බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අලි වැටින් වට වුණු ලංකාවේ පොහොසත්ම ඉස්කෝලෙ විදුහල්පති තරුණයා ලංකාසරට කී කතාව

by editor
නොවැම්බර් 17, 2020 - Updated on නොවැම්බර් 18, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
  • අවුරුදු 13ක් තිස්සෙ ශිෂයත්ව විභාගෙන් හොඳම ප්‍රතිඵල දෙන ඉස්කෝලෙ 8න් අතර ඉන්නවා…
  • පහුගිය අවුරුද්දෙ ලංකාවෙන් 02.. මේ සැරෙත් හොඳම ප්‍රතිඵලයක් ගෙනේවි..
  • ඉස්කෝලෙට එන ළමයින්ව තෝරන්නෙ නෑ… පුලුවන් හැම දරුවෙක්ම පාසලට ගන්නවා.
  • ගුරුවරු දරුවො වෙනුවෙන් ජීවිතයම කැප කරනවා… ඔවුන් පැය 12ක් වැඩ…
  • ලංකාවෙන් හොඳම ප්‍රතිඵල ගේන්නෙ මන්තරේකින් නෙමෙයි… ළමයි ඇතුළෙ තියන විභවය මතු කරලා…

ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ඇත්තේ අලිවැටකින් වටවී ය.  අලිවැට කඩාගෙන අලිත් පාසලට එන්නේය. පාසලට යන එන මගත් අලියෙක් දෙන්නෙක් මුලිච්චි නොවෙනවා නම් ඒ කලාතුරකින්ය.

අලි වැටකින් වටවුණු බව සැබෑය. ඒත් මේ අපූරු ඉස්කෝලය ලංකාවේ ඇති පොහොසත්ම ඉස්කෝලය වග බොහෝ දෙනෙක් දන්නේ නැත. ලංකාවේ අධ්‍යාපන සංස්කෘතිය වෙනස් කරමින් වින්දනීය මානයක් වෙත එය රැගෙන ගොස් දරුවන් පෝෂණය කිරිමේ ප්‍රායෝගික ආදර්ශය දුන් පාසල මේ පාසලය.  වග   ගුරු වෘත්තියේ උත්තුංග ප්‍රභාව මේ යැයි කට  ඇර කිව හැකි ගුරුවරු සහිත පාසල් ආදර්ශය මෙයය.  මේ අධ්‍යාපන ක්‍රමයේ ත්‍රාඩ කාලකන්ණිකම තුළ ශේෂ වූ යහපත් මානයන් සොයාගෙන දරුවන් වැඩිය හැකි බව අවුරුද්දකට සැරයක් ලංකාවටම හඬගා කියන පාසල මේ පාසලය.   ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වීමත් සමග යළිත් මහව සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය  ගැන කතා කරන්නට රටට සිදුවී ඇත්තේ ඒ නිසාය.

සිරිමාවෝ බණ්ඩානරනායක ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය

මේ ඉස්කෝලයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගෙට හිටියේ සිසුන් 123කි. ඉන් ලකුණු 190ට වැඩි  දරුවෝ 14ක්  වෙති. ලකුණු 180ට වැඩි  පැටව් 38කි.  සිසුන් 123න් 118ක් ලකුණු 150ට වැඩියි. සියලුම දරුවෝ ලකුණු 115ට ඉහළින් සිටිති. අපට නම් මහා පුදුමයක් බඳු අලි කැලේ මැද පිහිටි මේ ඉස්කෝලේ විදුහල්පති තුමා සමග කතා කරන්නට හිතුවේ මේ කුමණ පුදුමයක් දැයි “ලංකාසර“ අපටත් නොතේරෙන නිසාය.

තවමත් තරුණ වියේ පසුවන මේ විදුහලේ කෙටි ඉතිහාසය තුළ දෙවන විදුහල්පතිවරයා  විදුහල්පති. පුබුදු රණසිංහ. පුබුදු රණසිංහ විදුහල්පතිවරයා සමග ලංකාසර කළ කෙටි සාකච්ඡාව මෙසේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

ප්‍රශ්නය –  මේ  විදුහලේ ඉතිහාසය ඉතාම කෙටියි…  මේ ඉස්කෝලෙ පටන් ගත්තේ කොහොම ද?.

