බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වයසක ෂර්මා තවමත් තරුණයි… එංගලන්තය පැරදවූ අපරාජිත ඉන්දියාව අවසන් මහා තරගයට..

. එංගලන්තයත් තරග බිමෙන් ඉවත් වෙද්දී අපරාජිතයන්ගේ අවසන් තරගය හෙට!

by editor
ජූනි 28, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තමන් ඉන්නේ ගොඩක් උඩින් බව ඉන්දියාව දැන් ලෝකයට තහවුරු කර ඇත. අපරාජිතව ඉන්දියානු කණ්ඩායම විස්සයි 20 ලෝක කුසලානයේ අවසන් තරගයට ප්‍රවේශ වී ඇත්තේය.  

ඊයේ (27) ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයෙන්  ඉන්දියාව එංගලන්ත කණ්ඩායම පරදවා ලකුණු 67ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.

හෙට  බ්‍රිජ්ටවුන්හි අවසන් මහා තරගයට තරග වදින්නේ අපරාජිත ඉන්දියාව සහ අපරාජිත දකුණු අප්‍රිකාවය.

ඊයේ තරගය

කාසියේ වාසිය දිනුවේ එංගලන්ත කණ්ඩායමය. ඔවුහු පන්දු රැකීම තේරූහ.

ඉන්දියානු ආරම්භක පිතිකරු යුවලවන රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි පිතිකරණය ආරම්භ කළහ. කෝලි පන්දු 09ක දී ලකුණු 09කට දැවී ගියේය. රීසා ටොප්ලේ එවූ පන්දුවක් විරාට් කෝලිගේ කඩුල්ල කුඩු කළේය.  අනතුරුව පිටියට පැමිණි  රිෂාඩ් පාන්ට් ලකුණු 04කට දවා ගැනීමට  සෑම් කරන් සමත් වූයේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

වයසක ෂර්මා

තරගයේ  ඉන්දියාවේ ජයග්‍රහණය  පිළිබඳ මුල්ම සලකුණ තැබුවේ ඉන් අනතුරුව තුන්වන කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට ලකුණු 84ක සම්බන්ධතාවයක් ගොඩනගන රෝහිත් ෂර්මා සහ සූර්යකුමාර් යාදේව් ය.  රෝහිත ෂර්මා හතරේ පහර 06ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 39ක දී වේගවත් ලකුණු 57ක් ලැබුවේය.

රෝහිත් ෂර්මා හතරේ පහර 06ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 39ක දී වේගවත් ලකුණු 57ක්

ඉන්දියාව මේ ජයග්‍රහණ මාලාව පවත්වාගෙන යන්නේ ක්‍රීඩාව තුළ අනන්‍ය හැකියාවන් පෙන්වන අතිශය සුවිශේෂී ක්‍රීඩකයින් පෙළකගේ සම්මුතික ක්‍රීඩා රටාව තුළය. රෝහිත් ෂර්මා එවැනි අනන්‍ය ලකුණකි. විරාට් කෝලි ද එසේය. ජස්පිට් බුම්රා වැනි ක්‍රීඩකයෙක් ලෝකයේ වෙන කොතැනකවත් නැත.

රොහිත් ෂර්මා විශේෂවන හේතුවක් තිබේ.  දැනට 38 වැනි වියේ පසුවන ෂර්මා වැනි ක්‍රීඩකයින් සුවිලස් ඉන්දියාවේ  නොව, වෙනත් ඕනෑම රටක ඉන්නවා නම් දැන් ඉන්නේ මේ ජව සම්පන්න විස්සයි 20 ජාතික කණ්ඩායමක් නියෝජනය කරමින් නොව ප්‍රේක්ෂාගාරයක් තුළ හෝ රූපවාහිනියක් ඉදිරියට  වී තරග නරඹමිනි.

රෝහිත් ෂර්මා මුලින්ම විස්සයි විස්ස තරගයට ඉන්දියාව නියෝජනය කරන්නේ වර්ෂ 2007 සැප්තැම්බර් මාසයේ ය.  ඔහු විස්සයි 20 කණ්ඩායමට ප්‍රවේශ  වරම් ලබන එම තරගයත් පැවැත්වෙන්නේත්  එංගලන්තය සමගය. එදා රෝහිත් ෂර්මා මැද පෙළ පිතිකරුවෙකි. ඔහුට පන්දුවට පහර දෙන්නට අවස්ථාවක් උදාවන්නේත් නැත. එංගලන්ත කණ්ඩායම ලකුණු 18කින් ඉන්දියාව හමුවේ පරාජය වන්නේය.

එදා සිට රෝහිත් ෂර්මා  විස්සයි 20 අන්තර්ජාතික තරග 158ක් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේය. පිතිකරණයේ යෙදුන ඉනිම 150ක් තුළ ලකුණු 4222ක්  රැස්  කර ඇත්තේය.    මේ වනවිට 38වැනි වියෙහි පසුවන  මේ වියපත් ක්‍රීඩකයා ගේ පිතිකරණය තවමත් හෙණ පුපුරනු වැනිය.  ඔහු ඊයේ  තරගයත් තමන්ගේ කරගත්තේය.  තවමත්  ඉන්දියානු තරුණ ක්‍රීඩකයින්ට වඩා ජව සම්පන්න බව පෙන්වන රෝහිත් ෂර්මා ක්‍රිකට් විස්මයක් වන්නේ ඒ නිසාය.

