බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දසුන් කස ගහයි… එතකොට පෙරහැර ගිහින් ඉවරයි… නුවර පිළට සුපිරි ජයක්!

by editor
ජූලි 1, 2024 - Updated on ජූලි 2, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

දසුන් ශානක ගේ නිදා සිටි යක්ෂයා අවදි වී කස ගහන්නට පටන් ගෙන තිබිණි. කරුමය වන්නේ ඒ වෙනකොට පෙරහර ගිහින් තිබීමය. ලෝක ක්‍රිකට් ක්‍රීඩාව  ඉදිරියේ රටක් ලෙස අප නිරුවත් වී සිටීම ය. 

එල්.පී.එල් තරගාවලිය ආරම්භ කරමින් අද (01)පල්ලෙකැලේ දී පැවැත්වුන දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම් අතර තරගයේ දී ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම ලකුණු 183ක් ලබා ගෙන ජයග්‍රහණය කරන්නේ පන්දු 16ක් ඉතිරිව තිබිය දී ය.

ලෝක කුසලාන තරගාවලියේ දී චප්ප චපර වෙන්නට කුජීත වී කණ්ඩායමෙන් විසිවී යෑමේ සහතිකය සහිතව සිටි දස්සා අද කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම නියෝජනය කරමින් පෙන්වූ හරඹය ගැන කියන්නට දෙයක් නැත.

දසුන් ශානක පන්දු 15ක දී නොදැවී ලකුණු 46 කි. හයේ පහර 5කි. හතරේ පහර 3කි. නවක ක්‍රිඩක චමිඳු වික්‍රමසිංහ යැවූ 15 වැනි පන්දු ඕවරයේ පන්දු 3කට මුහුණ දී ලකුණු 10ක් ලබා ගත්තේය. ඒ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. අනතුරුව ඔහු මුහුණ දුන්නේ දැනට විස්සයි 20 මාදිලියේ සිටිනා විශිෂ්ටම පන්දු යවන්නන් තිදෙනෙකුටය. බංගලාදේශ සුපිරි වේග පන්දු යවන මුස්ටෆිසුර් රහ්මාන්, නුවන් තුෂා සහ ඩිල්ෂාන් මධුශංකට ඔහු අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළේය. මුස්ටෆිසුර් රහ්මාන්ගේ පන්දු 4කට ඔහු මුහුණ දුන්නේය හතරේ පහරකි. හයේ පහර දෙකකි. පන්දු හතරට ලකුණු 16කි. නුවන් තුෂාරගේ පන්දු 3කට මුහුණ දුන්නේය. හයේ පහරකි. හතරේ පහර දෙකකි. පන්දු 4ට ලකුණු 11කි. ඩිල්ෂාන් මධුශංකගේ පන්දු 2ට ලකුණු 6කි.

පන්දු යැවීමත් සුපිරිය. ලකුණු 20ට කඩුළු 3කි. තරගයේ වීරයා දසුන් ශානක ය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

තරගය

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායකයා වනිඳු හසරංගය. දඹුල්ල සික්සර්ස් නායකත්වය දරන්නේ පළපුරුදු ඇෆ්ගනිස්ථාන නායකයාවන මොහොමඩ් නබි ය.

කාසියේ වාසිය දිනා ගන්නේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම විසිනි. වනිඳු හසරංග පන්දු රැකීමට තීරණය කළේය. කැන්ඩි කණ්ඩායම ශ්‍රී ලංකා නායකයන්ගේ කණ්ඩායමකි. ඈන්ජලෝ මැතිව්ස් එතැනය. දිනේෂ් චන්දිමාල් එතැනය. දසුන් ශානක එතනය. වත්මන් නායක වනිඳු හසරංග කණ්ඩායමේ නායකයා ය.

මාර්ක් චැම්ප්මන්

දඹුල්ල පිලේ ආරම්භක පිතිකරුවන් වූයේ ක්‍රිකට් තහනමකට ලක් වී සිටි ධනුෂ්ක ගුණතිලක සහ හිටපු ශ්‍රි ලංකා නායක මෙන්ම ප්‍රවේගවත් පිතිකරු කුසල් පෙරේරා ය. කුසල් ශ්‍රි ලංකා විස්සයි විස්ස සංචිතයෙන් විසිවී ගිය ආකාරය ගැන ක්‍රිඩා ලෝලීන් තුළ තිබුණේ වේදනාවකි. ඔහු ඊට නිසි පිළිතුරක් දෙනු ඇතැයි අපේක්ෂාවක් බොහෝ ක්‍රීඩා ලෝලීන් තුළ තිබිණි. තමන් තවදුරටත් වැඩ්ඩෙක් නොවන බවට කුසල් පළමු තරගයෙන්ම ඉඟි කළේය. ඔහු පන්දු 04කට මුහුණ දී ලකුණු නොලබා දැවී යන්නේය. දනුෂ්ක ගුණතිලක ලකුණු 11කි. නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 04කි. ඉන් අනතුරුව පැමිණි බංගලාදේශ පිතිකරු තොවිඩ් හිඩ්‍රොයි ලකුණු 1කි. ලකුණු 25කට කඩුළු 04කි.