පිළිතුර – ඔව්.. ඉස්කෝලෙ පටන් ගන්නේ කැලෑවකින් වැහැලා තියන බිත්ති හතරක්  සහිත ගරා වැටුණු ගොඩනැගිල්ලකින්. අලි ගහන කැලෑවෙ   වහලෙවත් තිබුණෙ නැති නිකම්ම බිත්ති හතරක්… රජයේ ඉඩමක තිබුණු මේ ගරා වැටුනු ගොඩනැගිල්ල    ප්‍රදේශවාසීන්, රජයේ ආයතන එක්ක එකතුවෙලා  පිළිසකර කරලා යන්තම් නොතෙමෙන්න හදාගෙන දරුවො හතර දෙනෙකුගෙන් මේ ඉස්කෝලෙ පටන් ගන්නේ දෙදාස් තුනේදි.

ඒ අතීතයට මා නම් සිහි කරන්නෙ ගෞරවයෙන්.  ඒක එක් මනුෂ්‍යයෙකුගේ ආශ්චර්යයක් වැනි අප්‍රමාණ උත්සාහයක ප්‍රතිඵලයක්.  ඔහු  හිටපු විදුහල්පති තුමා වරුණ බණ්ඩාර. ඔහුත් සමග හිටපු ගුරු මණ්ඩලයෙ කීප දෙනා… මහ කැලෑවක ඔවුන් පාසලක් නෙමෙයි අධ්‍යාපන සංස්කෘතියක් ප්‍රතිනිර්මාණය කළා.

හිටපු විදුහල්පති කීර්ති බණ්ඩාර

ප්‍රශ්නය –  ඉස්කෝලෙ වාර්තාගත ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙළ ගැහෙන්නෙ කොයි විදිහට ද?

පිළිතුර –  අපේ පාසලේ මුල්ම ශිෂ්‍යත්ව සිසුන් කණ්ඩායම විභාගයට ලියන්නේ 2007 දි.  ඔබ දන්නව ද?. මේ අලි කැලෑවෙ අටවගත්ත මඩුවෙ පටන් ගත්ත ඉස්කෝලෙට  වරුණ බණ්ඩාර මහත්මයයි ගුරුවරු ටිකයි ගෙවල් ගානෙ ගිහින් එකතු කරන් ඇවිත් උගන්නපු    දරුවො ටික ශිෂ්‍යත්වය  පාස් උනේ ඉස්කොලේ ලංකාවෙන් පළමුවෙනි තැනට අරන් එන විදිහට.   එදා ඉඳලා  පසුගිය අවුරුද්ද  දක්වා අප ලංකාවෙ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල වාර්තා කළ පාසල් 8 ඇතුළෙ හිටියා.  2017 අ‍පේ පාසල ලංකාවෙන් 2. 2018 දි ලංකාවෙන් 3. ගිය අවුරුද්දේ ලංකාවෙන් 2. ලංකාවෙන් වැඩිම ලකුණු ගත්තු දරුවා හිටියෙ අපේ ඉස්කෝලෙ.

ප්‍රශ්නය  – ඔබ පාසලට දරුවො අතුළත් කරගන්නවිටම තෝරා ගැනීමක් කරනව ද?. විශේෂ දක්ෂතා සහිත දරුවො විතර ද පාසලට ඇතුළත් කරගන්නෙ.

පිළිතුර –  එහෙම කොහොම ද තෝරන්නෙ.   පාසලේ එක වසරට ඇතුළත් කරගන්නෙ පුංචි දරුවො. මේ අවට ඉන්න ගොවී ගම්මානවල අහිංසක මිනිස්සුන්ගෙ දරුවො මේ ඉස්කෝලෙට එන්නේ… එක වසරට එන පුංචි එකෙක් කොහොමද තෝරන්නෙ හොඳයි ද නරකයි ද කියලා.

ප්‍රශ්නය –  කොහොමද ඔබේ පාසලේ දරුවන් මේ පුදුම හිතෙන ප්‍රතිඵල වාර්තා කරන්නේ.

