන්ගොඩ පොලිසිය විසින් කරාපිටිය රෝහලට රැගෙන ගියේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

වෙඩි කෑ නියෝජ්‍ය විදුහල්පතිවරයා නෑකමින්  කොස්ගොඩ සුජී නැමැති පාතාල අපරාධකරුගේ මාමා කෙනෙකි.  මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ රත්ගම විදුරගේ පාතාල කල්ලියෙන් බවට විමර්ශන අංශ හෙළි කර ගත්තේය.

දෙවැනි සිද්ධිය

දුලාජ් තරංග

පසුගිය ජූනි 12 වැනිදා තවත්  ආන්දෝලනාත්මක ඝාතන තැතත් වාර්තා විය.  ඒ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්වන දුලාජ්  තරංග  ගමගේ තරුණියක මාර්ගයෙන්  සීනිගම දේවාලය අසලට ගෙන්වා වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයකිනි.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සීනිගම දේවාලය අසලට ගෙන්වාගෙන තිබුණේ හබරාදූවේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. ඇය ඔහුව සමීප දන්නා කෙනෙක් බව වාර්තා විය. දුලාජ් සීනිගම දේවාලය අසලට පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන  තුවක්කුකරුවන් දෙදෙනෙක් ඔහුට වෙඩි තැබූවේය.

ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාත්  වෙඩි පහර කාගෙනම වාහනය අම්බලන්ගොඩ  පොලිිසියට පදවාගෙන ගියේය. පොලිසියෙන් ඔහුව ගිලන් රථයක දමා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.  දුලාජ් තරංගත් ජීවිතය බේරා ගත්තේය.

දුලාජ් ඝාතනය කරවීමේ අදහසින් ඔහුව සීනිගම දේවාලය අසලට ගෙන්වා ගත් හබරාදූවේ 22 හැවිරිදි තරුණිය එදිනම සවස කටුනායක ගුවන් තොටුපලින් මාල දිවයින බලා ගියාය. දැන් ඇය සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බව කියැවිනි.

ඝාතනය කිරීමට හැදූ දුලාජ් තරංග ගමගේ පාතාල අපරාධකාර රත්ගම විදුරගේ බිරියගේ සොයුරාය. එනම් රත්ගම විදුරගේ මස්සිනාය.  දුලාජ්  ඝාතනය කිරීම සඳහා උත්සාහ කර ඇත්තේ  කොස්ගොඩ සුජී විසින් ඩුබායිහි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

දුලාජ් තරංගට වෙඩි තබා තිබුණේ  කොස්ගොඩ සුජීගේ  මාමා කෙනෙක් වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධනුක මහේෂ් ද සොයිසාට  එල්ල වූ වෙඩි ප්‍රහාරයට පළි ගැනීමක් ලෙස බව විමර්ශන අංශ කීවේය.

තුන්වැනි සිද්ධිය

පසු ගිය ජූනි 21 ඩ අලුයම කොස්ගොඩ හිද්දරුවේ පිහිටි සිය  නිවෙස ඉදිරිපිටදී 52 හැවිරිදි පුද්ගලයෙක්  වෙඩි තබා ඝාතනය කර තිබිණි.  ඔහු   බීච් බොයි කෙනෙක් ලෙස රැකියාව කළ පුද්ගලයෙකි. කවුරුත් ඔහුව දැනගෙන හිටියේ රන් මහත්තයා කියාය.

කොස්ගොඩ රන් මහත්තයා රාත්‍රී කාලයේ සිය ජංගම දුරකතනය විසන්ධි කර නින්දට ගිය පසු නැවත ඇහැරෙන්නේ පෙරවරු 10.00ට පමණය. එහෙත් ඔහුව ඝාතනය වූ ජූනි 21 අළුයම 5.30ට පමණ  ඇහැරී නිවෙසේ ඉදිරිපස ගේට්ටුව විවෘත කිරීමට ගිය අවස්ථාවේදී වෙඩි තබා මරා දමා තිබිණි.

විමර්ශන අංශ කීවේ ඔහුගේ ජංගම දුරකතනය පවා ඒ වන විටත්   අක්‍රීයව  තිබී ඇති බවය. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක්  රන් මහත්තයාගේ  නිවෙස අසලට පැමිණ ඔහුට කථාකර නිවෙසින් පිටතට ගෙන්වාගෙන පිස්තෝලයකින්  වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක කළේය.

