බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස් ඉදිරිපිට පියා මරා දමනු දුටු 12 හැවිරිදි දරුවෙක් වසර 07කට පසු පියාගේ ඝාතකයාට වෙඩි තබා මරා පොලිසියට භාර වෙලා! දැන් ඔහුට වයස 19 යි… 

by editor
මැයි 31, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

සිය දෙනෙත් ඉදිරියේ පියා වෙඩි තබා ඝාතනය කරනු දුටු 12 හැවිරිදි දරුවෙක් ඉන් වසර 07කට පසු පියාට වෙඩි තැබූ ඝාතකයාට වෙඩි තබා ඝාතනය කර තුවක්තුවත් සමග පොලිසියට භාර වීමේ සිද්ධියක්  හම්බන්තොටින් වාර්තා වේ. 

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

හම්බන්තොට සූචී ගම්මානය පාරේදී පසුගිය 21 වන දින පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළේය.  ඝාතනය සිදුවන්නේ  එදින රාත්‍රී 9.50ට පමණය. වෙඩි කා මිය ගියේ  හම්බන්තොට පදිංචි කොඩිතුවක්කුගේ සාගර නැමති 35 හැවිරිදි එක් දරු පියෙකි.

ඔහු  මිනි මැරුම් දෙකක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි අයෙක් බව පොලිසිය කීවේය.    මියගිය පුද්ගලයා සිය බිරිය හා වයස අවුරුදු 4ක දරුවා සමග  හම්බන්තොට සුචි ගම්මානයේ පිහිටි පල්ලිය පාරේ දී වෙඩි ප්‍රහාරයට ලක්වන්නේ    මාර්ගය හරහා ඇති මාර්ග බාධක ගැටිත්තක් මතින් යෑම සඳහා   යතුරු පැදියේ වේගය අඩු කරන අවස්ථාවේදීය.  වෙඩි තැබීම සිදුකර ඝාතකයා පලාගොස් තිබුණි. පොලිසිය මිනීමරුවා සෙවීමේ මෙහෙයුමක් දියත් කර තිබණි. 

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ අතර  පසුගිය 29  දා 19 හැවිරිදි තරුණයෙක්   මෙරට නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියද රැගෙන  හම්බන්තොට පොලිසියට පැමිණියේය. ඔහුගේ ගම බඳගිරියය. නම මනම්පේරිගේ චමොද් නිම්සරය. මේ ගැටවරයා  පොලිසියට පැමිණ කීවේ පසුගිය 21 දා රාත්‍රියේ සාගර කොඩිතුවක්කුව ඝාතනය කළේ තමන් බවය. 

හම්බන්තොට පොලිසිය සැකකරු අත් අඩංගුවට ගත්තේය. අනතුරුව සැකකරුගේ ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කළේය. දීර්ඝ ප්‍රකාශය අතර  තරුණයා පොලිසියට කීවේ තිගැස්සෙන කතාවකි.

“සර්.. ඒ 2016 අවුරුද්ද… මට අවුරුදු 12යි. මමයි තාත්තයා දෙන්න හරක් ගාලට යන ගමන් හිටියෙ. එදා මේ කාලකණ්ණි මනුස්සයා මගේ ඇස් දෙක ඉස්සරහා මගේ තාත්තාට වෙඩි තියලා මැරුවා. “  

“ අවුරුදු 12 මම මොනවා කරන්නද .  මම හිතුවා කවද හරි මේ කරපු අපරාදෙට පළිය ගන්නවා කියලා. අවුරුදු 07කට පස්සේ මට ඒ අවස්ථාව ලැබුණා. මම මගේ තාත්තා මගේ ඉස්සරහ මරපු  ඌට වෙඩි තියලා මැරුවා.”

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව හම්බන්තොට පොලිසිය ඊයේ (30) සවස 19 හැවිරිදි  සැකකාර තරුණයා  හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. 

සැකකරු ජුනි මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි  මහතා   ඊයේ (30) සවස නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර  විමර්ශන පවත්වන්නේය. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරුවරයෙක් අත්අඩංගුවට!

Next Post

වව්නියාවට සීනි කර්මාන්ත ශාලාවක්…. තායිලන්ත ආයෝජකයෙක් ආයෝජනයට සැරසෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.