සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොළඹ හදවත පවරාගත් සෙලෙන්දිවා ව්‍යාපෘතියට මිනිස්සු බය ඇයි?

by editor
මැයි 31, 2021
in සමාජ
Sri Lanka, Colombo, May 6th 2018. Traditional tuc tuc (the local taxis) and modern cars in the traffic downtown Colombo.

Sri Lanka, Colombo, May 6th 2018. Traditional tuc tuc (the local taxis) and modern cars in the traffic downtown Colombo.

Share on FacebookShare on Twitter

කොළඔ නගරයෙහි පිහිටි බ්‍රිතාන්‍ය යුගයෙහි ඉදි වූ ඓතිහාසික වශයෙන් වැදගත් ගොඩනැගිලි කිහිපයක් දැනට ඒවායෙහි පවතින භාවිතයන්ගෙන් ඉවත් කොට පෞද්ගලික ආයෝජකයන් වෙත ලබාදීමේ යෝජනාවලියක් පිළිබඳව මේ දිනවල දැඩි කතා බහක් පවතියි.

සෙලෙන්දිවා ආයෝජන සමාගම නමින් ස්ථාපනය කරන ලද විශේෂ කාර්යය වාහකයක්/ඒකකයක් මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත කොළඹ නගර මධ්‍යයෙහි පිහිටි ස්ථානමය හා මූල්‍යමය වශයෙන් වැදගත් රාජ්‍ය සතු දේපල වඩාත් ප්‍රශස්ථ අන්දමින් භාවිතයෙහි යෙදවීම අරමුණු කොට ඒ සඳහා හැකියාව හා උනන්දුවක් දක්වන පුද්ගලික ආයෝජකයන් වෙත ලබාදීමේ වැඩ සටහනෙහි එක් අංගයක් ලෙස මෙම ව්‍යාපෘතීන් දක්වා ඇත.

මෙම ගොඩනැගිලිවලට අමතරව බේරේ වැව ආශ්‍රිතව පිහිටි දැනට නාවික හා ගුවන් හමුදාව භාවිතා කරන වටිනා ඉඩම් සමූහයක්ද, රජයේ කොටස්කාරීත්වයෙන් පවත්වා ගෙන යන හෝටල් කිහිපයක්ද මෙම ඒකකය යටතේ ආයෝජකයින් වෙත ලබාදීමට නියමිතය.

ගෆූර් ගොඩනැගිල්ල
ගෆූර් ගොඩනැගිල්ල

එය සංවර්ධනයේ අවශ්‍යතාවයකි –

නගරයක් සංවර්ධනය වීමේදී පවතින අවශ්‍යතාවනට ගැලපෙන ලෙස දේපල සංවර්ධනය නවීකරණය හා වඩාත් හොඳ සමාජ ආර්ථිකමය ප්‍රතිලාභ හිමිවන ආකාරයට භාවිතයෙහි යෙදවීම සුදුසු දෙයකි. ඒ පිළිබඳව විවාදයන් අනවශ්‍යය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කරන ලද 1999 කොළඔ නගරයෙහි සංවර්ධන සැළසුමෙහි ඓතිහාසික මධ්‍ය ප්‍රදේශය වශයෙන් දක්වා ඇති බිම් කොටසෙහි පිහිටි පැරණි මධ්‍යම තැපැල් හල, පොලිස් අපරාධ විමර්ශන ඒකකය පිහිටි ගොඩනගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, දැනට ප්‍රතිසංස්කරණය වෙමින් ඇති ගෆූර් ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි කිහිපයක් මෙම ලැයිස්තුවට ඇතුළත්ය. ගොඩනැගිලි ව්‍යුහය හා නිර්මාණාත්මක භාවය අතින් වාස්තු විද්‍යාත්මක මෙන්ම ඓතිහාසික සංරක්ෂණ වටිනාකමක් විදහා පාන මෙම ගොඩනැගිලි කොළඹ නගරයෙහි ඉංග්‍රීසි පාලන සමය පිලිබඳව තතු සපයන මූලාශ්‍ර වශයෙන් දැක්වීම නිවැරදිය.

සුදුසුම ක්‍රමවේද –

කෙසේ වෙතත් මේ බොහෝ වටිනා ගොඩනැගිලිවල අද වන විට පවතින බාහිර පෙනුම මෙන්ම අභ්‍යන්තර භාවිතාවන් සැලකීමෙහිදී දැනට එම පරිශ්‍රයන් භාරකාරව සිටිනා ආයතනවලට ඒ සියලු වටිනාකම් රැකෙන අයුරින් ගොඩනගිලි පවත්වාගෙන යාම ප්‍රශ්නකාරී වී ඇති බව නොරහසකි. නඩත්තුව සඳහා යෙදිය යුතු අධික වැය, රාජ්‍ය ආයතන වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ගැනීමෙහි අපහසුතාවන්, යොදවන මුදලට ඍජු ආයතනික ප්‍රතිලාභ නොලැබීම, ආයතනමය කටයුතුවලට ගොඩනැගිල්ල යොදවා ගැනීමේ ප්‍රායෝගික ගැටලු ආදී තවත් හේතූන් මෙම තත්වයන්ට තුඩු දී ඇත.

