බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කළු ජූලියට වසර 39යි… ජූලිය තවමත් කළුයි…

by editor
ජූලි 23, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

බීබීසී –  

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී, බොහෝ ශ්‍රී ලාංකික දෙමළ ජනයා, විශේෂයෙන්ම යාපනය අර්ධද්වීපයේ සිටි, මිෂනාරිවරුන් විසින් පිහිටුවන ලද අධ්‍යාපන පහසුකම් වලින් බොහෝ සෙයින් ප්‍රයෝජන ලැබූහ. එහි ප්‍රතිඵලයක් ලෙස යටත් විජිත පරිපාලනය ඉංග්‍රීසි කතා කරන දෙමළ ජාතිකයන් රැසක් කුසලතා පදනම මත රාජ්‍ය සේවයට සහ වෙනත් වෘත්තීන් සඳහා බඳවා ගන්නා ලදී. 1956 වන විට, රටේ ජනගහනයෙන් සුළුතරයක් වුවද, ලිපිකරු රැකියාවලින් 50%ක් දෙමළ ජාතිකයන් විසින් දරන ලදී. මෙම අසමතුලිතතාවය නිවැරදි කළ යුතු ගැටලුවක් ලෙස සිංහල නායකයෝ දුටුවෝය.

1956 දි ඉදිරිපත් කරන ලද ‘සිංහල පමණයි’ පනත මඟින් ඉංග්‍රිසි සහ දෙමළ භාෂාව පාවිච්චි කිරිමේ සාධාරණ අයිතියට සීමාවන් පන වන ලදි. මෙම ක්‍රියාවලියට එරෙහිව දෙමළ ජනතාව දැක්වූ විරෝධතාවලට ප්‍රචණ්ඩකාරී පිරිස් වලින් පහර ඵල්ල විය. මෙවැනි සිද්ධි ක්‍රම ක්‍රමයෙන් වැඩි වී 1958 දී ඇති වූ කැරැල්ලක් දක්වා එම තත්ත්වය වර්ධනය විය.

1960 දශකය පුරා පැවති විරෝධතා ව්‍යාපාර සහ ඒවා වැළැක්විමට රජය ගත් ක්‍රියා මාර්ග දෙපාර්ශවය අතර ද්වේශය වර්ධනය වීමට හේතු විය.

1971 දි දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය සහ වෙනත් සීමාකිරීම් හඳුන්වා දෙන ලදි. එයින් වඩාත් තහවුරු කරන ලද්දේ සිංහල සහ මුස්ලිම් සිසුන්ට පමණක් ඉඩදෙන ක්‍රියා පිළිවෙලකි. මෙහි ප්‍රතිඵලය වූයේ දෙමළ සිසුන් වැඩි පිරිසක් සන්නද්ධ කණ්ඩායම් කරා යොමු විමයි. මෙම නැගී ගෙන එන අංකුර තත්ත්වයන් සම්බන්ධයෙන් පොලීසිය ගත් ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලය වූයේ දෙමළ ජනතාව සහ රජය අතර විරසකය තව තවත් වැඩි වීමයි.

කළු ජූලියේ කළු මතක…

ඉන්පසුව 1977 දී එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණිමෙන් පසු “1977 කැරලි” යන නමින් හැඳින්වෙන කැරළි කීපයක් ඇති වුණි. 1981 දි ප්‍රචණ්ඩකාරි පිරිසක් විසින් ඉතා ප්‍රසිද්ධියක් ඉසිළු යාපනය පුස්තකාලය ගිනි තබන ලදි. 1983 දක්වා රජයත්, හතු පිපෙන්නාක් මෙන් බිහිවු දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරත් ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් ඇතිවුණි. සැළකිය යුතු සංඛ්‍යාවක් වූ මිනිමැරුම්, පැහැරගෙන යාම්, හිරිහැර කිරිම්, අතුරුදන් කිරිම් පිළිබඳව දෙපාර්ශවයට ම චෝදනා ඵල්ල විය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

කළු ජුලියේ සිදුවීම් පෙළ…

කළු ජුලිය ආරම්භ වුයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් 1983 ජුලි 23 වන දින උතුරේදී හමුදා රථ පෙළකට සැඟවී කරන ලද පහරදීම මුල් කරගෙනය. මෙය දෙමළ කැරලිකරුවන් විසින් කරන ලද පහරදීම් පෙළක එක් පහරදීමක් පමණක් විය.

