බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කනත්තේ මිනිස්සුන්ගේ කොවිඩ් ව්‍යසනය සියැසින් දුටුවෙමි…

by editor
දෙසැම්බර් 13, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

මුළු ඉඩ අක්කර තුන් කාලයි.. නිවාස 60යි… දරුවො 80යි… මුළු ජන ගහණය 350යි… වැසිකිළි 03යි… එක ළිඳයි… මහත්වරුනි. කොවිඩ් නිසා හුදෙකළා කළ මේ මිනිසුන් වෙනුවෙන් නිරෝධායනය වෙනුවට වෙන වචනයක් සොයා දෙන්න…

කනත්තේ මිනිස්සුන්ට මරණය අරුමයක් නොවේ. මේ මිනිස්සු මේ ලෝකයේ ඇති අශිෂ්ට බවත් අනිත්‍ය ස්වරූපයත් අතැඹුලක් කොට ගත් මිනිසුන්ය.මරණයත් සමඟ ජීවත්වෙන ඒ කනත්තේ මිනිස්සු දැන් ලොක්ඩවුන් කර සිටිති. ඔවුන් අතර කොවිඩ් වසංගතය පැතිර යමින් තිබේ.

අක්කර තුන් කාලක පිහිටි නිවාස 60ක ජීවත්වන 350කට අධික මේ අසරණයින්ගේ නිවාස පේළිය අසල මම නිරුත්තරව බලාගෙන සිටියෙමි. මුළු නිවාස පේළියේ 350 සඳහාම ඇත්තේ වැසිකිළි 03කි. එක් නාන ළිඳකි. ටකරම් හෝ තහඩු වහල යට වර්ග අඩි සීදෙසීයක් වත් නැති පටු කුඩා නිවාස තුළ හුදකළා කළ අන්ත අසරණ ජීවිත ගැන කියන්නට නිරෝධායනයට වඩා වෙනස් වචනයක් තෝරා දෙන ලෙස මේ සමාජයෙන් ඉල්ලන්නට සිතේ.

“මීටරයේ දුර, සමාජ පරතරය තියාගෙන සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් රකින්න“ ඒ වචන කුණු හරප සේ යළි යළි ඇසෙමින් මා පාරවනු දැනේ. මිනිසෙක් වීම සම්බන්ධව මේ මිනිසුන් ඉදිරියේ දී මුල්ම වරට විලි ලජ්ජාවට පත් වී සිටියෙමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උඩුකය නිරුවත් නොදරුවො කිළිටි මුව ආවරණ සහිතව ඒ පුංචි ඉඩෙහි තවමත් කෙළිදෙළෙනි. මහ පාර මට්ටමින් පහළ ඇති ඒ පටු ඉඩෙන් අඩියක් තබා ගත නොහැකි මිනිස්සු ලයිමේ ඉදිරිපස ඇති සීමිත ඉඩෙහි රොක් වී සිටිති.

කනත්තේ ජනපදය

“මොකද මල්ලි උනේ…“

මම පාර උඩ සිට පහළින් සිටි තරුණයෙක් විමසුවෙමි. ඔහු සිනාසුණේය. ඒ සිනාව තුළ වචන ගණනාවකින් කිය යුතු පිළිතුර ඔහු විසින් කැටි කර තිබිණි.

කී දෙනකුට පොසිටිව් වුණා ද?.

“ ඊයෙ වෙනකොට 19යි… ඊයෙ පොඩි එකෙකුට ලෙඩේ හැදිලා අරන් ගියා… අවුරුදු 13 යි පොඩි එකාට..“

“කට්ටියගෙම පී.සී.ආර් කළා ද?“

තරුණයා හිස වැනුවේය. තව කෙනෙක් ඈතින් සිට නූස් හඬින් මා ඇමතුවේය.

“මහත්තයා මීඩියා ද?. මම හිස සැලුවෙමි.“

වේයන්ගොඩ ආර්ථිකේ වැඩ කරපු දෙන්නකුට ලෙඩේ හැදුණා. ඒ අයට පරීක්ෂණ කරලා වාර්තා එන්න දවස් පහක් විතර ගියා. ඒ අස්සේ ගමේ මල ගෙවල් දෙකක් වුණා… ඒ නිසයි මේ සේරම උනේ…“ඔහු කීවේය.

