අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලෝක අවධානය දිනූ ඉන්දීය ක්‍රිකට් සැනකෙළියේ උද්වේගකර අවසන් මහා තරගය අද!

by editor
මැයි 26, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක ෆැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්ෂික විචිත්‍රවත්ම සැනකෙළිය අද (26)ය. බොහෝ විට එය ලෝක කුසලානයකට වඩා අලංකාරය. උද්‍යෝගමත්ය. උනන්දුව දනවන සුළුය.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කිරුළ සඳහා අද (26) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග වදිති. ඒ චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනයේ දී ය. සවස 7.30ට තරගය ආරම්භ වන්නේය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙහෙයවන්නේ ශ්‍රෙයාස් ලියර් ය. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා පැට් කමින්ස් ය. ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ හා ටෙස්ට් කණ්ඩායමේ නායකයා වූ කමින්ස් විස්සයි 20 තරගාවලියක් සඳහා කණ්ඩායම මෙහෙයවන මුල්ම අවස්ථාව මෙය ය.

කණ්ඩායම් දෙකම තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මනරම්ය. ඔවුන්ගේ ප්‍රහාරය සංදර්ශනාත්මකය. ප්‍රවේගවත්ය. මූලික වටයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇත. සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී ඇති අතර ඉන් තරග  08ක් ජයගෙන තිබේ.  මේ වාරයේ ඔවුන් මෙතෙක් ප්‍රදර්ශනය කළ විචිත්‍ර හැකියාවෙන් අඩබැගින් අවසන් මහා තරගයේ රූපණය කළ ද එය රසිකයන්ට අමතක නොවන ඉතිහාසගතවන කතාවක් නිර්මාණය කරනු ඇත.‍

කොල්කටා නයිට් රයිඩර්ස්.. නායක ලියර්…

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු සටහනේ අංක 1 ස්ථානයේ ය. පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ඔවුන් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසුනේ සිය මුල් තැන තහවුරු කරගෙනය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙවන සුදුසුකම් ලැබීමේ තරඟයට තරඟ කළ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රබල රාජස්ථාන් රෝයල්ස් පරාජය කරමින් අවසන් මහා තරගයට ප්‍රවේශ වන්නේය.

ලොව වඩාත්ම ආශ්වාදනීය ෆැන්චයිස් ක්‍රිකට් තරඟාවලියක සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට හිමිවූ එකම ශූරතාවය හිමිවන්නේ වර්ෂ 2016 දී ය. එම ජයග්‍රහණය ඔවුන් විසින් හිමි කරගන්නේ තවත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ඩේවිඩ් වෝනර් යටතේය.

IPL වෙන්දේසියේදී හයිද්‍රාබාද් කණ්ඩායම ඩොලර් මිලියන 2.5ක් ගෙවූ වේග පන්දු යවන ක්‍රීඩක කමින්ස්, පසුගිය වසරේ ලෝක ටෙස්ට් ශූරතාව සහ එක්දින ලෝක කුසලාන ජයග්‍රහණය යන දෙකම ඔස්ට්‍රේලියාවට ගෙන ගිය ඔස්ට්‍රේලියානු නායකයා ය. එහෙත් සන්රයිසස් හයිද්‍රාබාද් නායකත්වයට පත්වීමට පෙර කමින්ස් කිසි දිනෙක විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමක් මෙහෙයවා නැත.

සන්රයිස් හයිද්‍රාබාද්… නායක කමින්ස්…

තවත් විශේෂයක් තිබේ. IPL ෆ්‍රැන්චයිස් නායකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ය. එය විශේෂ අභියෝගයකි. කමින්ස් එම අභියෝගවලින් සමහරක් අවසන් තරගයට ආසන්න දිනක ගෙනහැර දැක්වීය.

“මම හිතන්නේ IPL වැනි තරඟාවලියකදී, පැහැදිලිවම නරඹන රසිකයින්, මාධ්‍යවලින් සහ මාධ්‍යවේදීන්ගෙන් විශාල පීඩනයක් තියෙනවා,” කමින්ස් පැවසීය.  කමින්ස්ගේ නායකත්වය යටතේ මනරම් පෙරළියක් කරමින් ඉදිරියට එන සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL ඉතිහාසයේ දෙවන වේගවත්ම ලකුණු ලබා ගත් කණ්ඩායමය.

එමෙන්ම මේ තාක් විශිෂ්ටම සාර්ථකත්වය ප්‍රකට ඇත්තේ ‍ශ්‍රෙයාස් ලියගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාමය. මේ විචිත්‍ර සටන මේ වනවිට ලෝක ක්‍රිඩා ලෝලීන්ගේ අවධානයට දිනාගෙන ඇති ප්‍රධානම ක්‍රිකට් ඉසව්වය.

අවසන් මහා තරඟයේ සජීවී විකාශනය Star Sports Network ඔස්සේ විකාශනය වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදත් තද සුළං සහ මහ වැසි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දවස කරන පුරෝකථනය!

Next Post

ප්‍රසන්න රණවීර සහ ලොහාන් රත්වත්ත මරාගන්න ගිහින්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.