1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා ජීප් රියක්‌ සහ ට්‍රක්‌ රථයකට එල්ටීටීය විසින් ප්‍රහාර එල්ල කරනු ලැබීය.

කොළඹට වුණු ව්‍යනසය…

මුළින්ම රථ පෙළේ ඉදිරියෙන් ගමන් කරන ලද ජීප් රිය ඉලක්ක කරගෙන බිම් බෝම්බයක් පුපුරවන ලද අතර එයින් අඩුම වශයෙන් සෙබළුන් දෙදෙනෙක් තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. ජීප් රියට පසු පසින් පැමිණි ට්‍රක් රථයේ සිටි සෙබළුන් ජීප් රිය තුළ සිටි පිරිසට ආධාර පිණිස එළියට පැමිණි විගස ඔවුන්ට ස්වයංක්‍රීය ගිනි අවි හා අත්බෝම්බ ප්‍රහාර එල්ල කළහ. මෙහිදී එක් නිලධාරියෙක් හා සෙසු නිල 12 ක් මරණයට පත් වූ අතර , තවත් දෙදෙනෙක් බරපතල ලෙස තුවාල ලදහ. මුළු මරණ ගණන 13 ක් වූ අතර , එල්.ටී.ටී.ඊ ප්‍රාදේශීය නායකයෙක් වූ කිට්ටු විසින් මෙම පහරදීම සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම භාර ගන්නා ලදී.

මෙම සිද්ධිය මුල් කරගෙන පසුව ඇති විය හැකි විනාශකාරී ක්‍රියා නැවැත්වීමේ අරමුණෙන් මියගිය ඒ පහලොස් දෙනාගේ මළ සිරුරු පිළිබද අවසන් කටයුතු ඉතා නිහඬව බොරැල්ල කනත්තේදී කිරීමට රජය කටයුතු කළේය.

මෙය සාමාන්‍ය ක්‍රියා පිළිවෙලට විරුද්ධ වීමකි.

සාමාන්‍ය පිළිවෙල විය යුත්තේ මියගිය සෙබලුන්ගේ සිරුරු ඔවුන්ගේ ගම්වල අවසන් කටයුතු කිරීමයි.

මියගිය හමුදා සාමාජිකයින්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබු 24 වැනිදා බොරැල්ල සුසාන භූමියට එකතු වු සිංහල සිවිල් වැසියන් පිරිසක් මෙම සිද්ධියට පසුබිම් වු පහරදීම ගැන කෝපයට පත්ව ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට තවත් පිටු බලයක් විය.

ඔවුහු සිදුවී ඇති දෙයට පළිගැනීමක් වශයෙන් දෙමළ ජනතාව සොයා යමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ. ඒ අතරවාරයේ මිනීමැරීම්, කොල්ල කෑම් සහ ගිණි තැබීම්ද සිදුවිය. සිදුවීම් මෙසේ පෙළ ගැසෙද්දී නගරය අත්හැර පලා යන ඇතැම් දෙමළ ජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට මිතුරු සිංහල නිවෙස් සහ අසල්වැසියන් උපකාර කර අවස්ථාද තිබේ.

කොටුව මල්වත් පාර….

රජය 24 දින සැන්දෑවේ කොළඹට හදිසියේම ඇඳිරි නීතිය පැනෙව්වේය. කලහකාරී තත්වයේ අති දරුණු ස්වභාවය හේතුවෙන් පොලීසිය ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අසමත් වුහ. එක්කෝ අකමැති වුහ. මෙම පසුබිම තුළ පොලීසියේ සහායට හමුදාව කැදවීමට සිදුවිය.

ප්‍රචණ්ඩ ක්‍රියා දෙවැනි දිනයේදීත් නොකඩවා සිදුවිය. එය දෙමළ මිනිසුන් වැඩිපුර ජීවත් වූ මහනුවර, මාතලේ ,නාවලපිටිය, බදුල්ල සහ නුවරඑළිය වැනි ප්‍රදේශ මුල් කරගෙන මුළු දිවයින පුරා පැතුරුණි . මහමග ගමන්ගත් වාහන ගිනි බත් කරන ලදී. ඒවායේ ගමන් ගත් දෙමළ ජාතිකයෝ එළියට ඇද ඔවුනට පහර දුන්හ. නැතහොත් පිහි පොරෝ වලින් කපා කොටා මරා දැමුහ. ගිනි නිවන රථ පවා කැරළිකරුවන් විසින් පලවා හරින ලදී.