ඔයාලට කෑම බීම කොහොම ද?

“අනේ දැනට කිසිම කරදරයක් නෑ… පන්දාහෙ බඩු මල්ල ලැබුණා. බේකරියෙ මහත්තයා පාන් දුන්නා. ප්‍රාදේශීය සභාවෙ සභාපති තුමත් ඇවිත් ගියා… “කිසිම අඬවැඩියාවක් නැත. තෘප්තිය හා සෑහීම ඇත්තේ සිතිවිල්ලක දුරය.

කනත්තේ පසෙක මේ කුඩා ජනපදයේ ජීවත්වන මිනිස්සු ඉපදී සිටියේ කුණු අදින්නටය. අනික් උන්ගේ බැල මෙහෙවර කරන්නටය. මේ අසරණයින්ගේ දරුවන්ට වේයන්ගොඩ පල්ලියෙ ඉස්කෝලය විවෘත වූයේ නැත. දෙවියන් වැඩ සිටින්නේ කොන්ක්‍රීට් කුරුස සහිත මහා පල්ලි තුළත් මකර තොරණින් හැඩ වුණු කොන්ක්‍රීට් බුදු ගෙවල්වලත් නොවන බව වේයන්ගොඩ මිනිස්සු දැන සිටියේ නැත. මේ   මිනිසුන්ට ජීවත් වීම සඳහා   ස්ථිර නිවාස ක්‍රමයක් මේ ඉඩෙහි හදන්න ගිය විට කන්ත්තේ වළලන්නට නියමිත මල මිනීවල අයිතිය ඉල්ලමින් ගමේ පන්සලේ හාමුදුරුවෝත් විරෝධතා පුවරු සහිතව මගට බැස්සා මතකය. “ හාමුදුරුවො බුද්ධාගමේ ද?“. එදා එක තරුණයෙක් ඒ සිවුරු පෙරවි පුද්ගලයාගෙන් විමසා තිබිණි. ඒ කතා එකිනෙක සිහියට එන්නේ මේ මිනිසුන්ගේ මුහුණුවල රැඳි අසරණකමත් සමඟය.

කනත්තේ ජනපදයට කොවිඩ් ආ හැටි

මේ මහා වසංගත සමයෙත් වේයන්ගොඩ අවට ප්‍රාදේශීය සභාවේත්, ඉන් පිටතත් කුණු ඇද්දේ ඔවුන්ය. වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සුද්ද පවිත්‍ර කළේ ඔවුන්ය. කනත්තේ වැඩ කළේ ඔවුන්ය. මිනියක් වළ දැමීමට මුල් වුණේ ඔවුන්ය. මේ පවිත්‍රකාරක බඳු අසරණයෝ අනෙක් මහේශාඛ්‍ය මිනිසුන්ගේ කුණු අතපත ගාන්නට ගොස් කොවිඩ් වසංගතයට ගොදුරු වී සිටියහ.

එතැනින් ඇරැඹුණු ජනපදයේ කොවිඩ් ආසාදිතයන් මේ වනවිට 20 දක්වා වැඩි වී ඇත. මීට ස්වල්ප වෙලාවට පෙර වාර්තා වූයේ ඔවුන්ගේ ජනපදයට ආ ගිය ඔවුන්ගේ ඥාතීන් 05 දෙනකුට ද මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇති බවය. තවත් පී.සී.ආර් පරීක්ෂණ පෙළක ප්‍රතිඵල ලැබෙන්නට නියමිතය. එක අතකට මේ රූපණය වෙමින් ඇත්තේ මේ සමාජයේ අශිෂ්ට තිරිසන් බව පුපුරා යන අවස්ථාවකි.

