අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

දාම ඝාතක වියරු මවක් සේ චෝදනා ලැබ පුරා වසර 20ක්  සිපිරිගෙයි අපා දුක් විඳි නිදොස් ගැහැණිය!

by editor
ජූනි 9, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

ලලංක ජයකොඩි

මවක වීම කිසි අතකින්වත් පහසු නැත. කළලයක් ලෙස කුසෙහි වැඩෙන දා සිට කිරිකැටියකු ලෙස මෙලොවට බිහි කරන තුරුත් ඉන්පසුව දරුවා උස් මහත් කරන තුරුත් විඳින්නේ සුළුපටු වේදනාවක් නොවේ.

කළලයක් ලෙස මෙන්ම දරුවකු ලෙස වැඩිහිටියකු වූදරුවකු පවා මවක් විසින් රකින්නේ කිසිදු වෙනසක් නොමැතිවය. ඒ දරුවාගේ සැපත අපේක්ෂා කරන්නේ කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවමිනි. එතනින් නොනවතින මවක් වැඩිහිටියකු වන තම දරුවා පිළිබඳ උතුරන ආලය ඇය මිය යන තුරුම සිත්හි බරට තබාගෙන ජීවත් වන්නීය. තම දරුවා කොපමණ තරමේ වැඩිහිටියකු වුණත් කොපමණ තරාතිරමක සිටියත් දරුවකුගේ වේදනාවකදී මව තරම් සිත් පීඩා ලබන වෙනත් අයකු මේ ලොව සිටීදැයි මේ ලියුම්කරුට නම් කිසිදු සැකයක් නැත.

එතරම් දුක් ගැහැට විඳින්නී, එතරම්  දරුවක්ගේ සැපත පතන්නී සිය දරුවන් මරා දැමුවේ යැයි මුළු ලෝකයෙන්ම චෝදනා ලැබීම  කෙතරම් වේදනාවක් වනු ඇත්ද?. එතනින් නොනැවතී තම දරුවන් මරා දැමුවේ යැයි චෝදනාවට වසර 20ක අපා දුක් සහිත සිපිරිගෙදරක තැපීමට සිදු වීම වචනයෙන් විස්තර කළ හැකිද?

නමුත්, එවැනි සිදුවීමක් ඔස්ට්‍රේලියාවෙන් ඉතා මෑතකදී වාර්තා වූයේ සමස්ත ඕස්ට්‍රේලියානු අධිකරණ ක්‍රියාවලියටද දරුණු කළු පැල්ලමක් එක් කරමිනි.

කැත්ලීන් ෆොල්බිග්

 දරුවන් එකා පිට එකා මැරී වැටෙයි

කැත්ලීන් ෆොල්බිග්, ඇගේ පුතුන් වූ කේලබ් සහ පැට්‍රික් ද, දූවරුන් වූ සේරා සහ ලෝරා ද දශකයක් කාලයක් තුළ දී ඝාතනය කළ බවට ජූරියක් විසින් ඇය වැරදිකාරිය කළේය. අපරාධකාරියක වූ ඇයට 25 වසරක සිර දඬුවම් නියම විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වයස දින 19ත් මාස 18ත් අතර පසු වූ දරුවන් සිව්දෙනාම 1989 හා 1999 අතර කාල පරාසයේ දී එකා පිට එකා මැරී වැටෙද්දී නඩු විභාගයේ දී අධිචෝදකයන් විසින් ඇය ඔවුන්ගේ හුස්ම සිරකර මරා දමා ඇති බවට චෝදනා නඟන ලදී.

ඈ විසින් තම දරුවන් මරා නොදැමූ බව දිගින් දිගටම කියද්දී වුවත් හුස්ම හිර කළ බවට හෝ ශාරිරික හානියක් සිදු කොට ඇතැයි ද  දරුවන් මරා දමා ඇතැයි ද සනාථ කරන  කිසිදු භෞතික සාක්ෂියක් නොතිබුණු අවස්ථාවක වුවත් නොකළ වරදට වරදකාරියක් වූ කැත්ලීන් ෆොල්බිග් 2003 දී වසර 25කට සිරගත කරනු ලැබීය.

චෝදනා එල්ල වෙයි

ෆොල්බිග්ගේ නඩු විභාගය කේන්ද්‍රගත කෙරුණු  මාතෘත්වය සමග ඇය කළ අරගලය ඇය විසින් ලියා තැබුණු දිනපොත් ද ඇතුළු පරිවේශනීය සාක්ෂි මතය. , “ඔවුන් ගැන වරදකාරී හැඟීම මා පෙළයි” යනුවෙන් එම දිනපොත්හි තබා තිබූ සටහන්, අධිචෝදකයන් විසින් නඩුවේ පදනම දැම්මේය.