රෝහිත්ගේ සහ   සූර්ය කුමාර් යාදේව්  ගේ පිතිකරණය විසින්  ඉන්දියාව සුවහපසු තැනක තැන්පත් කළේය. සූර්ය කුමාර් යාදේව් පන්දු 36ක් තුළ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුනු 47ක් ලැබුවේය.

අනතුරුව හර්දික් පාණ්ඩ්‍ය හයේ පහර 2ක් සමගින් පන්දු 13ක් තුළ ලැබූ ලකුණු 23 මෙන්ම රවින්ද්‍ර ජඩේජා පන්දු 09ක් තුළ ලබා ගත් ලකුණු 17 ඉන්දියාව ලකුණු 171ක් දක්වා ඔසවා තැබුවේය. එය ඉන්දීය කණ්ඩායමට පීඩනකයකින් තොරව තරගයේ දෙවැනි භාගය ක්‍රීඩා කළ හැකි සුරක්ෂිත ලකුණක් වූයේය.

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝදාන් ලකුණු 37ට කඩුළු 03ක් ලබා ගත්තේය.  රීසා ටොප්ලේ, ජොෆ්රා ආචර්, කෑම් කරන්, ඇඩිල් රෂීඩ් කඩුල්ල බැගින් ලැබූහ. ඉන්දීය පිතිකරුවන් පාලනය කරමින් පන්දු යැවූ එකම එංගලන්ත පන්දු යවන්නා වූයේ ඇඩිල් රෂීඩ්  පමණි. ඔහු සිය පන්දු ඕවර 4 ලකුණු 25කින් සීමා කරගත්තේය.

එංගලන්ත ඉනිම

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි එංගලන්ත පිතිකරුවෝ ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය ඉදිරියේ කුඩු පට්ටම් වී යනු දුටුවෙමු.  ජොස් බට්ලර් තරමත් වේගවත් ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කළද ඔහු ලකුණු 23කටත්, ආරම්භක පිතිකරු පිල් සෝල්ට් ලකුණු 5කටත් දැවී ගියේය. සෝල්ට් දැවී යන්නේ ජස්පිට් බුම්රාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි.

එංගලන්ත කණ්ඩායම පත් වී තිබූ මානසික ව්‍යාකූලතාවය මොයින් අලිගේ දැවී යාමෙන් ප්‍රකට විය. පන්දුව කඩුල්ල අසල රැඳී සිටිය දී සීමා ඉරෙන් එපිටට තර්කයක් නැතිව යන මොයින් අලි පහසු ස්ටම්ප් කිරීමකට හසු කරගැනීමට කඩුළු රකින ක්‍රීඩක රිෂාඩ් පාන්ට් සමත් වන්නේය.  කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා එංලන්ත අංක 05 මැද පෙළ පිතිකරු හැරී බෲක් ය. ඔහු පනුද් 19ක දී ලකුණු 25ක් ලැබුවේය. චොෆ්රා ආචර් අගින් පැමණ ලකුණු 21ක් ලැබුවේය.

මොයින් අලිගේ දැවී යෑම…

ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දු ඕවර 16.4ක දි ලකුණු 103කට මුලුමනින්ම දැවී ගියේය.

පන්දු යැවීමේ දී  ඉන්දීය පන්දු යවන්නන් ප්‍රකට කරන්නේ එකිනෙකට නොදෙවෙනි වික්‍රමයකි. බුම්රා පන්දු ඕවර 3ක්වත් සම්පූර්ණ කරන්නේ නැත. ඔහු පන්දු ඕවර 2.4කි.  ලබා දෙන්නේ ලකුණු 12ක් පමණි. කඩුළු 02කි. ඇක්සාර් පටෙල් පන්දු ඕවර 4කි. ලකුණු 23කි. කඩුළු 3කි. කුල්දීප් යාදේව්  පන්දු ඕවර 4කි. ලකුණු 19ට කඩුළු 3කි.

එංගලන්ත කණ්ඩායම දක්ෂයින්ගේ කණ්ඩායමකි. ඉන්දියාවේ විශේෂත්වය වන්නේ ඉන්දියානු දක්ෂයන් සුවිශේෂී විභවයන් සහිතව තමන්ට ආවේනික ක්‍රීඩාවක යෙදීමය. එවැනි කණ්ඩායමක් පරාජය කිරීම පහසු වන්නේ නැත.

දකුණු අප්‍රිකානු අපරාජිතයන් සහ ඉන්දියානු අපරාජිතයන් අතර වෙනස එයය. එබැවින්ම හෙට තරගය ක්‍රිකට් විනිශ්ඡය කරන අවසන් මහා තරගයක් වනු ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රැඳවියන් පිරිසකගේ පහරදීමකින් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යයි!

Next Post

රෝහල් සේවකයෙක් රෝහල තුළම ගෙළ වැල ලා ගනී!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.