අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ටයිම්ස් තේරූ ලෝකයේ හොඳම දරුවා ගේ කතාව

හැම දරුවෙක්ම හොඳයි.. ටයිම්ස් සඟරාව තේරුවේ ඇයයි... 

by editor
දෙසැම්බර් 12, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

  • අවුරුදු 12 දි  2017  තරුණ විද්‍යාඥවරියට හිමි අභියෝගතා සම්මානය දිනා ගත්තා..
  • ඊටත් පෙර  සයිබර් හිරිහැර (cyber bullying ) කල්තියා හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධිය භාවිත යෙදුමක් නිර්මාණය කළා…
  • අරමුණ ලෝකෙ මිනිස්සුන්ගෙ ගැටලු විඳන නිමැවුම් කිරීමයි… 
  • මේ පහළොස් හැවිරිදි දැරිය සමග සම්මුඛ සාකච්ඡාවේ දි මට දැනුණෙ අවුරුදු 60ක විද්‍යාඥවරියක් හා කතා කරනවා වගේ…. ඇන්ජලිනා ජොලී කියයි…

ලෝක ප්‍රකට ‘ටයිම්‘ අමෙරිකා සඟරාවේ නවතම කලාපය මේ මස 14 වැනිදා නිකුත් වන්නේ අන්තර්ජාතික වශයෙන් මෙතෙක් කාලයක් අඩුවක්ව පැවැති සමාජ සද්කාර්යයකට අත ගසමිනි. 1923 වසරේ මාර්තුවේ අමෙරිකාවේ නිව්යෝක් නුවරදී බිහි වූ මේ විශිෂ්ට සඟරාව වසර 97කට පසුව ‘වසරේ හොඳම දරුවා‘ තේරීමට අවධානය යොමු කර ඇත. ලොව පුරා මිලියන 2.4ක් පමණ අලෙවි වන ‘ටයිම්‘ සඟරාව සිය අලුත්ම විශේෂාංගය සමග දරුවන්ගේ ලෝකයටත් එබිකම් කරන්නේ ඒ අයුරිනි. 

ගීතාංජලී රාඕ

ඓතිහාසික වාර්තාවට හිමිකම් කියමින් ‘ටයිම්‘ සඟරාවේ කවරය සරසමින් වසරේ හොඳම දරුවා ලෙස නම්  කර ඇත්තේ  15 හැවිරිදි ගීතාංජලී රාඕ ය. ඉන්දීය සම්භවයක් සහිත ඇය ඉතා බුද්ධිමත් ළමා විද්‍යාඥවරියකි. නව නිපැයුම් සොයා යන්නීය. කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසින් තෝරාගනු ලැබූ ‘2020 වසරේ හොඳම දරුවා‘ දැන් අමෙරිකාවේ ජනප්‍රිය චරිතයකි.

අමෙරිකාවේ පදිංචි විවිධ ක්ෂේත්‍ර තුළින් අතිවිශිෂ්ට දස්කම් පෙන්වන වයස අවුරුදු 8-16 අතර දරුවන් පන්දහසක් අතරින්  තෝරාගත් වසරේ හොඳම දරුවන් පස්දෙනා අතරින් මුල් තැනට පත්වූ ගීතාංජලී රාඕ 2017 වසරේදී තරුණ විද්‍යාඥවරියට හිමි අභියෝගතා සම්මානය දිනාගනිමින් එරට වැඩි අවධානයට ලක්වූවාය. ඇය ලොව පුරා පැවැත්වෙන නවෝත්පාදන වැඩමුළු සඳහා සහභාගි වෙමින් මේ වසරේදී හොඳම තරුණ නවෝත්පාදන නිමැවුම්කාරිනිය ලෙසත් ගරු බුහුමන් ලැබුවාය. 

