සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පකිස්ථාන ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කතාව…

by editor
ඔක්තෝබර් 18, 2025
in ජීවිතය
Afgan-death-cricketers
Share on FacebookShare on Twitter

ලෝකයේ කිසිම ක්‍රීඩා ලෝලියෙක් අසන්නට ප්‍රාර්ථනා නොකරන ඛේදවාචකයක් අද උදෑසන වාර්තා වී තිබිණි.  මේ වනවිට ඇෆ්ගනිස්ථානය සහ   පාකිස්තානය අතර ඇවිලෙමින් ඇති දේශ සීමා ගැටුමේ ගොදුරක් ලෙස ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීම  ඒ ඛේදනීය කතාවය.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලයට අනුව මෙසේ  ඝාතනය වී ඇත්තේ  කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නැමැති ඇෆ්ගනිස්ථානයේ නැගී එන දේශීය මට්ටමේ  ක්‍රීඩකයන් තිදෙනෙකි.  ඔවුන් ඝාතනය වී ඇතේතේ සිකුරාදා පක්ටිකා පළාතට පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාරයේ දී ය.

මෙම ප්‍රහාරය ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව කම්පනයට පත් කර ඇත.  මේ අභිලාෂකාමී  තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වියෝව සම්බන්ධව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙ දැඩිව  ශෝක වුනේය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ    ප්‍රහාරයකින් මියගිය අට දෙනා අතර පක්ටිකා පළාතේ උර්ගුන් දිස්ත්‍රික්කයේ තරුණ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් වන කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් සිටින බවය.   ෂරානා හි පැවති සුහද ක්‍රිකට් තරඟයකින් පසු ක්‍රීඩකයින් ආපසු නිවසට පැමිණ මේ තිදෙනා සාකච්ඡාවක නිරත වෙමින් සිටිය දී    මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ඇෆ්ගිනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය කීවේය.

එය ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩා ප්‍රජාවට විනාශකාරී පාඩුවක් ලෙස හැඳින්වූ  ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වින්දිතයින්ගේ පවුල්වලට සහ පක්ටිකා ජනතාවට ශෝකය පළ කළේය. මිය ගිය ක්‍රීඩකයින්ට  කරන ගෞරවයක් වශයෙන්, පාකිස්තානය සහභාගී වන ඉදිරි තුන් කොන් විස්සයි 20 ජාත්‍යාන්තර   තරගාවලියෙන් ඉවත් වන බව ද මණ්ඩලය නිවේදනය  කරනු ලැබුවේය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Statement of Condolence

The Afghanistan Cricket Board expresses its deepest sorrow and grief over the tragic martyrdom of the brave cricketers from Urgun District in Paktika Province, who were targeted this evening in a cowardly attack carried out by the Pakistani regime.

In… pic.twitter.com/YkenImtuVR

— Afghanistan Cricket Board (@ACBofficials) October 17, 2025

ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් ඛාන් ද X වෙත අදහස් දක්වමින් පාකිස්තානය සිවිල් වැසියන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් තුන්කොන් තරගාවලියෙන් ඉවත් වීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය  ගත් තීරණය පිළිගත්තේය.

කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් – පාකිස්තානයේ ගුවන් ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා කවුද?

කබීර් (කබීර් අගා)

ක්‍රීඩා ලෝලීන් ඔහු කබීර් අගා ලෙසද හඳුන්වන්නේය.  කබීර්, පක්ටිකා හි උර්ගුන් දිස්ත්‍රික්කයෙන් නැගී එන දක්ෂ යොවුන් ක්‍රීඩකයෙකි. ඔහු දේශීය ක්‍රිකට් තරග ව්‍යුහය තුළ   ක්‍රීඩා සමාජ නියෝජනය කළේය.   මෑතකදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ    දකුණු ප්‍රදේශ ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද යෞවන තරඟාවලිය සඳහා ද කබීර් සහභාගී විය. කබීර් ඔහුගේ ආක්‍රමණශීලී ඉහළ පෙළේ පිතිකරණය සඳහා ප්‍රසිද්ධය. දිස්ත්‍රික් ලීගවල ස්ථාවර දස්කම් හේතුවෙන් 2026 දී ඇෆ්ගනිස්ථාන  23න් පහළ පළාත් කඳවුර සඳහා කෙටි ලැයිස්තුගත කරනු ඇතැයි අපේක්ෂා කරන ලද ක්‍රීඩකයෙකි.

