බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

එදා ප්‍රමුඛතා මංතීරු ගෙනාවේ පොදු ජනතාව වෙනුවෙන් මගී ප්‍රවාහන බස් එකට ඉඩක් දෙන්න…

 අද වනවිට “ජෑම්“ වී ඇති මං තීරුවට  මුල පිරූ  නියෝජ්‍ය පොලිස්පති කියන කතාව

by editor
සැප්තැම්බර් 18, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

ප්‍රමුඛථා මංතීරුවකින් මූලිකව බලාපොරොත්තු විය යුත්තේ බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවා වාහනවලට වැඩි ප්‍රමුඛතාවක් ලබා දීම බවත් එයින් පෞද්ගලික තනි වාහනවලට ප්‍රමුඛතාවක් අපෙක්ෂා නොකළ යුතු බවත්  ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මෙරට මාර්ග පද්ධතියට හඳුන්වා දීමට මුල්වූ රථවාහන සහ මාර්ග ආරක්ෂාව භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න සඳහන් කරයි.

Amarasiri-Senarathna
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න

මේ දිනවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක වන ප්‍රමුඛතා මංතීරු ගැන  ඇති වී තිබෙන සංවාදයත් සමග එම සංකල්පය  මෙරටට හඳුන්වා දීමට මූලික වූ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව අදහස් විමසීමට ලංකාසර කටයුතු කළේය. එහිදී ඔහු අවධාරණය කළේ පොදු ප්‍රවාහන සේවය දියුණු වීමට නම් එය කාර්යක්ෂම ලෙස සුවපහසු ලෙස ජනතාව ගමන් කරන ප්‍රවාහන මාධ්‍යයක් විය යුතු බවය.  වැඩි පිරිසක් එකවර ගමන් කරන බස් රථවලට පාසල් ළමයින් සහ කාර්යාලයීය සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ වලට වැඩි පුමුඛතාවක් මාර්ගයේදී ලැබිය යුතු බවය.

කෙසේ වුවද මෙම තීරුවේ ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් ධාවනය කිරීම පිළිබඳව ඔහු දක්වන්නේ මෙවැනි අදහසකි.

“ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක මාර්ග කොටස් බොහෝ විට නගර ආශ්‍රිත ප්‍රදේශවල. මගී බස් රථයක් ධාවනය කිරීමේදී නගර ආශ්‍රිත උපරිම ධාවන වේගය නීතියට අනුව පැයට කිලෝ මීටර් 50 ක්. එසේම ත්‍රී රෝද රථයක උපරිම වේගය පැයට කිලෝ මීටර් 40 ක්. මගී බස් රථ ධාවන තීරුවට ත්‍රී රෝද  සහ යතුරු පැදි එක් කළ විට මගී බස් රථ බාධාවකින් තොරව ගමන් කිරීමට බාධාවක් එල්ල වෙනවා. ප්‍රමුඛතා මංතීරුව හදුන්වාදීමේ අරමුණ මේ තුළින් ඉටුවන්නේ දැයි ගැටලුවක් පැන නගිනවා.“

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ප්‍රමුඛතා මංතීරු නීතිය නිසා ඇති වී තබෙන තදබදය

“අධික මාර්ග තදබදයට හේතුව පෞද්ගලික වාහන අධික ලෙස මාර්ගයේ ධාවනය වීමයි.  සාමාන්‍යයෙන් කාර් එකක් කුඩා වෑන් රථයක් ගමන් එන්නේ උපරිම වශයෙන් හතර දෙනෙක්. එහෙම ගියත් එක බස් එකක යන පිරිස ගෙන යන්න ඒ වගේ වාහන 10කට වඩා අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නිසි ලෙස ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන සේවයක් තිබෙනවා නම් එයින් පාරේ තදබදය අපට සෑහෙන්න අඩු කළ හැකියි. එහිදී බස් රථවලට පමණක් වෙන්වූ මං තීරුවක් ඉතාම වැදගත්.  මගී ප්‍රවාහන බස් රථ ප්‍රමුඛතා මංතීරුව මගී බස් රථ ධාවනයට පමණක් වෙන් නොකර රටේ වැඩිම වාහන සංඛ්‍යාවක් ඇති ත්‍රී රෝද රථ සහ යතුරුපැදිත් එම මංතීරුවටම යොමු කර පුද්ගලික සුඛෝපභෝගී වාහන ධාවනයට මංතීරු දෙකක් හෝ තුනක් ලබාදෙමින් මේ සිදුකරන්නේ ඉදිරියේදී රථ වාහන තදබදය තවත් තීව්‍ර කරන්නක්.“ බව සේනාරත්න  වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේ වුවද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ පිට පළාත්වල සිට පැමිණෙන දිගු දුර ධාවනය කෙරෙන බස් රථ මෙම ප්‍රමුඛතා මං තීරුවෙන්ම ගමන් කිරීමට සීමා නොකොට එම බස් රථවලට වෙනත් මංතීරුවක්ද භාවිත කිරීමට ඉඩක් ලබා දීම වැදගත් බවයි. එසේ නොමැති වුවහොත් එවැනි බස්රථවලට ගමනාන්තයට ළඟා වීමට සෑහෙන වෙලාවක් ගත විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

ප්‍රමුඛතා මංතීරු ක්‍රමය දීර්ඝ අධ්‍යනයකින් පසු හදුන්වා දුන්නේ 2014 වසරේදීය. එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඒ සඳහා විශාල පිටුවහලක් ලැබුණු බවත් සේනාරත්න සඳහන් කළේය. එමෙන්ම මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්, පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් සහ කරුණු අධ්‍යයනය  කිරීමකින් අනතුරුව මගී බස් රථ සදහා වෙනම මංතීරුව හදුන්වා දුන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එම අධ්‍යයනයේදී එවකට සිටි ප්‍රවාහන ඇමති ලසන්ත අලගියවන්න   සමග බස් රථයකින් ගමන් කරමින් ප්‍රායෝගිකව ඇමතිවරයාව දැනුවත් කිරීමට පවා  කටයුතු කළ බවත් 2015 වසරේ ආණ්ඩු වෙනසින් පසු එම වැඩ සටහනට ලැබූ තිබුණු ප්‍රමුඛතාවය හීන වූ බවත් සේනාරත්න   පැවැසීය.

නැවතත් වත්මන් ආණ්ඩුව යටතේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක වූවත් ප්‍රමුඛතාවය ලැබී ඇත්තේ තනි පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් පැමිණෙන සුඛෝපභෝගී වාහන වෙනුවෙන් බව පෙනී යන බවත් සේනාරත්න   පැවැසීය.  අධික රථවාහන තදබදයට පිළියම් සෙවීමේදී පොදු මගී ප්‍රවාහන පද්ධතියට ජනතාව හුරුකිරීම වෙනුවට පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන මගියා ඔහුගේ පුද්ගලික වාහනයෙන් ගමන් කිරීමට උනන්දු නොකල යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඉදිරි දින කිහිපයේදී ප්‍රදේශ රැසකට තද වැසි

Next Post

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 35 කට මාරුවීම් – නාකොටික් ලොක්කොත් එළියට!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.