මෙම සිද්ධීන් වලින් සිදුවු අපකීර්තිමත් සිදුවීම්වලින් එකක් නම් වැලිකඩ අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ ජුලි 25 වන දින සිදුවු මනුෂ්‍ය ඝාතනයයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටි දෙමළ රැදවියන් 37 දෙනෙකු ඒ තුළම සිටි සිංහල සිරකරුවන් විසින් කැති පොලු ආදියෙන් පහරදී මරා දමන ලදහ. මෙම සිද්ධියෙන් දිවි ගලවා ගත් අය කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් මෙයට සහයෝගය දැක්වු බවයි.

28 වෙනි දින සිරගෙදර තුළම දෙවැනි මනුෂ්‍ය ඝාතනයද සිදුවිය. එහිදී තවත් සිරකරුවන් 15 දෙනෙකු මිය ගියහ.

ජුලි 26 දින ඇඳිරි නීතිය මුලු දිවයිනටම බලපාන පරිද්දෙන් පනවන ලද්දේ දෙමළ ජනතාව ජීවත්වන දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින් මතුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියා තවදුරටත් පැතිර යාම වැලැක්වීමේ අරමුණෙනි.

විශාල හමුදා සහ පොලිස් පිරිසක් මුර සංචාරක කටයුතුවල යෙදීමත්, කැරළිකරුවන්ට එරෙහිව කටයුතු කිරීමත් හේතුවෙන් 26 වන දින සවස වන විට කැරළි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය තරමක් දුරට අඩුවිය.

යාපනය සිද්ධියෙන් මිය ගිය පිරිසගේ අවසාන කටයුතු ඇදිරි නීතිය පනවා තිබු රාත්‍රී කාලයක සිදු කරන ලදී. කොළඹට පනවා තිබු දිවා ඇදිරි නීතිය ඊට පසුදින ඉවත් කරන ලදී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන ඉන් පසුවද දින කිහිපයක් යන තෙක් සුලු සිදුවීම් වාර්ථා වුයේ ‘දෙමළ කොටින් නගරයට පහර දීමට එනවා’ යැයි ලැබුණු කට කථා ආරංචිවලට ප්‍රතික්‍රියාදැක්වීමක් වශයෙනි.

නැවතත් 29 දින ප්‍රචණ්ඩ ක්‍රියා පැවතුණි. එය ඉතා කෙටි එකක් විය.පොලීසිය ඉන් පසු කළ වෙඩි තැබීමෙන් කැරළි කරුවන් 15 දෙනෙකු මිය ගියහ. අගනුවරට පැය 24 පුරාම ඇදිරි නීතිය පැනවිණ. නගරයේ පාලනය යථා තත්වයට ගෙන ඒමට ආරක්ෂක හමුදාවට හැකි විය.

1983 ජූලි දෙමළ ජන සංහාරය නිසා ලක්ෂයකට අධික දෙමළ ජනතාවක් සරණාගතයන් වශයෙන් ඉන්දියාවට පලා ගියහ. රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මරණයට පත් වූ සංඛ්‍යාව 471කි. නිල නොවන සංඛ්‍යා ලේඛන අනුව මිය ගිය සංඛ්‍යාව 1500ක් පමණ වූ බව සඳහන්ය. තුවාල ලැබූ සංඛ්‍යාව 3769ක් වන අතර මංකොල්ල කෑම් සංඛ්‍යාව 3835 කි. නිවාස 8000ක් ද සාප්පු 5000ක් ද පමණ විනාශ වී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිකුරාදා ප්‍රහාරය නිසා අයි.එම්.එෆ් ණයත්  නැතිවීමේ   අවදානමක් ! – මූල්‍ය විශේෂඥවරියක් අනතුරු අඟවයි

Next Post

ශ්‍රී ලංකාව පාකිස්ථානයට හොද පාඩමක් විශේසඥයින් කියයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.