පිළිතුර –  ඒක මේ පාසලේ ඇති කරලා තියන සංස්කෘතියෙ ප්‍රතිඵලයක්… ඔබ පුදුම හිතේවි මේ පාසලේ ගුරුවරු කරන කැප කිරීමේ ප්‍රමාණය දිහා බලනකොට. ඔවුන්  මේ දරුවො එක්ක ඉගනුම් ඉගැන්වීම් කරන්නේ වින්දනයක් ලබමින්. උදේ හතේ ඉඳන් හවස පහ පමණ වෙනකම් ඔවුන් ගත කරන්නෙ පාසලේ දරු පැටවු එක්ක.

මේ උදේ ඉඳන් හවස් වෙනකම් කරන අධ්‍යාපනය පොතේ පතේ කරන අධ්‍යාපනයට ලඝු වෙන්නෙ නෑ… අධ්‍යාපනය කියන්නෙයි ඉගනීම කියන්නෙයි දෙකක්. දරුවො සෙල්ලම් කරනවා. ගුරුවරු එක්ක ක්‍රීඩා කරනවා. ඔවුන් පරිසරය එක්ක ගැටෙනවා. නානවා. ගස් නගිනවා. ඒ වගේම තමයි අන්තර්ජාලය හරහා තොරතුරු එකතු කරනවා. පරිගණක භාවිතයෙන් නිර්මාණ කරනවා. ඒ අතර තමයි විෂය කරුණු හදාරන්නේ. මේ පාසල ඇතුලෙ තියන අධ්‍යාපන ක්‍රමය දරුවො විඩාවට පත් කරන එකක් නෙමෙයි. මේ දරුවො පාසල ඇරිලා ගෙදර යන්න කැමති නැති තැනක ඉන්නෙ.

මේ කාලය ඇතුළෙ මේ පැටවුන්ට   පොෂණ ආහාර ලැබෙනවා. තේ ලැබෙනවා… ඔවුන්  පරිසරය මෙන්ම ළමා කාලයේ අරුමය විඳිමින් ඉගන ගන්නවා… ඔවුන් ඇතුළෙ තියන විභවය මතුවෙන්නෙ ඒ සියලුම ක්‍රියාකාරකම් එක්ක. හැම දරුවෙක් තුළම තියන යහපත් ශක්තිය අවදි කිරීම තමයි ගුරුවරයෙකුගෙ  කොටස. ඒ වගකීම කළා කියන හැඟීම අප තුළ තිබෙනවා…

හිටපු විදුහල්පතිවරාය ඇතුලු ගුරු මණ්ඩලය

ප්‍රශ්නය –  උදේ හතේ ඉඳන් සවස 6 වෙනකම් උගන්වන ගුරුවරු ගැන ඔබ කියනවා… විවිධ ආකල්ප සහිත ගුරු මණ්ඩලයක් මේ රාමුව ඇතුළෙ පරිපාලනය  කරන්නෙ කොහෙම ද?

පිළිතුර – මේක  හරිම වෙනස්… අපිව හැඩගස්වන්නෙ ආකල්ප. අමුතුවෙන් පරිපාලනය කරන්න දෙයක් නෑ… ඔවුන් සියලු දෙනාම මේ සංස්කෘතියට හැඩ ගැහිලා ඉන්නේ. දැන් ඔවුන් හැම දෙනාටම ලොකු වගකීමක් ඇවිත්  තියනවා මේ පාසල පවතින තත්වයෙන් පවත්වාගන්න.  ඒ වෙනුවෙන් ඔවුන් කැප වෙන ආකාරය දැක්කොත් ඔබ පුදුම වේවි.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් පාසල් වෙලාවෙන් අනතුරුව මුළු ගුරු මණ්ඩලයම කැප වෙනවා.  මෙවර ශිෂ්‍යත්ව පන්ති භාරව සිටි නියෝජ්‍ය විදුහල්පති  චන්දන තෙන්නකෝන් මහත්මයාත්,  ඊ.එම්.සී.මල්කාන්ති  මහත්මියත්, සුභාෂිණි සිරිමාන්න මහත්මියත් මේ දරුවො වෙනුවෙන් කැප වුනේ තමන්ගෙ දරුපැටවු අමතක කරලා… මම කියන්නෙ මේකයි. යහපත් අධ්‍යාපන විනයක් සහිත සංස්කෘතියක් අපි හැදුවා. එහි ප්‍රතිඵල ඉතාම ආනන්ද ජනකයි.

