සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජනාධිපතිවරණය 2024

කොළඹ ඉඳන් මුලතිවු දින්න සජිත් ගේ ඡන්ද කෙළිය! උද්දච්ඡකම පැත්තක තබා රනිල් එක්ක එක්ව ඡන්දය කළා නම් ඔවුන්ගේ මතවාදය දිනුම්….

by editor
සැප්තැම්බර් 22, 2024
in ජනාධිපතිවරණය 2024
Share on FacebookShare on Twitter

උතුරේ මෙන්ම නැගෙනහිරත් ජීවත්වන බහුතරය යුද්ධයකින් පසු සියල්ල අහිමිවුන මිනිස්සුය. කඳුකරයේ ඉන්නේ කිසිවක් නැති මිනිස්සුය.  මේ මිනිස්සුගේ ජීවිත වේදනාව හැමදාම කළමනාකරණය කරගෙන ඡන්ද නිර්මාණය කරගන්නේ උතුරේ ජාතිවාදී දේශපාලන ධාරාව විසිනි. ඔවුන් සමග දේශපාලනික සන්ධාන උතුරේ ඡන්ද එකතු කරගැනීමට පහසුය. දකුණේ දී යම් පරිණතියක් පෙන්වන ඡන්ද දායකයාට වඩා උතුරේ අසරණ මිනිස්සුන්ගේ දේශපාලන ජීවිත පටුය.

මේ අවකාශය සමග මෙවර හොඳින්ම ගනුදෙනු කරන්නේ සජිත්ය. ඒ අප්‍රකාශිත එකඟතා රනිල් වික්‍රමසිංහගේ ගිවිසුම්වලට වඩා එහා ගිය ඒවා බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සජිත් ට සහාය පලකරන බවට නිල වශයෙන් නිවේදනය කළ මාධ්‍ය සාකච්ඡාවේ දී එහි නායක මාවෙයි සේනාධිරාජාගේ කටින් පැන්නේය.

උතුරු පලාත

දෙමළ පොදු අපේක්ෂකයා පරදා චාවකච්චේරිය, දිනන්නේ සජිත්ය. කිලිනොච්චිය දිනන්නේත් මුලතිව් දිනන්නේත් සජිත්ය. වන්නි දිස්ත්‍රික්කයට අයිත මැදවච්චියත් සජිත් දිනුම්ය. තමන්ගේ දේශපාලන ගමන ගැන කතා කරන හම්බන්තොට පරදින සජිත් වන්නි දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයක් ලබන්නේය.

යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලයටඅනුව එම ඡන්ද කොට්ඨාසය සජිත්ගේ ය. සජිත් ප්‍රේමදාස ලබන ඡන්ද ප්‍රමාණය 12,639කි.
පී. අරියනේත්‍රන් – 11,410
රනිල් වික්‍රමසිංහ – 7,654
අනුර කුමාර දිසානායක – 2,541

යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි මැතිවරණ බල ප්‍රදේශයේ ජයත් සජිත්ටය. සජිත් ප්‍රේමදාස ඡන්ද 11,609ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී වූයේය.
ඔහු සමග තරග කරමින් ඡන්ද 22කින් අරියනේත්‍රන් සජිත්ට දෙවැනි වුනේය. පී. අරියනේත්‍රන් ඡන්ද 11,587ක් ලබන්නේය.
රනිල් වික්‍රමසිංහ – 8,871
අනුර කුමාර දිසානායක – 2,886

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

වන්නි දිස්ත්‍රික්කයේ වව්නියාව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී තිබිණි. සජිත් ප්‍රේමදාස ඡන්ද 33,731ක් වව්නියාව දිනුවේය. ඔහුට දෙවැනි වන්නේ රනිල් වික්‍රමසිංහය.
රනිල් වික්‍රමසිංහ – 24,018
අරියනේත්‍රන් – 11,650
අනුර කුමාර දිසානායක – 11,591

වන්නි දිස්ත්‍රික්කයේ මන්නාරම මැතිවරණ බල ප්‍රදේශයේ දිනුම සජිත්ටය. සජිත් ප්‍රේමදාස ඡන්ද 28491 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
රනිල් වික්‍රමසිංහ – 17181
පී අරියනේත්‍රන් – 10757
අනුර කුමාර දිසානායක – 4276

