අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විනය වැදගත්… නායකයෙකුට එය ඉතාම වැදගත්… නව තේරීම් කමිටු සභාපති කියයි… කියන ගමන් නායකත්වයට කුසල් මෙන්ඩිස්ම තොරයි…

by editor
ජනවාරි 3, 2024
in ක්‍රීඩා
Upul
Share on FacebookShare on Twitter

සෑම ක්‍රීඩකයෙකුටම විනය අතිශය වැදගත් බවත්   කණ්ඩායමේ නායකයාගේ විනය ඉතාම වැදගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසයි.

ඔහු අද මේ බව පැවසුවේ බ්ලූම්ෆීල්ඩ් සහ එස්.එස්.සී තරගය අතරතුර වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ  බින්දුවට දැවී ගිය කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයේ දොරට අලාභානි කර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කළමනාකාරවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් කළ විමසීමකදී ය.

කණ්ඩායමේ නායකත්වය සඳහා ක්‍රීඩකයින් නම් කිරීමේදී ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බලන්නේ නැතිදැයි මෙහිදී   මාධ්‍යවේදියා ඇසුවේය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාගාරයේ දොර කුඩු කළ කුසල්…

“කණ්ඩායම් ක්‍රීඩාවේදී නායකයාගේ විනය ඉතා වැදගත්. අපි කුසල්ගේ මේ සිදුවීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කළා.”

“ඔවුන් දැනුම් දුන්නා ඒ ගැන තරග තීරකවරයා වගේම SSC ක්‍රීඩා සමාජය ඒ ගැන විමර්ශනයක් කරනවා කියලා. ඒක අවසන් කරලා අපිට වාර්තාවක් ලබා දෙන්නම් කිව්වට තවම එය ලැබුනේ නැහැ.” ඔහු පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් තවමත් නම් කර ඇති ශ්‍රී ලංකා එක්දින නායකයා කුසල් මෙන්ඩිස්ය .  වසර කිහිපයක් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් හි නායකත්වය දැරූ දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරිමට හේතුවූයේ ඔහු අවසන් තරගාවලි කීපයේදී පිතිකරුවෙක් ලෙස අසාර්ථකවීම බව  උපුල් තරංග පැවසුවේය.

එමෙන්ම ඔහු කීවේ  ඉදිරි ලෝක කුසලානය ගැන සලකා බලා   කුසල් මෙන්ඩිස් සමග ගමනක් යන්න තේරීම් කමිටුව සූදානම් වෙන බව ද තරංග කීවේය.

තවද එළඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට ධනංජය සිල්වා නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

මෙම තීරණය ගැන කරුණු පැහැදිලි කරමින් උපුල් තරංග පැවසුවේ ධනංජය සිල්වා එක්දින කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ස්ථානය අනුව ඔහුට ලකුණු අතරට ඒමේ නොහැකියාවක් පවතින බවය.

“විශේෂයෙන් අපි විශ්වාස කරනවා එක්දින තරග වලදී ඔහු පළමු පිතිකරුවන් කිහිප දෙනා අතර පිතිකරණයේ දී හොඳින් ලකුණු ලබාගෙන තිබෙනවා. ඔහු හොඳ ලකුණු කරා ගිහින් තියෙනවා.”

“ඒ වගේම ධනංජය දැන් ක්‍රීඩා කරන්නේ අංක 6-7 කියන පිතිකරණ ස්ථානයේ. ඒකෙන් ඔහුටත් වැඩක් නැහැ වගේම කණ්ඩායමට වැඩකුත් නැහැ.”

“ඔහු නැවත එක්දින කණ්ඩායමට එන්න ඕන පළමු පිතිකරුවන් තිදෙනා අතරෙයි. අපි ඒක ඔහුට කිව්වා.” තරංග පැවසීය.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ධනංජය ද සිල්වා නම් කර ඇති අතර උප නායකයා ලෙස  නැවත වරක් කුසල් මෙන්ඩිස් තෝරා තිබේ.

සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන්     ශ්‍රී ලංකා සංචිතය සඳහා නම් කළ  ක්‍රීඩකයින් 17  අතරට පසුගිය ලෝක කුසලානයට ඇතුළත් වූ  ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු කුමාර, මතිෂ පතිරණ, කසුන් රාජිත සහ දුෂාන් හේමන්ත නම් කර නැත.

නව එක් දින සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් වන්නේ පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (නායක), සදිර සමරවික්‍රම, චරිත් අසලංක, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන් , ඩිල්ෂාන් මධුෂංක , සහන් ආරච්චිගේ, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය සහ වනිදු හසරංග ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 07ක් ජලයෙන් යටවී තිබීමෙන් පසු  මනම්පිටියේ මාරක අනතුරු සිදුවන කොටලීය පාලම ඉරි තලයි…

Next Post

තීරු බදු නොගෙවා හොරෙන් පැන්නූ ජංගම දුරකථන තොගයක් STF අත් අඩංගුවට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.