ෆොල්බිග්ගේ දරුවන්ගෙන් දෙදෙනෙක්: ලෝරා (වමේ) සහ පැට්‍රික් (දකුණේ)

1999 දී මෙම දිනපොත් පොලිසියට භාර දී තිබුණේ එකල ඇගේ සැමියා හා දරුවන්ගේ පියා වූ ක්‍රේග් ෆොල්බිග් විසිනි. සිය බිරිඳ වරදකාරිය බව ඇයගේ සැමියා විශ්වාස කළේ ය.  2000 වසරේ දී මෙම යුවළ එකිනෙකාගෙන් වෙන්විය. දරුවන් සිව් දෙනාගේ අහිමි වීමෙන් පසුව ඊළඟට ඈට අහිමි වූයේ සිය සැමියාය.

කලාතුරකින් සිදු වන ජාන විකෘතියක් නිසා සිදු වූ මරණ

ඉතා මෑත කාලයේදී සිදු කළ විද්‍යාත්මක අධ්‍යයනයක දී, ෆොල්බිග්ගේ දියණියන් දෙදෙනාටම CALM2 G114R නම් ජානමය විකෘතියක් ඇති බව නිරෝධවේදීන් කණ්ඩායමක් විසින් සොයා ගැනුනි.  මෙය ‘ක්ෂණික හෘද මරණය’ (sudden cardiac death/SDC) ඇති කළ හැකි විකෘති තත්ත්වයකි. ඇගේ පුතුන්ට ද වෙනස් ජානමය විකෘතියක් තිබූ බව සාක්ෂි මඟින් අනාවරණය කෙරිණි. මෙම විකෘතිය, මීයන් තුළ ඇතිවන හදිසි අපස්මාරය හා සම්බන්ධ වන්නකි. පුතු පැට්‍රික්ගේ මරණයට මාස කීපයකට පෙර ඔහුට අපස්මාර ග්‍රසනය ඇති වූ බව විමර්ශනයේ දී හඳුනාගෙන තිබිණි.

විකෘති ජානය සොයාගැනීමට හේතුවූයේ මහාචාර්ය කැරොලා විනොයිසාගේ පර්යේෂණයයි. මේ ජානමය විකෘතිය හා බැඳි, බොහෝවිට මාරාන්තික විය හැකි ‘කල්මොඩියුලිනොපති’ (calmodulinopathy) නම් හෘද රෝගය සම්බන්ධයෙන් මෙතෙක් ලොව පුරා වාර්තාවීඇත්තේ සිද්ධීන් 134ක් පමණක් යැයි  මහාචාර්ය විනොයිසා ප්‍රකාශ කළාය.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයයේ සිට පර්යේෂණය මෙහෙයවූ මහාචාර්ය කැරොලා විනොයිසා, ෆොල්බිග්ගේ DNAවල අසාමාන්‍ය ජානමය අනුපිළිවෙලක් ඇතැ යි ක්ෂණයෙන් දිස්වුණු බව පවසා සිටියාය.

“අපි පළවෙනි පරීක්ෂණේ කළාම, හරිම සැකකටයුතු ජාන ප්‍රභේදයක් හම්බුණා. ඒ කාලේ එනම්, 2018 නොවැම්බර්වල දී පවා, අපි හිතුවා, ෆොල්බිග්ගේ ළමයින්ගෙත් තියෙනවා කියලා හොයාගත්තොත්, වැරදිකාරයා මේ විකෘති ජානය  වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා,” ඇය බීබීසීයට පවසා තිබුණාය.

විද්‍යාවෙන් උත්තර සොයන්නැයි  ඉල්ලීම්

ෆොල්බිග්ගේ ඇතැම් මිතුරන් විසින් මෙහෙය වූ සමාජ ව්‍යාපාරයක් නිසාවෙන්, ඇගේ දණ්ඩ විනිශ්චය අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් මත පදනම්ව විචාරන්නැ යි ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් වූයේ ඇ සිරගතව සිටි කාලයේදීය.

ඒ අනුව 2021 මාර්තු මාසයේ දී, කීර්තිමත් විද්‍යාඥයන්, විද්‍යා උපදේශකයන් සහ වෛද්‍ය විශේෂඥයන් 90 දෙනෙකු විසින් අත්සන් තැබූ පෙත්සමක් NSW ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වෙත භාරදුන් අතර, ෆොල්බිග්ට සමාව දී වහාම නිදහස් කරන ලෙස එයින් ඉල්ලා තිබුණි.

පෙත්සමට අත්සන් තැබූවන් අතර නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනෙක් සහ ‘වසරේ ඕස්ට්‍රේලියානුවා’ නම් ජාතික සම්මානය ලැබූවන් දෙදෙනෙක්, හිටපු ප්‍රධාන විද්‍යාඥයෙක්, සහ ඕස්ට්‍රේලියානු විද්‍යා ඇකඩමියේ සභාපති වන මහාචාර්ය ජෝන් ෂයින් ද සිටිති.