මංගල තරගයෙන්ම ක්‍රිකට් වික්‍රමයක් ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. දඹුල්ල කණ්ඩායමේ බිඳී ගියේ ඒ කඩුළු 04 පමණි. නවක ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ සහ දඹුල්ල කණ්ඩායමට ක්‍රීඩා කරන නවසීලන්තයේ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩක මාර්ක් චැම්ප්මන් අසිරිමත් ක්‍රීඩාවක නිරත වූයේය. එතැන සිට තරගයේ අවසන් පන්දුව තෙක් තිබුණේ මේ දෙපළගේ අධිපත්‍යය ය. චැම්ප්මන් පන්දු 61ක් තුළ හතරේ පහර 08ක් සහ හයේ පහර 04ක් සමගින් ලකුණු 91කි. චමිඳු පන්දු 42ක් තුළ හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවි ලකුණු 62 කි.

පස්වන කඩුල්ල වෙනුවෙන් මාර්ක් චැම්ප්මන් සහ චමිඳු වික්‍රමසිංහ නොදැවී රැස් කළ ලකුණු 154ක සම්බන්ධතාවය විස්සයි 20 ක්‍රිකට් ඉතිහාසයේ 5වන කඩුල්ල වෙනුවෙන් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව විය. ඔවුන් බිඳ දමා තිබුනේ අලෙක්ස් රෝසා සහ බෙන් මැක්ඩමොට් විසින් තබා තිබූ ලකුණු 102ක වාර්තාව ය. දඹුළු පිල පන්දු ඕවර 20 අවසන් වනවිට ලකුණු 179ක් ලබාගෙන තිබුණේය.

චමිඳු සහ චැප්මන් ලෝක වාර්තාවක් තැබූහ…

එමෙන්ම කැන්ඩි ෆෝල්කන්ස් හි මොහොමඩ් හස්නයින් ද වාර්තාවක් තැබුවේය. ඒ විස්සයි 20 ඉනිමක දී වැඩිම ලකුණු ලබා දුන් ක්‍රිඩකයා ලෙසය ඔහු සිය පන්දු ඕවර 4 තුළ ලකුණු 53ක් ලබා දී තිබුණේය. ඔහු බිඳ දැමුවේ රොව්මන් පවෙල්ට ලැබී තිබුණ ඉනිමක දී ලකුණු 52ක් ලබා දීම පිළිබඳ වාර්තාව ය.
දවාගත් දඹුල්ල කණ්ඩායමේ කඩුළුවලින් 03ක් දසුන් ශානකටය. එකක් මොහොමඩ් හස්නයින්ට ය. විස්සයි 20 මාදිලියේ ලෝකයේ අංක 1 යැයි කී පන්දු යවන්නාව සිටි වනිඳු හසරංගත් හොඳටම ගුටි කෑවේය. කඩුළු නැත. පන්දු ඕවර 4ට ලකුණු 32කි.

ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ෆෙල්කන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වුයේ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් ය. ෆ්ලෙචර් තමන් මුහුණ දුන් පළමු පන්වේදීම දැවී ගියේය. නුවන් තුෂාර ඔහුගේ කඩුල්ල කුඩු කෙරුවේය.

දිනේෂ් චන්දිමාල් අද ප්‍රකට කළේ පුදුමාකාර විශ්වාසයක් සහිත ප්‍රබල පිති කරණයකි. ඔහු ශ්‍රි ලංකා කණ්ඩායමේ සිටිය යුතු විශිෂ්ටයෙක් බව සිය පිතිකරණ රිද්මයෙන් ඔහු පෙන්වා දුන්නේය. චන්දිමාල් පන්දු 40ක් තුළ හයේ පහර 3ක් සහ හතරෙ පහර 6ක් සහිතව ලකුණු 65කි. කමිඳු මෙන්ඩිස් පන්දු 20ක දී ලකුණු 27කි.

තරගය අවසන් කළේ අත්දැකීම් සහිත ශ්‍රි ලංකා නායකයින් දෙදෙනාවන දසුන් ශානක සහ ඈන්ජලෝ මැතිව්ස් ය. මැතිව්ස් පන්දු 20ක දී හතරේ පහර 05ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 37කි. දසුන් පන්දු 15ක් තුළ ලකුණු 46 කි.

නුවන් තුෂාර, මුස්ටෆිසුර් රහ්මාන්, අකිල ධනංජය සහ චමිඳු වික්‍රමසිංහ කඩුල්ල බැගින් ලබා ගත්හ.

කැන්ඩි ෆෙල්කන්ස් ආරම්භක තරගය කඩුළු 6කින් ජය ගත්තේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙවෝන් 05 යාත්‍රාවේ සිරුරු ගොඩබිමට ගෙන එන්න තව දින 02ක් ගතවේවි… ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි!

Next Post

මහනුවර අධිකරණ සංකීර්ණය තුල බෝම්බ බියක්!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.