කුඩා වියේ සිටම ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව සම්බන්ධව හඬක් නගමින් ඇය අධ්‍යාපනය ලබන පාසල තුළ කැපී පෙනෙන සිසුවියක බවට පත්වූ ගීතාංජලි රාඕ දැරිය පවසන්නේ ඇය විද්‍යා විෂය කෙරෙහි යොමු වූයේ එවකට 10 හැවිරිදි දැරියක ලෙස රූපවාහිනි ප්‍රවෘත්ති නරඹමින් සිටියදි මිචිගන් නුවර ෆ්ලින්ට් පළාතේ පානීය ජල අර්බුදයක් සම්බන්ධව පැන නැගුණු ගැටලුවක පුවතක් හේතුවෙන් බවය. ජලයේ අන්තර්ඝත සංඝටක මැන බැලීමේ උනන්දුව අවසානයේදී ජලයේ ගුණාත්මකභාවයේ තොරතුරු ‘බ්ලූටූත්‘ තාක්ෂණය හරහා ලබාගැනීමට හැකි අයුරින් ‘කාබන් නැනෝටියුබ්ස්‘ මත පදනම්ව ටෙතිස් නමින් උපකරණයක් නිර්මාණය කිරිමට ඇය පොළඹවාලීය. නව සොයාගැනීම් අධ්‍යයනය කරන හොඳම තරුණ විද්‍යාඥවරියට හිමි අභියෝගතා සම්මානය ඇයට හිමිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ වෙනුවෙන් ඇයට අමෙරිකානු ඩොලර් විසිපන්දහසක මුදල් ත්‍යාගයක් ද හිමිවිය. ඊට පෙර ඇය පාසල තුළ ප්‍රකට වූයේ සයිබර් හිරිහැර (cyber bullying ) කල්තියා හඳුනාගත හැකි කෘත්‍රිම බුද්ධිය භාවිත යෙදුමක් නිර්මාණය කිරීමෙනි. එම මෘදුකාංගයේ නම ‘කයින්ඩ්ලි‘ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‘මට එය කළහැකි නම් ඔබටත් එය කළ හැකියි. ඕනෑම කෙනකුට එය කළ හැකියි‘ ඇය නවතම ‘ටයිම්‘ සඟරාවේ කවරයේ කතාවේ දී එසේ කීවේ ලෝක ප්‍රකට නිළි ඇන්ජෙලිනා ජොලී  සමග පිළිසඳරකට එක්වෙමිනි. 

ගීතාංජලිගේ මාපියන් භාරති සහ රාම් රාඕ ඉහළ අධ්‍යාපනික පසුබිමක් සහිත වූවෝ වෙති. ඔවුහු සිය දියණියගේ නොඉවසිලිවන්ත උත්සාහයටත්, ඇය සතු බුද්ධියටත් සාධාරණය ඉටු කරමින් නිරතුරුවම ඇයට දිරිය සපයති. 

ඔවුන්ට අනුව දියණිය විද්‍යාව සහ තාක්ෂණය භාවිත කරමින් සමාජයීය වෙනසක් ඇරැඹීම ගැන සිතන්නට පටන්ගෙන ඇත්තේ දෙවැනි හෝ තුන්වැනි පන්තිවල ඉගෙනුම ලබමින් සිටියදීය. තවත් වසර කිහිපයකට පසුව එනම් 7 වැනි පන්තියේදී ඇය විසින් ටෙතිස් උපකරණය නිර්මාණය කරනු ලැබුවාය. මේ යොවුන් දැරිය නව සොයාගැනීම් කෙරෙහි ඇති අවධානයට අමතරව පියානෝ වාදනයටත්, ඉන්දීය ශාස්ත්‍රීය නර්තනය හා ගායනය මෙන්ම පිහිනුම් හා කඩුහරඹ ක්‍රීඩාව කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කරන්නීය. 

විස්මිත බුද්ධියක් සහිත මේ දැරිය ‘ටයිම්‘ සඟරාවේ කවරයට පෙනී සිටිමින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාව අතිශයින්ම ඉහළ මට්ටමක පවතින බව ඇය සමග පිළිසඳරට එක්වූ ලෝ ප්‍රකට නිලියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක වන ඇන්ජෙලීනා ජොලී වෙනම සටහනකින් ප්‍රකාශ කළාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ ගීතාංජලී සමග කතාබහ කිරීමේදී ඇයට අවුරුදු 60ක් වයසැති විද්‍යාඥයකු සමග කතාබහ කරමින් සිටින ආකාරයක් දැනුණු බවය. 

