බ්‍රහස්පතින්දා, ජූලි 9, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කෙළවර කොතැන ද?…

by editor
ජූලි 9, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

2026 ජූලි 8 වනදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ ඇති කරගෙන තිබූ අතුරු සටන් විරාම ගිවිසුම “අවසන්” බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර හමාරය.  මෙම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු, ඇමරිකානු සන්නද්ධ බලකායන් ඉරාන ඉලක්ක වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළේය.

හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් කළ වාණිජ නෞකා වෙත ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බව එක්සත් ජනපදය පාර්ශවයෙන් ප්‍රකාශ විය. දැන් ලෝකය යළිත් ගිනි ගොඩකය. අප හිතනවාට වඩා තත්ත්වය වේදනාත්මකය. බරපතලය. මේ වනවිට  දෙපාර්ශ්වය අතර අඛණ්ඩව දෙවන දිනටත්  සෘජු මිලිටරි ප්‍රහාර හුවමාරු වෙමින් ඇත.  කලාපය තුළ ස්ථිර සාමයක් ඇති කර ගැනීම සඳහා පවතින අවසන් බලාපොරොත්තු බිඳ වැටෙමින් ඇති අයුරු දකිමු.

මෙලෙස බිඳ වැටී ඇත්තේ, සතුරුකම් තාවකාලිකව නතර කර ස්ථිර සාමකාමී එකඟතාවයකට පැමිණීමේ අරමුණින් 2026 ජූනි මාසයේදී අත්සන් කරන ලද “ඉස්ලාමාබාද් මතක පත්‍රිකාවේ” (Islamabad Memorandum) ප්‍රතිඵලයක් ලෙස බිහි වූ බිඳෙනසුලු සටන් විරාමයය. මෙම ගිවිසුම මීට පෙරද අවස්ථා කිහිපයකදීම උල්ලංඝනය වී තිබුණි. කෙසේ වෙතත්, උපායමාර්ගිකව අතිශය වැදගත් සන්ධිස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් වෙළඳ නැව් ඉලක්ක කර ගනිමින් ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇමරිකාව දැඩි ප්‍රතිප්‍රහාරයකට අවතීර්ණ විය.

තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුව අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ඉරාන නායකත්වය දැඩි ලෙස විවේචනය කළේය. ඔහු ඔවුන්ව හඳුන්වා දුන්නේ “මෝඩයන්”, “දුෂ්ටයන්” සහ “මිනිස් කුණු” (cuckoo, evil, and scum) ලෙසය. ඔවුන් සමඟ සාකච්ඡා කිරීම “කාලය නාස්ති කිරීමක්” බව පැවසූ ට්‍රම්ප්, ඉරානය තවදුරටත් මෙවැනි ක්‍රියාවල නිරත වුවහොත් මීට වඩා “බොහෝ සෙයින් දරුණු” ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක් ද කළේය.

ඇමරිකානු ප්‍රහාර: ඉලක්ක සහ බලපෑම

එක්සත් ජනපද මධ්‍යම අණදෙන කාර්යාලය (CENTCOM) තහවුරු කරන පරිදි, ඔවුන් මේ වන විට ඉරාන ඉලක්ක 80කට අධික සංඛ්‍යාවකට සාර්ථකව ප්‍රහාර එල්ල කර ඇත. මේවා අතරට ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති, අණදෙන සහ පාලන මධ්‍යස්ථාන, වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන, නැව් නාශක මිසයිල ගබඩා සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ තිබූ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නෞකා ඇතුළත් වේ. ජාත්‍යන්තර මුහුදු ගමනාගමනයට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම මෙම ප්‍රහාරවල ප්‍රධාන අරමුණ වී ඇති බව එක්සත් ජනපදය පවසයි.

RelatedPosts

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය ඉන්දීය ජාතික රැඳවියා කවු ද?

දකුණු ඉරානයේ සිරිකි, කේෂ්ම්, බන්ඩර් අබ්බාස්, බුෂෙහ්ර්, කොනාරක් සහ චබහාර් යන ප්‍රදේශවලින් ප්‍රබල පිපිරීම් වාර්තා වී ඇත. ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ චබහාර් හි පිහිටි මුහුදු ගමනාගමන පාලන මධ්‍යස්ථාන සහ ගබඩාවලට ප්‍රහාර එල්ල වී ඇති බවය. ඇතැම් ප්‍රදේශවල විදුලි බලය බිඳ වැටී ඇති අතර, ප්‍රහාර හමුවේ ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධති සක්‍රීය වී ඇති බව ද වාර්තා වේ.