මධ්‍යම පළාත

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර මැතිවරණ බල ප්‍රදේශයේ බලය හිමි වන්නේ සජිත් ප්‍රේමදාසට ය. ඔහු ලැබූ ඡන්ද ප්‍රමාණය 22,336 කි.
අනුර කුමාර දිසානායක – 17226
රනිල් වික්‍රමසිංහ – 6280
නාමල් රාජපක්ෂ – 2386

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කළේ ගම්පොල බලය සජිත්ට බවය. වැඩිමනත් මුස්ලිම් ජනගහණයක් වෙසෙන ගම්පොල ඡන්ද පදනම හා සම්බන්ධවන රවුෆ් හකීම්ගේ මැදිහත්වීම මේ ඡන්දයෙන් ප්‍රකාශිතය. සජිත් ප්‍රේමදාස ඡන්ද 31503 ක් ලබා ගනිමිනි.  අනුර කුමාර දිසානායක ඔහුට දෙවැනි වන්නේ විශිෂ්ට වර්ධනයක් පෙන්වමිනි. ඡන්ද ප්‍රමාණය 28750කි.
රනිල් වික්‍රමසිංහ -21991
නාමල් රාජපක්ෂ – 1652

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ඡන්ද 21,939ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සජිත් ප්‍රේමදාස සමත් වුනේය.
අනුර කුමාර දිසානායක – 19,084
රනිල් වික්‍රමසිංහ – 11,608
නාමල් රාජපක්ෂ – 1,383

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 23,891ක් ලබාගෙන ආසනය ජය ගත්තේය.
අනුර කුමාර දිසානායක – 19,482
රනිල් වික්‍රමසිංහ – 14,893
නාමල් රාජපක්ෂ – 1,335

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී වූයේ සජිත් ට මෙම මැතිවරනයේ විශිෂ්ඨතම ජයග්‍රහණය සහතික කරමිනි. . සජිත් ප්‍රේමදාස ඡන්ද 117,232ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත් වූයේය. අනුර සහ සජිත් අතර ඡන්ද වෙනස ඡන්ද 78,816 කි. රනිල් වික්‍රමසිංහත් ඡන්ද 91005කි.
සජිත් ප්‍රේමදාස – 117,232
රනිල් වික්‍රමසිංහ – 91,005
අනුර කුමාර දිසානායක – 38,416
නාමල් රාජපක්ෂ – 2,689

නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී තිබේ. හඟුරන්කෙත එස්.බී ගේ ආසනය ය. සජිත් ප්‍රේමදාස ඡන්ද 23,309ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට විය. දෙවැනි තැන අනුරටය. රනිල් ලොවෙත් නැත. එස්බී පවුය.
අනුර කුමාර දිසානායක – 22,894
රනිල් වික්‍රමසිංහ – 9,137
නාමල් රාජපක්ෂ – 1,358
කේ. කේ. පියදාස – 371

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ මැතිවරණ බල ප්‍රදේශයේ ජයග්‍රහණය සජිත්ටය. ඔහු ඡන්ද 27043ක් ලබාගෙනය.
රනිල් වික්‍රමසිංහ – 18250
අනුර කුමාර දිසානායක – 17727
නාමල් රාජපක්ෂ – 11458
කේ. කේ. පියදාස – 440

මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට මැතිවරණ බල ප්‍රදේශයේ ජයග්‍රහණය සජිත් ප්‍රේමදාස දිනා ගත්තේය. ඒ ඡන්ද 31,358ක් ලබමිනි.
අනුර කුමාර දිසානායක – 26,528
රනිල් වික්‍රමසිංහ – 12,567
නාමල් රාජපක්ෂ – 2,245
දිලිත් ජයවීර – 637

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ බල ප්‍රදේශයේ දී සජිත් ප්‍රේමසාද දිනුම්ය. ඡන්ද 24,828 ක් ලැබුවේය.
අනුර කුමාර දිසානායක – 20,838
රනිල් වික්‍රමසිංහ – 9,022
නාමල් රාජපක්ෂ – 2,756
දිලිත් ජයවීර – 429