සිබ්ගතුල්ලා

සිබ්ගතුල්ලා යනු පක්ටිකා හි  මද  වේග පන්දු යවන්නෙකි.    ඔහු දේශීය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණඩලය සහතික කළ තරඟාවලි සඳහා සහභාගී වන ක්‍රීඩා සමාජයක් වන උර්ගුන් වොරියර්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ඔහු තියුණු ආක්‍රමණයක් සඳහා ප්‍රසිද්ධ වූ අතර පසුගිය වසරේ පක්ටිකා ප්‍රිමියර් ලීගයේ කැපී පෙනෙන නායකත්ව පෞරුෂයක් සහිත තරඟකරුවෙකු විය. පුහුණුකරුවන් ඔහුව විස්තර කළේ ශක්තිමත් නායකත්ව ලක්ෂණ සහ කලාපයේ ක්‍රිකට් ඇකඩමිවල කනිෂ්ඨ පන්දු යවන්නන්ට මග පෙන්වීම සඳහා ඇති ආශාවක් සහිත විනයගරුක ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසය.

හරූන්

දේශීය T20 සහ ටේප්-බෝල් ලීගවලට සහභාගී වීමෙන් පක්ටිකා හි දේශීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ   නමක් දිනාගත් ක්‍රීඩකයෙකි.  ඔහු කැපී පෙනෙන්නේ    තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසය. දකුණත් පිතිකරුවෙකු සහ පිට දඟ පන්දු යවන්නෙකු වන හරූන් මෑතකදී පළාත් සංවර්ධන කඳවුරකට සම්බන්ධ සිටියේය.  උර්ගුන් දිස්ත්‍රික්කයේ වඩාත්ම බහුකාර්ය තරුණ ක්‍රීඩකයෙකු ලෙස හරූන් හඳුනාගෙන තිබිනි.    ඔහු පූර්ණ කාලීනව ක්‍රිකට් හදාරමින් සිටි තරුණයෙකි.

 

I am deeply saddened by the loss of civilian lives in the recent Pakistani aerial strikes on Afghanistan. A tragedy that claimed the lives of women, children, and aspiring young cricketers who dreamed of representing their nation on the world stage.

It is absolutely immoral and…

— Rashid Khan (@rashidkhan_19) October 17, 2025

ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් ඛාන් මෙම ප්‍රහාරය ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස හැඳන්වූයේය.  මිය ගිය ක්‍රීඩකයින්ගේ පවුල්වලට   දැඩි ශෝකය පළ කළ රෂීඩ් ඛාන්   එමඟින් තම රට නියෝජනය කිරීමට අපේක්ෂා කරන දක්ෂ ක්‍රීඩකයින් තිදෙනෙකුගේ අහිමිවීම පිළිබඳ කම්පා වුනේය. සිවිල් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම ප්‍රහාර අසභ්‍ය සහ ම්ලේච්ඡ ක්‍රියාවක් බවත් බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් බවත් රෂීඩ් කීවේය.

පාකිස්තානයට එරෙහිව ඉදිරි තරඟවලින් ඉවත් වීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට ඔහු දැඩි සහයෝගයක් පළ කළ අතර, එය ඛේදවාචයට දැක්විය හැකි සාධාරණ ප්‍රතිචාරයක් ලෙස හැඳින්වීය. මෙවැනි වේදනාකාරී කාලයකදී ඇෆ්ගනිස්ථානයේ ජාතික ගෞරවය සහ එහි ජනතාව සමඟ සහයෝගීතාවය අන් සියල්ලටම වඩා ප්‍රමුඛත්වය ගත යුතු බව රෂීඩ් අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ වැඩිම ගජමුතු තොගය සමග තහනම් වනජීවී කොටස් රුපියල් කෝටි 30කට විකුණන්න ගිය ආදිවාසියෙක් කොටු…

Next Post

නිශ්පාදන දෝෂ නිසා BYD සමාගම වාහන ලක්ෂයකට වඩා යළි කැඳවයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.