බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පිට්සා කලාවේ පිකාසෝ කෙනෙක් වූ ලාංකික සූපවේදියා

මාස්ටර් ඉන්ස්ට්‍රක්ටර්  ඔෆ් පීට්සා‘ සහතිකය ලැබූ පළමු හා එකම ශ්‍රී ලාංකිකයා ඔහුයි...

by editor
සැප්තැම්බර් 20, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

‘පීට්සා කියන්නේ කලාවක්. හරියට ඉගෙන ගත්තොත් දිනුම්. ඒ වගේම හොඳ ආදායම් මාර්ගයක්. මේ පීට්සා නිර්මාණ කලාව සූප ශාස්ත්‍රය ගැන උනන්දුවක් ඇති අපේ තරුණ පරපුරට කදිම අවස්ථාවක්. ‘

මෑතකදී  ජාත්‍යන්තර පීට්සා සූපශාස්ත්‍රය තුළ කෙනකුට ලැබිය හැකි ඉහළම අධ්‍යාපනික සුදුසුකම් සපුරාගත් අමල් සතරසිංහ කියයි.

ඉතාලියේ පදිංචිව සිටින අමල් එම ගෞරවනීය සහතිකයට හිමිකම් කීවේ වැනීසියේ පීට්සා ඇකඩමියේ පාඨමාලාවක් ඉහළින්ම සමත්වීමෙනි.

‘මාස්ටර් ඉන්ස්ට්‍රක්ටර්  ඔෆ් පීට්සා‘ සහතිකය ලැබූ පළමු හා එකම ශ්‍රී ලාංකිකයා

‘මාස්ටර් ඉන්ස්ට්‍රක්ටර්  ඔෆ් පීට්සා‘ සහතිකය ලැබූ අවස්ථාව

පළමු හා එකම ශ්‍රී ලාංකිකයා අමල්ය.  රටවල් 15ක ශාඛා පිහිටා ඇති මේ පීට්සා ඇකඩමියේ දී ලැබූ ජයග්‍රහණය පිළිබඳ අමල් මෙසේ පැවැසීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

‘මේක ඇත්තටම උපාධියක්. මේ සඳහා පාඨමාලා 5ක් සම්පූර්ණ කළ යුතුව තිබුණා. ඒ පාඨමාලා 5ම සමත්වුණාට පස්සේ ප්‍රායෝගික හා ලිඛිත විභාගය පැවැත්වෙනවා. ‘

ලොව ඕනෑම රටක පීට්සා උපදේශකවරයකු ලෙස සේවය කිරීමට අවස්ථාව හිමිවූ එම පාඨමාලාවට අමල් සමග අමෙරිකානු, ඉතාලි, රුසියා හා චීනයේ පීට්සා සූපවේදින් ද එක්ව සිටියහ. ඒ අතරට එක්වූ එකම ශ්‍රී ලාංකිකයා අමල්ය.

‘පීට්සා කියන්නේ  සූපවේදින්ට ලොව පුරා අධික ඉල්ලුමක් ලැබෙන ක්ෂේත්‍රයක්.  ආර්ථික අතින් ගත්තම ඉහළම මට්ටමේ රැකියාවක්. නමුත් අපේ රටේ තරුණ පරපුරට මේ ගැන නිසි දැනුමක් තිබෙනවාද කියන එක ගැටලුවක්. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ක්ෂේත්‍රවලට යොමුවෙන්න කියලයි. හැබැයි නවතින්නේ නැතිව ඉහළටම යන්න. ආශාව වගේ උනන්දුවත්, කැපවීමත් තියෙන්නම ඕනා. මගේ අත්දැකීම් අපේ රටේ තරුණ පරපුර සමග බෙදා ගන්න ඕනෑම වෙලාවක මම සූදානම්.‘ අමල් සතරසිංහ එසේ කීවේය.

44 හැවිරිදි අමල් ඉතාලියේ ගත කරන්නේ 17 වැනි වසරය. මේ දශක දෙකකට ආසන්න කාලයේදී ඔහු විසින් අත්පත් කරගනු ලැබූ තවත් පීට්සා ජයග්‍රහණය අපමණය.

මුල්ලේරියාව රාහුල මහා විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අමල් අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වේ. ඉතාලියේදී සිය ක්‍රීඩා දස්කම් මුවහත් කරගත් හෙතෙම මේ වනවිට ඉතාලියේ ක්‍රිකට් සම්මේලනයේ සහතිකලත් තරග විනිසුරුවෙකි. රැකියාවෙන් ඉඩ ලැබෙන විවේකයේදී ඔහු ඉතාලිය පුරා ඔහු ක්‍රිකට් තරග විනිශ්චය කිරීමට එක්වෙයි.