රටක් විදිහට ගත්තොත් අපි හරිම පොහොසත් මිනිස්සු. අපට මොනතරම් දේවල් කරන්න පුලුවන් ද අපේ ආකල්ප යහපත් විදිහට කේන්ද්‍රගත උනොත් කියන හැඟීම මට තියනවා.

නියෝජ්‍ය විදුහල්පති  චන්දන තෙන්නකෝන්

ප්‍රශ්නය – ඔබ කියනවා දරුවන්ට ලැබෙන පෝෂණ ආහාර ගැන. තේ අතුරුපස ගැන. මේක මිල අධික කටයුත්තක් නේද?. මේවට ප්‍රතිපාදන කොහොම ද?

පිළිතුර – මේ වැඩ පිළිවෙළ ගැන මේ දෙමව්පියො දන්නවා. මේ රටේ ඉන්න සබුද්ධික මිනිස්සු දන්නවා. මේ වැඩ පිළිවෙල අත් වින්ද පාසලේ දරුවො දන්නවා.  වැඩක් නිවැරදිව වෙන තැනකට එකතු වෙන්න මිනිස්සු පැකිලෙන්නෙ නෑ. ඒවා සංවිධානය වෙන්නෙ ඔවුන් අතින්. දරුවන්ට යහපතක් වෙනවා කියලා හිතනෙ තැනකට දෙමව්පියන් මොනව ද නොකරන්නෙ කියලා කල්පනා කරන්න. මේක සංස්කෘතික ව්‍යාපෘතියක්. එය හැදෙන්නෙ පාසලේ ගුරුවරු දරුවො අතර විතරක් නෙමෙයි. දෙමව්පියොත් ඒ වැඩපිළිවෙළට බද්ධ වෙනවා…

ඒ සියල්ලෙම ප්‍රතිඵලයක් තමයි හැම ශිෂ්‍යත්ව විභාගයකින්ම පස්සෙ අපට ලැබෙන්නෙ.

ප්‍රශ්නය – දැන් කොවිඩ් කාලෙ. ඔබ අයත් අතිශයින්ම  දුෂ්කර කලාපයකට. දැන් මොකද කරන්නෙ… කොහොමද ඔබ දුරස්ථ අධ්‍යාපනය අන්තර්ජලය හරහා කරන්නෙ?

පිළිතුර –  එය ගැටලුවක් ලෙසම ආවා. ඒත් කොහොම හරි අපි දරුවන්ව දෙමව්පියන්ව දැනුවත් කරමින් මේ තාක්ෂණයට බොහෝ දෙනෙක් හුරු කළා. දැන් ගූගල් ක්ලාස් රූම් වාගෙ යෙදවුමකින් දරුවන්ට උගන්වන්න පුලුවන් තැනකට අපි ඇවිත් තියනවා. ඒ වෙනුවෙන්ම අපේ ගුරුවරු වීඩියෝ හදනවා. ඒ වෙනුවෙන්ම වැඩ සටහන් සැලසුම් කරනවා. ඔවුන් මේ තාක්ෂණික අත්දැකීම ඇතුළෙ වඩාත්  ප්‍රායෝගිකව අලුත් දේවල් කරනවා.  මේ වැඩත් එක්ක බද්ධ වෙන්නම අහපසු දරුවො පිරිසක් ඉන්නවා. අපි කරන්නෙ ඔවුන් වෙනුවෙන් සමස්ථ පාඩම් මාලාව වීඩියෝ කරලා සී.ඩී. තැටිවලට අරන් ගෙවල් වලට ගිහින් දෙනවා.

මේක මග හරින්න බැරි අභියෝගයක්. ඒ අභියෝගය එක්කයි අපි ඊලඟ කඩඉමට යන්න ඕන. එය අපි කරමින් ඉන්නවා.

 

 

 

 

 

 

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

“කහ ඉඟුරු තහනම හොඳයි ඒත් හිගය මකන්න ගෙනා කහ නිදහස් කරන්න”

Next Post

ඊයේ දවසට කොවිඩ් මරණ 05යි… ආසාදිතයන් 398යි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.