බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලංකාව විසිවෙයි… පිට පිට 03වන තරගයත් පරදී… එංගලන්තට ලකුණු 26ක ජයක්…

by editor
නොවැම්බර් 2, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එංගලන්තය පහසු ලකුණු 26ක ජයග්‍රහණයක් වාර්තා කළේය. කාසියේ වාසිය වැඩක් වුනේම නැත. ලකුණු 164ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 ක්‍රීඩා කළේ නැත. පන්දු ඕවර 19ක් තුළ ලකුණු 137කට සියල්ලෝ දැවී ගියහ.

ඊයේ (01) සාජාහි පැවති තරගයෙන් පසු ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රාර්ථනා සුන් වී ඇත. දැන් අවසන් පූර්ව වටයට යෑමේ   බලාපොරොත්තුවත් ඉවරය.

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව මුලින්ම පන්දු රැකීම තේරුවේය.  පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම  කඩුලු 04කට ලකුණු 163ක් ලබාගෙන ලකුණු 164ක ඉලක්කයක් ශ්‍රි  ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.

පන්දු ඕවර පහයි පන්දු දෙක්ක අවසන් වනවිට එංගලන්ත පිලේ කඩුලු 3ක් බිඳ වැටී තිබිණි. ලබාගෙන තිබුණේ ලකුණු 35කි.  එහෙත් තරගයක ස්වරූපය වෙනස් කරන ආකාරය එංගලන්තය පෙන්නුවේය. සිවුවන කඩුල්ලට ජොස් බට්ලර්  සහ නායක ඉයන් මෝර්ගන් ලකුණු  112ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බිඳවැටී තිබූ එංගලන්ත ඉනිම පුදුමාකාර ජවයකින් යුතුව ගොඩගැනීමට  ජොස් බට්ලර් සමත් වූ අයුරු වෘත්තීය ක්‍රීඩාවක ස්වරූපය පෙන්වා දුන්නේය. ලකුණු 95 දී ඔහු ලබා දුන් උඩපන්දුව පැතුම් නිශ්ශංක අතින් ගිලිහිනි. ජොස් බට්ලර් පන්දු 67කදී ලකුණු 101ක් රැස් කළේය. ඒ ඉනිමේ අවසාන පන්දුවට හයේ පහරක් එල්ල කරමිනි. .

වනිදු හසරංගට ජේසන් රෝයි සහ  ජොනි බිස්ට්‍රොව් ගොදුරු වුනේය. එක් අන්තයක පන්දු යැවීම ආරම්භ කළ වනිඳු හසරංග තමන් යැවූ දෙවන පන්දුවෙන් ජේසන් රෝයි දවා ගත්තේය. හතරවන ඕවරයේ අවසන් පන්දුවේ දී දුෂ්මන්ත චමීර ඩේවිඩ්  මිලර්ගේ කඩුල්ල ලබා ගත්තේය. පස්වෙනි ඕවරයේ දෙවැනි පන්දුවේ දී  ජොනි බ්‍රිසෝව් වනිඳුට ගොදුරු විය.  ශ්‍රී ලංකා කණ්ඩාය දවාගත් සිවුන කඩුල්ල වූ  ඉයන් මෝර්ගන් දවා ගත්තේත් වනිඳු හසරංගය. ඒ වනවිට මොර්ගන් පන්දු 36ක දී ලකුණු 40ක් ලබාගෙන තිබිණි.

වනිඳු ඕවර හතර අවසානයේ ලකුණු 21කට කඩුළු 03ක් බිඳ හෙළුවේය.  එක් කඩුල්ලක් ලබා ගත් දුෂ්මන්ත චමීර  පන්දු ඕවර හතර අවසානයේ දී ලකුණු 44ක් ලබා දී තිබිණි.

විශිෂ්ට පන්දු යැවීමක් මහීෂ් තීක්ෂණගෙන් ද දක්නට ලැබිණි. ඔහු කඩුලු නොලැබුවත් පන්දු ඕවර 4ටම ලබා දුන්නේ ලකුණු 13කි.

පන්දුවට පහර දෙන්නට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත පන්දු යවන්නන් හමුවේ මුලුමනින්ම අසරණ වූයේය.

ඉනිමේ දුවද්දී දැවී යෑම් දෙකකි. පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක එක් ලකුණක් ලබා සිටිද්දී දුවද්දී දැවී ගියේය. දසුන් ශානකත් දැවී ගියේ දුවද්දීය.

යළිත් කුසල් ජනිත් අසාර්ථකය. ඔහු ලකුණු 07කි.  චරිත් අසලංක සුපුරුදු වේගවත් පිතිකරණයේ යෙදුනේය. පන්දු 16ක දී ලකුණු 21කට දැවී ගියේය. පහළට ඇද දැමූ අවිශ්ක ප්‍රනාන්දුගේ රිද්මය ඉතා අවාසනාවන්ත ලෙස බිඳ වැටී ඇති අයුරු යළිත් දැක ගත හැකි විය. ඔහු ලකුණු 13කි. භානුක රාජපක්ෂ පන්දු  18ක දී ලකුණු 26ක් ද දසුන් ශානක පන්දු 25ක දී ලකුණු 26ක් ද රැස් කළහ

හොඳම පන්දු යැවීම මෙන්ම හොඳම ඉනිම ක්‍රීඩා කළේත් වනිඳු හසරංගය.  ඔහු පන්දු 21 තුළ ලකුණු 34ක් රැස් කළේය. මොයින් අලි පන්දු ඕවර 03ක් යවා ලකුණු 15ට කඩුලු 2ක්, ක්‍රිස් වොකර්ස් පන්දු ඕවර 2.3ක් යවා කඩුල්ලක්, ආදිල් රෂිඩ් පන්දු ඕවර 4ක් යවා ලකුණු 19ට කඩුලු 02ක්, ලියම් ලිවින්ග්සටන් පන්දු ඕවර 4ක් යවා ලකුණු 34ට කඩුල්ලක් ලබා ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක රටක් එක නීතියක් බළකායට උලමා ඇතුළු මුස්ලිම් සංවිධාන 24කින් දැඩි විරෝධයක්

Next Post

තවම ඇමති කටු සුප්පු කරන අය අපට වර්ජනය කරන්නලු… වර්ජනයකට යන්නෙ  සිය වරක් හිතලා…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.