සබරගමුව පළාත

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව එය සජිත් ප්‍රේමදාස දිනාගෙනය. ඒ ඡන්ද 27599 ක් ලබාගනිමිනි.
අනුර කුමාර දිසානායක -25573
රනිල් වික්‍රමසිංහ – 16826
නාමල් රාජපක්ෂ – 1706
දිලිත් ජයවීර – 681

රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන මැතිවරණ බල ප්‍රදේශයේ දිනුමත් සජිත් ප්‍රේමදාසටය. ඔහු ඡන්ද 37151 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
අනුර කුමාර දිසානායක – 30908
රනිල් වික්‍රමසිංහ – 15474
නාමල් රාජපක්ෂ – 2526

නැගෙනහිර පළාත

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මු‍ණේ මැතිවරණ බල ප්‍රදේශයේ බලය ද සජිත්ට ය. සජිත් ප්‍රේමදාස ඡන්ද 26873 කි. .
රනිල් වික්‍රමසිංහ – 15686
අනුර කුමාර දිසානායක – 10937
පී අරියනේත්‍රන් – 2623
කේ. කේ. පියදාස – 118

ත්‍රී කුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල මැතිවරණ බල ප්‍රදේශය සජිත් ට ය. ඔහු ඡන්ද 26527 ක් ලබාගනිමිනි.
අනුර කුමාර දිසානායක – 22724
රනිල් වික්‍රමසිංහ – 8603
පී අරියනේත්‍රන් – 2412
නාමල් රාජපක්ෂ – 1283

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමන්තුරේ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 41,791ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
රනිල් වික්‍රමසිංහ – 15,344
අනුර කුමාර දිසානායක – 8,569
පී. අරියනේත්‍රන් – 2,299
කේ. කේ. පියදාස – 268

මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිරිප්පුව මැතිවරණ බල ප්‍රදේශයේ ජයග්‍රහණය සජිත් ප්‍රේමදාසටය. සජිත් ප්‍රේමදාස ඡන්ද 26,512ක් ලබාගෙන ඇත.
රනිල් වික්‍රමසිංහ – 18,845
අරියනේත්‍රන් – 12,356
අනුර කුමාර දිසානායක – 4,681
කේ කේ පියදාස – 883

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස ඡන්ද 64,068ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
රනිල් වික්‍රමසිංහ – 41,538
අනුර කුමාර දිසානායක – 24,168
පී. අරියනේත්‍රන් – 12,758
කේ. කේ. පියදාස – 1, 151

මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා මැතිවරණ බල ප්‍රදේශයේ දිනුම ද සජිත් අත් කරගෙන ඇත. ඔහු ලැබූ ඡන්ද ප්‍රමාණය 45,325කි.
රනිල් වික්‍රමසිංහ – 24,782
පී. අරියනේත්‍රන් – 10,890
අනුර කුමාර දිසානායක – 7,504
කේ. කේ. පියදාස – 983

කෙසේ වෙත්ත මේ වනවිට තහවුරු වෙමින් ඇත්තේ කිසිම අපේක්ෂකයෙකුට සියයට 50ක කැමැත්තක් නොමැති බවය. දෙවැනි මනාපයට යන්නට සිදුවන බවය.

පුද්ගලික උද්දච්ඡකම පසෙක දමා පක්ෂය ඇතුලෙන්ම කළ ඉල්ලීමට සවන් දී රනිල් වික්‍රමසිංහ සමග එක්ව මේ මැතිවරණය කළා නම් පක්ෂයක් මතවාදයක් ලෙස ඔවුන් ජයග්‍රහණය කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණේ විශ්වාසය සමග අනුර දිනාගෙන එන හැටි!

Next Post

‘කිසිදු අපේක්ෂකයෙකුට 50% ලැබී නැහැ…. මනාප ගණන් කිරීම අරඹන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Related Posts

ජනාධිපතිවරණය 2024

කැස්බෑවෙන් අනුරට විශිෂ්ට ජයක්…

සැප්තැම්බර් 22, 2024
ජනාධිපතිවරණය 2024

දකුණේ විශ්වාසය සමග අනුර දිනාගෙන එන හැටි!

සැප්තැම්බර් 22, 2024
ජනාධිපතිවරණය 2024

දෙවිනුවරින් අනුර දැවැන්ත ජයක් ලබයි

සැප්තැම්බර් 22, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.