‘මම ඔබ දකින සාමාන්‍ය විද්‍යාඥයකු නොවේ. මම රූපවාහිනියෙන් දකින සෑම විද්‍යාඥයකුම වයස්ගත සුදු මිනිසුන්ය. පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය, වයස, සමේ පැහැය වැනි සරළ දේවල් පිළිබඳ මිනිසාගේ අවධානය යොමු වීම හාස්‍යජනකය. මගේ අවධානය ඉන් ඔබ්බට ගිය එකකි. මගේ අවධානය යොමුවන්නේ ලෝකයේ පවතින ගැටලු විසඳීම සඳහා උපාංග නිර්මාණය කිරීම පමණක් නොව අනෙක් අයද එවැනි ක්‍රියාකාරකම්වලට පෙළඹවීම කෙරෙහිය.‘

 

මේ කුඩා වයසේදී ඇය අන්තර්ජාතික වැඩමුළු ගණනාවකට ද සහභාගි වෙමින් සිය දැනුම සෙසු ජාතීන්වලට අයත් දරුවන් සමග බෙදා හදා ගත්තාය.  තම ක්ෂේත්‍රය තුළ නිම්වළලු පුළුල් කරගනිමින් දැනුම මුවහත් කර ගත්තාය.

‘වැඩමුළු ගණනාවකට සහභාගිවීමේදී මම අවබෝධ කරගත් වැදගත්ම කරුණ වන්නේ ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි ඔවුන් නොදැන සිටීමය. මා සිතනුයේ වැඩිහිටි බුද්ධිමතුන්ගෙන් ඊට නිසි මාර්ගෝපදේශයන් ලැබෙන්නේ නම් ඔවුන්ට එය ගොඩ නගා ගත හැකි වනු ඇත. එවිට සියල්ල වෙනස් කිරිමට කදිම අඩිතාලමක් වැටෙනු ඇත. ඉන් පැහැදිලි වන්නේ ගැටලු විසඳීම සඳහා ඉදිරිපත් වීමට මා හැරුණු විට තවත් පුද්ගලයන් ලොව සිටින බවය.‘

ගීතාංජලී රාඕ පසුගිය කාලයේ මාස ගණනාවක් ගත කළේ නිවස තුළට කොටුවූ ජීවන රටාවකි. කොවිඩ් වසංගතය හේතුවෙන් අමෙරිකාවේ ජනජීවිතය කඩා වැටීමෙන් ඇයට මේ බලපෑම සිදුවී තිබිණි. 

‘සැබැවින්ම නිවස තුළට කොටුවී සිටි කාලය මා වැය කළේ අවුරුදු 15ක සාමාන්‍ය දැරියක මෙන් නොවේ. මම බොහෝ ආහාර වර්ග බේක් කළෙමි. ඒවායින් බොහෝ ආහාර මස්, බිත්තර වැනි දෙවියන්ගේ උදහසට ලක්වන ඒවාය. එය හොඳ දෙයක් නොවේ. නමුත් මම එසේ ක‍ළෙමි. එය එක් ආකාරයක  විද්‍යාවකි. නමුත් එය මගේ විෂය පද්ධතිය නොවේ. බොහෝ විට අප නිවසට බිත්තර ගෙනෙන්නේ නැත. පිටි වැනි දේවල් ගෙනෙන්නෙත් කළාතුරකිනි. එබැවින් මට සිදුවූයේ අන්තර්ජාලයේ සැරිසරමින් බිත්තර නැති, පිටි නැති, සීනි නැති ආහාර වර්ග සොයා ඒවා අත්හදා බැලීමටය. මම මෑතකදී පාන් පුළුස්සා ගත් අතර එය සාර්ථක උත්සාහයක් විය. ඉතින් මම මා ගැන ආඩම්බර වෙමි. ‘

ගීතාංජලී රාඕගේ ඉලක්කය වී ඇත්තෙ ලොව පවතින ගැටලු විසඳීම සඳහා උපාංග නිර්මාණය බහුලව සිදු කිරීමය. අන් අය ද එසේ කිරිමට පෙළඹවීමය. ඇය කියන්නේ ලෝක ප්‍රජාව මීට පෙර අත්විඳ නොමැති බොහෝ ගැටලුවලට වර්තමානයේදී මුහුණ පා සිටින බවය. ඒ අතරතුර විසඳුමකින් තොරව පවතින පැරැණි ගැටලු ද ඒ ආකාරයෙන්ම පවතින බව ඇය කියන්නීය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වැළඳුණු අම්මයි දුවයි සැඟවී සිටි සාලම්බකුලම් නව මුස්ලිම් ගම්මානය වසා දැමේ…

Next Post

අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 755ක්… 81 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.