ඉරානයේ ප්‍රතිප්‍රහාර

තමන් “දරුණුතම ප්‍රතිප්‍රහාරයක්” දියත් කළ බව ඉරාන මිලිටරි අංශ ප්‍රකාශ කරයි. බහරේන් සහ කුවේට් හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු (ෂෙයික් ඊසා ගුවන් කඳවුර ඇතුළුව) ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) කියා සිටී. එමෙන්ම ඇමරිකානු MQ-9 වර්ගයේ ඩ්‍රෝන් යානයක් බිම හෙළීමට තමන්ට හැකි වූ බව ද ඔවුහු පවසති. මෙම ප්‍රහාරත් සමඟ බහරේන් සහ කුවේට් රාජ්‍යයන්හි ගුවන් පද්ධති අනතුරු  ඇඟවීම් නාද වී ඇති අතර, ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කර තිබේ.

ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසම් ගරිබාබාදි ඇතුළු ඉහළ නිලධාරීන් අවධාරණය කරන්නේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම දැඩි පියවරක් ගැනීමට තමන් පසුබට නොවන බවය. ඇමරිකානු තර්ජන හමුවේ පසුබට නොවන බවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කරනු ලබන්නේ ඇමරිකානු කොන්දේසි මත නොව “ඉරාන විධිවිධාන” යටතේ බවත් ඔවුහු පවසති.

හෝමුස් සමුද්‍ර සන්ධිය

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට සම්බන්ධ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය ඇතුළු ඉරාන රාජ්‍ය හිතවාදී මාධ්‍ය, ඇමරිකානු ප්‍රහාර හඳුන්වා දී ඇත්තේ අන්‍යෝන්‍ය අවබෝධතා ගිවිසුම බිඳ දමමින් එල්ල කළ “නිර්ලජ්ජිත ආක්‍රමණයක්” ලෙසය. දකුණු දිග ප්‍රධාන වරායවල් සහ දූපත්වල සිදුවූ පිපිරීම්, සාගර යටිතල පහසුකම්වලට සිදු වූ හානි මෙන්ම සිවිල් ජනතාව මුහුණ දුන් විදුලි බිඳවැටීම් පිළිබඳව එහි වැඩිදුරටත් දක්වා තිබුණි. රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වෙද්දී ඇමරිකාව මෙලෙස කලබල වී ක්‍රියා කරන බව පවසන ෆාර්ස් පුවත් සේවය, ඉරාන හමුදා මූලස්ථානය උපුටා දක්වමින් කියා සිටියේ තමන් කිසිසේත්ම පසුබට නොවන බවය.

පර්සියානු බොක්කේ ඇති ඇමරිකානු ඉලක්ක වෙත තම හමුදාව සාර්ථකව පහර දුන් බව පවසන ඉරාන මාධ්‍ය, හෝමුස් සමුද්‍ර සන්ධියේ අයිතිය හෝ තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිදු බාහිර බලපෑමකට තෙහෙරානය යටත් නොවන බව සපථ කර සිටී.

ඉදිරි තත්ත්වය සහ ගෝලීය බලපෑම

මෙම නව ගැටුම්කාරී වටපිටාව හේතුවෙන් කලාපීය ආතතිය සමනය වනු ඇතැයි පැවති බලාපොරොත්තු සුන් වී ගොස් තිබේ. පර්සියානු බොක්කේ අස්ථාවරත්වය උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ද ඉහළ ගොස් ඇත. සටන් විරාමය අවසන් වුවද ඇමරිකානු නියෝජිතයන් තවමත් සාකච්ඡා සඳහා විවෘත විය හැකි බව ට්‍රම්ප් ඉඟි කර ඇතත්, ඉරානයේ සැබෑ චේතනාවන් පිළිබඳව ඔහු දැඩි සැකයකින් පසුවෙයි.

ලෝක බලවතුන් සහ කලාපීය මිත්‍ර රටවල් මෙම තත්ත්වය දෙස දැඩි අවධානයකින් බලා සිටින්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වැසී ගියහොත් හෝ එහි ගමනාගමනයට බාධා ඇති වුවහොත් සමස්ත ලෝක ආර්ථිකයටම ඉන් දැඩි බලපෑමක් එල්ල වන බැවිනි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

තත්ත්වය තවමත් ඉතා සංකීර්ණ සහ වෙනස් වන සුළු මට්ටමක පවතී.  දෙපාර්ශ්වයම අඛණ්ඩව අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සිටිති. විශ්ලේෂකයන් පවසන්නේ කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු නොවුවහොත්, මෙය මහා පරිමාණ කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

Next Post

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

Related Posts

dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026
සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

ජූලි 9, 2026

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026

විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි
  • කෙළවර කොතැන ද?…
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.