Old-Bulding-colombo
කොටුව ඔරලෝසු කණුව අසල ඇති පුරාණ ගොඩනැගිල්ල

1999 කොළඔ නගර සැළැස්මෙහි දක්වා ඇති  කොළඹ කොටුව ඓතිහාසික මධ්‍ය ප්‍රදේශය
 

එවැනි අවස්ථාවන්හිදී ඓතිහාසික උරුමයන් ලෙස සැළකෙන ගොඩනැගිලි රැක ගැනීම පිණිස ලොව පුරා බහුලව යොදාගන්නා සංරක්ෂණ ක්‍රම වේදයකි “අනුගත ප්‍රති භාවිතය”. කොළඔ නගර මධ්‍යයෙහි පවතින වටිනා පැරණි ගොඩනැගිලි පවත්වාගෙන යෑම සඳහාද මෙම ක්‍රමවේදය උචිත ය. දැනටමත් කොළඹ මෙන්ම සෙසු නගර රාශියකම මෙවන් විශිෂ්ඨ ප්‍රතිභාවිතයන් පිළිබඳ උදාහරණ බොහොමයෙකි. ඒ සඳහා අවශ්‍යවන සුදුසු භාවිතයන්ද, එවන් සුදුසු භාවිතයන්ට ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කොට යොදා ගැනීම සඳහා ආයෝජනයන් කිරීමට සූදානම් ආයෝජකයින්ද සොයා ගැනීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු දෙයකි. එසේම රජයට ඒ සඳහා මූදල් යෙදවිය නොහැකි නම් සුදුසු ලෙස පෞද්ගලික අංශයේ සහයෝගය සහ සහභාගිත්වය ලබා ගැනීමෙහිද ගැටලුවක් නොපෙනේ.

එසේනම් මේ තරම් කුකුසක් ඇයි?

එසේ නම් ඉහත සඳහන් කළගොඩනැගිලි සෙලෙන්දිවා නම් රාජ්‍ය ආයතනයක් භාරයට පත් කොට ඒ හරහා පෞද්ගලික පාර්ශවයන් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය මෙතරම් විවාදයකට ලක්ව ඇත්තේ මන්ද?
මේ පිළිබඳව සොයා බැලීමේදී ජනතාව අතර යම් සාධාරණ සැක මතු කරන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

1 නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කිරීම

පලමු කොටම, මෙවැනි ගොඩනැගිලි සංරක්ෂණය කොට ප්‍රතිභාවිතයන් සඳහා යෙදවීමෙහි හා බදු දීමෙහි මීට පෙරත් කටයුතු කොට පලපුරැදු ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කොට මෙම කටයුත්ත වෙනත් ආයතනයක් වෙත යොමුකිරීමෙහි සැබෑ අවශ්‍යතාවය කුමක්ද යන්න සිතා බැලිය යුතුය.
නාගරික සංවර්ධන අධිකාරියට තවදුරටත් මෙවන් ව්‍යාපෘති කිරීමෙහි ධාරිතාවක් නොමැතිද? නොඑසේ නම් රාජ්‍ය ව්‍යාපාරයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය අනුගමනය කළ යුතු ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වුවහොත් වත්මන් දේශපාලන අධිකාරයට ඇවැසි පාර්ශවයන්ට මෙම වටිනා දේපල ලබාදීමට බාධාවන් වන නිසා විය හැකිය. එසේත් නැතිනම් කිසියම් පාර්ශවන්ට තොගයක් වශයෙන් හෝ තනි තනි වශයෙන් මෙවා ලබා දීමට දැනටමත් එකඟ වී ඇති නිසා විය හැකිය. වත්මන් රජය කොළඹ වරාය නගර පනත ලහි ලහියේ සම්මත කොටගත් ආකාරය, කොළඹ අවට ඉඩම් කිසිදු තරඟකාරී පදනමකින් තොරව විකුණා දැමූ ආකාරය, ආපදා අවස්ථාවන් පවා තම හිතවතුනට ව්‍යපාර කොට ගැනීමට අවස්ථාව කර දුන් ආකාරය පිළිබඳව සළකා බැළීමෙහිදී මෙවන් සැකයන් මතුවීම නොවැළැක්විය හැක.

2. ගොඩනැගිලිවල පෞරාණික පෙනුම බාධාවක් ද?

