ශ්‍රී ලංකා විස්සයි 20 ජාතික කණ්ඩායමේ නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කළ බවද ඔහු දන්වා ඇත.
“ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම විටම මගේ උපරිම ලබා දීමට මම කැප වී සිටිනවා. මම සෑම විටම මගේ කණ්ඩායමට සහ නායකත්වයට සහය දෙනවා.” ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිඛිතව දන්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ප්‍රකාශ කර ඇත්තේ හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් සැලසුම් තුළ රටට වැදගත් ක්‍රීඩකයෙකු ලෙස පවතිනු ඇති බවයි.
දිගින් දිගටම විනය පිළිබඳව මෙන්ම දුර්වල නායකත්වය පිළිබඳ නායකත්වයට අනුචිත භාවිතයන් පිළිබඳව චෝදනාවට ලක් වුන වනිඳු හසරංග පිළිබඳ විශාල විරෝධයක් ක්‍රීඩා ලෝලීන්ගෙන් ද මතු වී තිබිණි.