පීට්සා කලාවටත්, ක්‍රිකට් ක්‍රීඩාවටත් අමතරව ඔහු දක්ෂ සටන් කලා ශිල්පියෙකි. ගායකයෙකි. ඒවා ඔහුගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වර්ණවත් වූයේ එවැනි දේවලිනි. ඉතාලියේ පදිංචියට යාමට පෙර ඔහු ජපානයේ වසර 6ක පමණ කාලයක් ගත කළේය.  ඔහු සටන් කලාව ප්‍රගුණ කළේ ජපානයේදීය.  ඊට අමතරව ජපානයේදී ඔහු සංගීත කණ්ඩායමට එක්වී සිය ගායන හා වාදන දස්කම් ද මුවහත් කර ගත්තේය. විවිධ ක්ෂේත්‍රවලින්  ලොව ජයගත් ශ්‍රී ලාංකේය දූපුතුන් අතරට අමල් සතරසිංහ ද එක්වන්නේ ඒ අයුරිනි.

අමල් සිය පවුලේ සාමාජිකයන් සමග

අමල්ට ඇත්තේ පුදුමාකාර කියැවීමේ පිපාසයකි. ඔහු ඕනැම විෂයක් කියැවීමට උනන්දුවක් දක්වයි.

‘මම පුදුම විදියට දැනුම හොයාගෙන යන කෙනෙක්. ඕනෑම විෂය ක්ෂේත්‍රයකින් දැනුමක් ලබන්න අවශ්‍ය නම් මම ඕනෑම මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. මේ පීට්සා කලාව මම ඉගෙන ගත්තෙත් ඒ විදියටයි. ‘ ඔහු ශ්‍රී ලාංකේය තරුණ පරපුරට කදිම ආදර්ශයකි.

අමල් සිය ජීවිතය වර්ණවත් කරගත්තේ නිසි කළමනාකරණයකින් යුතුවය. ඒ සඳහා ඔහු නිවැරැදිව සැළසුම් කළේය. ඒවා තරුණ පරපුරට ඉතා වැදගත්ය. වෘත්තියෙන් පීට්සා සූපවේදියකු වූවත් ඔහු තමා තුළ සැඟව ඇති විවිධ හැකියාවන් එකිනෙක හඳුනාගනිමින් ඒවා ද ඉස්මතු කරගැනීමට සමත්වීම පුදුමාකාරය.

ඒ සියල්ල අතරතුර ඔහු දහම් පාසල් ගුරුවරයකු ලෙස ද කටයුතු කරයි. ඉතාලියේ ලූක්කා නගරයේ සමාධි සිංහල පාසලේ දී එහි වෙසෙන බොදු දරුවන්ට ගුණ නැණ කියා දෙන අමල් ශ්‍රී ලංකාවේ සිටි කාලයේදීත් දහම් පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

පීට්සා ක්ෂේත්‍රය පිළිබඳවත්, පීට්සා සූපවේදින්ට ජාත්‍යන්තරය තුළ ඇති පිළිගැනීමත් ශ්‍රි ලංකාවේ නොමැතිවීම එක්තරා අන්දමකට කනගාටුදායක කරුණකි. අනිත් අතට මෙරට තරුණ පරපුර පීට්සා ක්ෂේත්‍රයට යොමු වීමට ඇති බාධකයක් ද වේ.

‘ජාත්‍යන්තරයේ පීට්සා සූපවේදින්ට ඉහළ වැටුප් ලැබෙනවා. ඒ වගේම ලොකු පිලිගැනීමකුත් ලැබෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි දවසක ලංකාවට ඇවිත් මේ දැනුම අපේ තරුණ පරපුරට කියා දෙන්න.‘ අමල් එසේ කීවේය.

ඔහුගේ නිවෙස පිහිටා ඇත්තේ ඉතාලියේ ලූක්කා නුවර සුප්‍රකට පීසා කුලුන ආසන්නයේය. අමල්ගේ පවුලේ සාමාජිකයන් සිවුදෙනෙකි. බිරිඳ ඉන්දු ජයවික්‍රම ද ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂය. පුතු ඉනෝන් නිම්සඳු සහ දියණිය ඉනොලි  විසාක්‍යා අමල් – ඉන්දු කැදැල්ලේ සුරතලුන්ය.

Share69Tweet43
Previous Post

කැස්බෑ මස් කිලෝ 18ක් – මරා දැමූ කැස්බෑවන් 4ක් සමග මස් වැද්දන් 4ක් කොටු.

Next Post

හේමසිරි කොමිසමේ කියන කතා බොරු අවස්ථාවක් ලැබුණාම මම ඇත්තම කියන්නම්

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.