දෙවැනුව, කොළඹ කොටුව ප්‍රදේශයෙහි ඉතා ඉහල යන ඉඩම් වටිනාකම සළකා බැලූ විට පුරාවිද්‍යා පනත අනුව බිඳ දැමිය නොහැකිවාක් මෙන්ම බාහිර ආකෘතිය වෙනස් නොකර සංරක්ෂණය කල යුතු මෙම ගොඩනැගිලි රජය කරවන පිරිස දකින ආකාරයට නාගරික සංවර්ධනයට බාධාවක් වී ඇතිද යන්නද සිතා බැලීමට වටී. එසේ වන්නේ නම් කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙහි 2012 වසරෙහිදී ඉන්දියාවේ ටාටා සමාගම වෙත තරඟකාරී මිළ ගනන් කැඳවීමකින් තොරවම ඉඩම ලබා දී, නිර්මාණාත්මක භාවය, නාගරික අලංකරණය හා නේවාසික ප්‍රජාව පිළිබඳ කිසිදු සංවේදීත්වයක් හෝ අධ්‍යනයක් නොමැතිව ඉඩම් වටිනාකම පමණක්ම පෙරදැරි කොටගෙන ඇරඹුණු, ඒ නිසාවෙන්ම අදටත් නොවිසදුනු මහත් ප්‍රශ්න රාශියකට මඟ පාදා ඇති “නාගරික පුණර්ජීවන” ව්‍යාපෘතිය නුදුරු අනාගතයෙහිදී කොළඹ කොටුවේ ඓතිහාසික උරුමයන්ට සිදුවන්නට යන ඉරණම පිළිබඳ අපූරු පූර්වාදර්ශයක් සපයයි. 

3. සෙලන්දිවා ක්‍රියාත්මකවන නීති පනත කුමක් ද?

තෙවැනුව, විශේෂ කාර්යය වාහකයක් (Special Purpose Vehicle) ලෙස පිහිටුවා ඇති එකී සෙලෙන්දිවා රාජ්‍ය සමාගම තම ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරණුයෙ කවර නීති පනතක් යටතේද යන්නද සොයා බලනු වටී. දැනට පවතින සමාගම් පනතට යටත්වද, විශේෂ ව්‍යාපාර පහසුකම් අනුවද එසේත් නැත්නම් ලඟදීම සම්මත කරගත් වරාය නගර කොමිසම් පනතේ විධිවිධානයන් උපයෝගී කොට ගෙනද? එසේ නම් මෙම ප්‍රයත්නය හරහා වරාය නගරයේ ආයෝජකයින් හට පමණක් ලබාදෙන සියළු සහනයන් මෙම පරිශ්‍රයන්හි ආයෝජකයින්ටත් ලැබේද?.

එසේ වුව හොත් විදේශීකයනට පමණක් ඉඩ සැළසී දේශීය ව්‍යාපාරිකයනට ඇති අවස්ථා ඇහිරෙනු ඇත. පසුගිය සති කිහිපය පුරා රජය කරවන පාර්ශවය විසින් අවිචාරවත්ව සිදු කල ක්‍රියාකාරකම් මෙවන් ප්‍රශ්නාවලියකට මග සළසයි.
ඒ සියල්ල සමගම අමතක කළ නොහැකි කරුණ වන්නේ මෙම ගොඩනැගිලිවලින් බොහොමයක් සංරක්ෂණය හා නවීකරණය සඳහා රාජ්‍ය ආයතන දරා ඇති රුපියල් කෝටි ගණනක පිරිවැයයි. යම් හෙයකින් අදාළ ආයෝජකයින් මගින් මෙම වටිනාකම රජයට හිමි නොවන්නේ නම් එය රටෙහි බහුතරයක් වන ඉදිරියෙහිදී මෙම ස්ථානවල ඇතිවන්නේයැයි සිතිය හැකි ව්‍යාපෘතීන් වලින් ඍජු ප්‍රතිඵල නොලබන මහ ජනතාවට සිදුවන බලවත් අසාධාරණයෙකි.

ඉදින් මෙවැනි ප්‍රශ්නාර්ථයන් තුල වඩා නිවැරදි තොරතුරු දැක්වීමක් සහිතව, මනා පාරදෘශ්‍යතාවයෙකින් යුතුව හා සුපැහැදිලි පරමාර්ථයන්ගෙන් යුතුව කටයුතු නොකරන්නේ නම් මෙම දේපල සම්බන්ධයෙන් වත්මන් රජය ක්‍රියා කරන ආකාරය පිළිබඳව ප්‍රශ්න කිරීමට සංවේදී ප්‍රගතිශීලී ජනතාවට ඇති අයිතිය රජයට ප්‍රශ්න කළ නොහැක.

Cargils-Bulding
කොටුව කාර්ගිල්ස් ගොඩනැගිල්ල
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවරට එක එන්නත් මාත්‍රාවක් විතරයි!…එන්නත දෙන්නෙ ලිඛිතව කැමති කරගෙන…

Next Post

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලි සමග චන්දිමාල් ජයසිංහට ඇප

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.