“මේ නඩුව සම්බන්ධයෙන් මේ වන විට සොයාගෙන ඇති විද්‍යාත්මක සහ වෛද්‍යමය සාක්ෂි අනුව බැලුවම, මේ පෙත්සම අත්සන් කරන එක තමයි කළ යුතු නිවැරදි දේ.”යැයි මහාචාර්ය ෂයින් පැවසීය:

මහාචාර්ය කැරොලා විනොයිසාගේ පර්යේෂණය යි

ස්මාර්ට් ජංගම දුරකතනය දැක ෆොල්බිග් පුදුම වෙයි

ෆොල්බිග් වරදකාරිය ලෙස නොව නිවැරදිකාරිය ලෙස සිපිරි ගෙයින් එළියට පැමිණෙමින් කියා සිටියේ  නිදහස්වීම තමාට  “නිහතමානී බවක්” හා “කෘතඥ බවක්” දැනෙන     බවය. ”

හිරේ හිටපු පහුගිය අවුරුදු 20 පුරාවටමත්, සදාකාලිකවමත්, කවදත් මං මගේ දරුවො ගැන හිතුවා, දරුවො ගැන දුක්වුණා,” ඇය විඩියෝ ඔස්සේ කියනු ඇසිණි.

ඇගේ නඩුව යළි විචාරන්නැ යි ඉල්ලමින් මෑත වසරවල දී සමාජ ව්‍යාපාර ක්‍රියාත්ම කළ මිතුරන් හා ආධාරකරුවන්ට ද ෆොල්බිග් ඇගේ ස්තුතිය පුදකළා ය.

“ඒගොල්ලෝනොහිටියා නම්, මම මේ දුක්ඛිත සිද්ධියෙන් බේරෙන්නෙ නැහැ,” ඇය පැවසුවා ය.

ෆොල්බිග් බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විට ඇය පිළිගෙන තිබුණේ දිගුකාලීන මිතුරියක වූ ට්‍රේසි චැප්මන් ය. ෆොල්බිග් ස්මාට් ජංගම දුරකථන වැනි නවීනතාක්ෂණයන් ගැන “විශ්මය යට පත්වූ” බව  ට්‍රේසි චැප්මන් සඳහන් කළාය.

ෆොල්බිග්ට ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන්, කාලය මග හැරී  ගොසිනි. ඇයට ඇති එකම මානසික නිදහස වන්නේ නොකළ වරදකට වරදකාරියක ලෙස හංවඩු ගැසීම මිය යෑමට තිබූ ඛේදනීය ඉරණමෙන් මිදීමට හැකි වීම පමණි.

නීතිය උඩ ඇති ජීවිත

නීතිය මත පුද්ගල ජිවිත ඉරණම තීන්දු කිරීම එක් අතකින් දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි. ඉතා සිහි බුද්ධිමත්ව ක්‍රියාත්මක කළ යුතු අංශයකි. නීතිය මුලුමනින්ම  දේශපාලන බලපෑම් රහිත විය යුතුය.  එමෙන්ම නීතිය හැකි තරම් විද්‍යාවට සංවේදී විය යුතුය.

සාධාරණ විනිශ්චයක් දිය හැකි සාධනීය  මාවත ලෙස දැනට මේ ලොව සොයා ගෙන ඇති තාර්කිකම මාර්ගය විද්‍යාවය. එසේම මරණ දඬුවමට මෙහා දඬුවම් ක්‍රියාත්මක කළ යුතු යැයි ලොව පුරා පිරිසක් හඬ

නඟන්නේ ද ලොව පවතින මනුෂ්‍යයා අතින් නිර්මිත අන් සියලු දේ මෙන්ම නීතියද සියයට සියයක් සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවන බවට වූ මානව අත්දැකීම නිසාය.

වරදකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ  යුතු යැයි කෑකොස්සන් ගසන බොහෝ පිරිසක් අපේ රටේද සිටිති. සාපේක්ෂව නීතිය සාධාරණ යැයි විශ්වාස කරන ඕස්ට්‍රේලියානු  සමාජයේ වරදක් නොකරන ලද කාන්තාවකට මුළු ජීවිත කාලයම සිපිරි ගෙයක අපා දුක් විඳින්නට සිදු වූයේ නීතියේ තිබූ හිඩැස් නිසාවෙනි.

නීතියේ හිඩැස් අපමණ තිබෙන, දිනෙන් දින උසාවිවල නඩු ගොනු පිරෙන, මුදල් හෝ ලොකු සබඳතා නැති මිනිසුන්ට නීතියේ සාධාරණත්වය නමැති දොර වැසී ඇති ශ්‍රී ලංකාව වැනි රටක මරණ දඬුවම ක්‍රියාත්මක  කිරීම වැනි ඉතාම දරුණු දඬුවම ප්‍රකාශයට පත් කළහොත් නිස්කාරණයේ  ජීවිත කීයක් නම් අහිමි විය හැකි දැයි සිතා ගන්නටවත් බැරිය.

නීතිය ගැන විශ්වාසයක් නොමැති රටක අඩුම තරමේ ජීවිතය හෝ බේරි පැවතුනාදෙන්!

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත්අඩංගුවේ දී වෘත්තීය පුහුණු නිලධාරියෙක් මිය යෑම – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 07ක් අත්අඩංගුවට…

Next Post

බුදුන්ගේ දකුණු දළදාව වැඩ සිටින ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා අසලට අසූචි බැහැර කරලා!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.