රන් මහත්තයා යනු කොස්ගොඩ සුජීට සමීප ඔහුගේ මාමා කෙනෙකි. මෙම ඝාතනය සිදුකර තිබුණේ රත්ගම විදුරගේ පාතාල කල්ලිය විසින් බව විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබිණි. එය සිදුවන්නේ ජූනි 12 වැනිදා සීනිගම දේවාලය අසල දී  රත්ගම විදුරගේ මස්සිනා වූ දුලාජ් තරංග ගමගේ ඝාතන තැතේ පළිය ගන්නට බව විමර්ශන අංශ කීවේය.

4 වන සිද්ධිය   

ශෙහාන් නිලංග

රත්ගම ආදාහනාගාරය පිටුපස කළපුවේ පාවෙමින් තිබු අත් පා ගැට ගසන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් මේ මස 18 දා රාත්‍රියේ ගොඩට ගෙන තිබිණි.

මේ මෘත ශරීරය රත්ගම ගම්මැද්දේගොඩ පදිංචි ගෝණාපීනුවලගේ ශෙහාන් නිලංග නමැති 28 හැවිරිදි පුද්ගලයාගේ බවට හඳුනා ගත්තේය.

ඔහු  ස්ථිර රැකියාවක් කළ අයෙක් නොවේ.  විදේශ රැකියාවක නිරතව සිට මෙයට වසරකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

පොලිසිය කරන ලද මුලික පරීක්ෂණවලදි අනාවරණය වූයේ ඉකුත් 17වනදින දහවල් මියගිය පුද්ගලයා මිතුරන් පිරිසක් සමග කළපුව අසල හෝටලයක මත්පැන් පානය කරමින් සිටියදි සවස 2.30 ට පමණ ලැබුන දුර කතන ඇමතුමකින් පසුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවය.

එහෙත් ඔහු එදින රාත්‍රි නිවසට නොපැමිණිම නිසා පසුදින බිරිය පොලිසියට පැමිණිලි කර තිබිණි.  එදිනම රාත්‍රියේ අත් පා බැඳ දමා ඝාතනය කර  කලපුවට දමා තිබුණු තරුණයාගේ   මළ සිරුර කළපුවේ පාවෙමින් තිබියදී හමුවුනේය. .

මේ ඝාතනයකර තිබුණේත් කොස්ගොඩ සුජීගේ සමීප හිතවතෙක් බවත් එම ඝාතනය සිදුකර ඇත්තේත් රත්ගම විදුර විසින් බවත් විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබිණි.

05 වන සිද්ධිය
ලලිත් වසන්ත මෙන්ඩිස් ඝාතනය

අප වැඩි වශයෙන්ම අවධානයට ලක් වී අති මේ කතාව පෙළ ගැසීමට ප්‍රස්තුත වූ සිද්ධිය මෙයය. එනම් විදුලි බල හා බල ශක්ති රාජ්‍ය ඇමති ඩී.වි.චානකගේ මාමණ්ඩිය වූ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් (60)  ගාල්ල ඩික්සන් හන්දියේ දී වෙඩි තබා ඝාතනය කිරීම ය.

මේ ඝාතන වැලේ සහ වෙඩි තැබීම් දාමයේ ප්‍රස්තුත අරමුණ ස්වකීය ප්‍රතිවාදියා වැඩි වශයෙන් රිදවීමය.  ඊයේ ඝාතනය වූ කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස් රත්ගම විදුරගේ  ඥාතියෙකි.

දැනට විමර්ශන අංශ සැක කරන්නේ මේ ඥාතීත්තවය මත රත්ගම විදුරගෙන් දැනෙන ලෙස පළි ගැනීම සඳහා ඩුබායි හි සිට කොස්ගොඩ සුජී විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවය.

එම සැකය ඔස්සේ ලද හොඩුවාවන් මත  අපරාධ පරීක්ෂකයන් සිය  විමර්ශන මෙහෙයවන්නේය. යම් තහවුරු කරගත්  සිදුවීමක් ඇතිනම්  එ් සම්බන්ධව නිල වශයෙන් දැනුම් දීමට පොලීසිය සූදානම් ය.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කූඨ ලේඛණ යොදා දරුවන් පාසලට ගත් ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය පොලිසියට දෙන ප්‍රකාශ රහසිගතව පටිගතකර අසුවෙයි!   

Next Post

කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.