බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විස්සයි20 නවසීලන්තයට යයි ද…?

ඩීන් ජෝන්ස් ගේ අපූරු යෝජනාව

by editor
ජූනි 9, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පැවැත්වීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහ සත්කාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අතර ඇති කඹ ඇදිල්ල නිමා කිරීමට නම් එම තරගමාලාවේ සත්කාරකත්වය වෙනස් විය යුතු බව ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් ප්‍රකාශ කරයි. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමග විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පැවැත්වීම හෝ කල් දැමීම අතර දෝලනය වෙද්දී ඩීන් ජෝන්ස්ගේ අදහස වී ඇත්තේ තරගමාලාවේ සිහිනය යථාර්තයක් බවට පත් වීමට නම් නිසැක වශයෙන්ම එය නවසීලන්තයේ පැවැත්වීමට කටයුතු සූදානම් කළ යුතු බවය.

ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් වසංගතයේ බලපෑම් මෙතෙක් අඩුවී නොතිබීමත්, තීරණයක් ගැනීම සම්බන්ධව සාමාජික රටවල් සමග මතවාද රැසකට ගැටීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවීමත් සැළකිල්ලට ගනිමින් ඩීන් ජෝන්ස් මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

මේ වනවිට ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන ඩීන් ජෝන්ස් විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව නවසීලන්තයේ පැවැත්වීමට යෝජනා කර ඇත්තේ කොවිඩ් වසංගතය පාලනය කිරීම අතින් නවසීලන්තය ලොව සාර්ථකම රට බවට පත්වීම හේතුවෙනි. 

ගතවූ දින 12ක කාලය ඇතුළත නවසීලන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු වාර්තා වී නොමැති අතර අගමැතිනිය ජෙසින්ඩා ආර්ඩන් මේ වනවිට කොවිඩ් අවදානම් තත්ත්වය මත පැනවූ බොහෝ තහංචි ලිහිල් කිරිමට පියවර ගෙන තිබේ. ඒ අනුව තවත් දින කිහිපයකින් එරට සමාජ දුරස්ථභාවය සහ ජනතාව ඒකරාශී වීම ඇතුළු තහංචි ගණනාවක් ඉවත්වනු ඇතැයි වාර්තා වෙයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 15 දක්වා ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට සැළසුම් කළ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවේ ඉරණම තීන්දු කිරීම විවිධ හේතුන් මත කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් දැනටමත් ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන වසර දක්වා කල් දමා ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියත් දින නියමයකින් තොරව කල් දමා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැතිවූවත් එම තරගමාලාව කල් දැමීමේ ඉඩකඩ වැඩි බවට විවිධ මත පළවෙමින් තිබේ. එම තරගමාලාවට ක්‍රීඩා කිරීමට නියමිත බොහෝ ජාත්‍යන්තර ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගමාලාව නියෝජනය කරන කණ්ඩායම් සමග ගිවිසුම් ගතවී සිටින අතර විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කල් දැමීමෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගමාලාව පැවැත්වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වනු ඇතැයි  බොහෝ ක්‍රීඩකයන්ගේ අදහස වී තිබේ.

 

Share72Tweet43
Previous Post

බෝගම්බර නිරෝධායන කඳවුරේ සිර කරුවෙක් සියදිවි නසා ගනී…

Next Post

පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප අංක නිකුත් වෙයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.