මේ මිනිසුන් බලහත්කාරයෙන් කනත්තේ පදිංචි වුණේ නැත. ඔවුන් එතැන පදිංචි කරන්නේ හොරගොල්ල වලව්වේ බලය යහමින් පැවැති සිරිමා අගමැතිනියගේ කාලයේය. ඒ කාලයේ දී ලයින් කාමර 12ක් එක පේළියට තනා ඒ නිවාස වල නගරයේ කම්කරු වැඩවලට සිටි පවුල් 12ක් පදිංචි කර තිබිණි. ඒ ගෙවල් දොළහ තවමත් ඉතිරි වී තිබේ. පුරා දශක පහක් තිස්සේ වේයන්ගොඩ කනත්තේ අක්කර තුන් කාලක් තුළ තනා ගත් ලයිම් ගෙවල්වල  60ක්  හැදුණේ ඒ මුල් මිනිසුන්ගේ දරු මුනුපුරන්ගෙනි.

දැනටත් මේ නිවාස තුළ නොදරුවෝ අසූවකට වඩා වැඩි පිරිසක් ජීවත් වෙති. ඔවුන්ටත් යන්නට එන්නට තැනක් නැත. ඉහළ අධ්‍යාපන අවස්ථාවක් සඳහා අවට පරිසරයම ඉඩ සලසන්නේ නැත. සමාජය විසින් දශක ගණනක් තිස්සේ මේ මිනිසුන්ව නඩත්තු කරගෙන ගොස් ඇත්තේ උන්ගේ බැල මෙහෙවර කර ගැනීම සඳහාය.

“අපි ලොක් ඩවුන් වෙලා ඉන්නේ. ලබන 16 වැනිදා ගමෙ දුවකුට පොලිසියට යන්න ඉන්ටර්විව් එකක් තිබුණා. විභාග පාස් වෙලා හිටියෙ. ඒ දුව ගැන පොලිසිය ලොකු මහත්තයට පී.එච්.අයිට කියලා එයාවයි පවුලෙ අයවයි වෙනම තැනටකට ගෙනිච්චා. පී.සී.ආර් කරලා දවස් ගානක් නිරෝධායනය කරන්න කියලා. ඊයෙ ටී.වී චැනල් එකක නිවුස් වල ගියා මිනිස්සු 03ක් වෙලෙන් පැනලා ගිහින් කියලා…“ ඒ අතරේ එක් අයෙක් අපට කීවේය. ඔවුන්ට ඔවුන්ව කොටු කළ වැටෙන් එපිටට අඩියක් තබන්නට ඉඩ නොදෙන බවට වූ අඳෝනාවක් ඒ කතාව තුළ තිබිණි.

කොවිඩ් පැතිරුණු ඒ මරණයේ ජනපදයේ තවමත් කෙළි දෙළෙන් හැසිරෙන ලපටි නොදරුවන් දකිමින් යන්නට හැරුණෙමි. ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ මේ ජනපදය ගැන කී කතාව සිහිවෙමින් තිබේ. ඔහු කීවේ කිසිම සෞඛ්‍ය පහසුකමක් නැති මේ ජනපදයේ මීටරයක් දුරින් මිනිසුන්ට ජීවත් වන්නට බැරි බවය. එක් කොවිඩ් ආසාදතයෙක් මේ ජනපදයම කොවිඩ් වලින් විනාශ කරන්නට සමත් බවය.

“එහෙනම් ඒ වගේ අනාරක්ෂිත තැනක මේ මිනිස්සු නිරෝධායනය කරනවා කියලා මේ කරන්නෙ මොකක් ද?“  ඔහු සිනාසුණේය.

මල්ලි මොකද  වුණේ… මා එසේ ඇසූවිට මුවින් නොබැන සිනාසුණු තරුණයාගේ සිනාවේ ඇති කතාව තේරුම් ගත හැකි විය. එහෙත් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ සිනාවේ අර්ථය වටහා ගන්නට තවමත් උත්සාහ කරමි.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ්වලට හැදෙන දේශීය බෙහෙත් විද්‍යානුකූලව හරි ඉක්මනින් සොයන්න – අගමැති කියයි

Next Post

සිඟිති දරුවන් 03ක් ඇතුළු පවුල් දෙකක 06කට කොවිඩ්

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.