බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කාබනික ගොවිතැනේ ප්‍රතිඵල නිකුත් වෙන්න අරන්… ඉඟුරු ගොවිතැන 75% විනාසයි!

by editor
ඔක්තෝබර් 19, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කෘෂිකර්මාන්තයේ සමස්ථය ව්‍යසනයට ලක් වෙමින් ඇත. මේ ගොවිතැන හුදු කාබනික ගොවිතැනකට එක රැයකින් පත් කළ නොහැකි බව ක්ෂේත්‍රයෙන් ලැබෙන සෑම ප්‍රායෝගික දත්තයකින්ම පැහැදිලි වෙමින් තිබේ.

අක්මීමන හියාරේ ප්‍රදේශයේ ගොවීහු මහා පරිමාණයෙන් ඉඟුරු වගා කරති. කාබනික පොහොර යොදා කරන්නට ගිය ඉඟුරු වගාව මුලුමනින්ම ව්‍යසනයට ලක් වී තිබේ. ඔවුහු කරකියා ගත හැකි දෙයක් නොමැතිව සිටිති.

රසායනික පොහොර හා  දිලීර නාශක  නොමැතිවීම නිසා   ඉඟුරු වගාවේ අස්වැන්න සියයට හැත්තෑපහකින් පමණ අඩුවී ඇති බැව් ඔවුහු අපට හඬා නොහඬා කියති.

විනාස වූ වගාවේ ස්වරූපය

අපි අක්මීමන හියාරේ නැගෙනහිර ප්‍රදේශයේ ඉඟුරු ගොවීන් සොයා ගියෙමු. දිලීර රෝගයක් වගාව වසාගෙන පැතිරී ගොස්ය. කළ යුතු දේ ඔහුවු දනිති. එහෙත් වෙළෙඳපලේ දිලීර නාශක නැත.  අක්කර ගණන් වගාව කැලෑවට යන්නට සමහරු ඉඩ දී සිටිති.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හියාරේ නැගෙනහිර ප්‍රදේශයේ ඉඟුරු ගොවියකු වන ඩබ්ලිව් සුගතපාල   මෙසේ කිවේය.

“ඉඟුරු වගාව මෙම කන්නයේ දි විනාසයි. පොහොර හා බෙහෙත් නෑ. මේ වතාවේ අස්වැන්න සියයට හැත්තැපහකින් පමණ අඩුවෙලා. නෙලනවාටත් පාඩුයි. කැළැවට අත්හැරලා තියෙනවා.“

“මම ඉඟුරු අක්කරයක් පමණ වගා කළා. ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් වැයවුනා. වියදම් කරපු මුදලවත් මේ වතාවේ හොයාගන්න බැරිවෙනවා. වෙනදා  ඉඟුරු පදුරකින්  කිලෝ දෙකහමාරක් විතර අස්වැන්නක් ගන්න පුළුවන්. නමුත් මේ වතාවේ  ඉඟුරු පඳුරකින් ග්‍රැම් 250ක් වත්ත ගන්න බැහැ. ඉඟුරු රටින් ගෙනවන්නේ නැති නිසා අපි මහාපරිමානයෙන්  ඉඟුරු වගා කළා. චයිනා ඉඟුරු වලට  කාබනික පොහොර හරියන්නේ නැහැ.“

ඩබ්ලිව් . සුගතපාල

රංජිත් අඹවත්ත  (56) තවත් ඉඟුරු ගොවියෙකි.

“දැනට වසර 15 පමණ  සිට මම  ඉඟුරු වගාව කරණවා. මේ වතාවේ  අක්කර තුන්කාලක විතර  ඉඟුරු වගකළා. ඉඟුරු බිජ කිලෝ 500ක් විතර වගා කළා. බිජවලට රුපියල් ලක්ෂයක් විතර ගියා. කාබනික පොහොර, කුකුළු පොහොර යොදා තමයි වගා කළේ. සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ දෙකක් පැන්නා. ඉඟුරු වගාවට දිලීර හානියක් ආවා. නමුත් ඒ සඳහා දිලීර නාශකයක් නැහැ. මේ නිසා මේ කන්නයේ දි ඉඟුරුවගාවේ අස්වැන්න සියයට හැත්තැපහකින් විතර අඩුවෙනවා.“

“ කෘෂිකර්මාන්තය මේ විදිහට දැන් කරන්න බෑ.  දිලීර හානි සඳහා යෙදීමට වෙළඳපොළේ දිලීර නාශක නැහැ.  කාබනික  හා  රසායිනික පොහොර සියයට පනහ පනහ වගේ යෙදුවානම් වගාව සාර්ථක වෙනවා. සම්පුරණයෙන්ම කාබනික පොහොර යොදලා ඉඟුරු වගා කරන්න බැහැ. වෙළදපොළේ තියෙන ඇතැම් කාබනික පොහොරවල නිසි ප්‍රමිතියක් නැහැ.

රංජිත් අඹවත්ත

අසන අසන කෙනාට ඇත්තේ එකම කතාවය. ඒ තමන්ගේ ජීවිත මිහිදන් කර කාබනීකරණය කිරීමට ආසන්න බවය.

මේ එළි දකින්නේ කාබනික වගාවකට ප්‍රවේශ වීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට පෙර විමසා බැලිය යුතු ක්ෂේත්‍ර අත්දැකීම්වල ප්‍රතිඵලය. එහෙත් දැන් ඒ ප්‍රතිඵල ලැබෙන්නේ මේ රටේ කාබනික වගාවේ අස්වැන්න ලෙසය.

ඉදිරි වී වගාවට සිදුවිය හැකි ව්‍යසනය උදාහරණ සහිතව පෙනෙමින් තිබේ. බෝම්බයක් පුපුරවා ගත් විට කුඩුවන බව තහවුරු කරගන්නට බෝම්බ පුපුරුවාගෙන මිය යා යුතු නැත. එය තේරුම් ගැනීමට සූදානම් නැති පාලකයින් පිරිසක් සමග නියමිතව ඇත්තේ සාගතයේ මිය යන්නටය.

ඊට ලෑස්ති වෙමු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැනෝ නයිට්‍රිජන් දියර ලීටර ලක්ෂයක් ගුවන් මගින් අද රටට ගෙන්වයි!

Next Post

ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය කරන්න එපා… තමිල්නාඩු රජය ඉන්දීය ධීවරයින්ට උපදෙස් දෙයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.