බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොරෝනා කාලයේ ජිම් ගියේ මැතිව්ස් සහ තිසර විතරද

පුහුණුව පටන් ගත්තත් ක්‍රීඩකයන් ගෙන්වන්න වෙන්නෙ කොටස් වශයෙන්.. මුලින්ම වේග පන්දු යවන්නො...

by editor
මැයි 14, 2020
in ක්‍රීඩා
PERERA-MATHEWS
Share on FacebookShare on Twitter

මාස දෙකකට ආසන්න කාලයක් සමස්ත ශ්‍රී ලංකාවම අගුලු දමා තිබීම හේතුවෙන් මෙරට ප්‍රධාන ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවද නැවතී තිබුණි. ඒ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීර සෞඛ්‍ය ගැන විපරම් කළ ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර්ට දැන ගැනීමට හැකිව ඇත්තේ අංග සම්පුර්ණ ජිම් කට්ටලයක් තිබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරාගේ නිවසේ පමණක් බවය.

“අපිට ක්‍රීඩකයන් 30 ක් විතර ඉන්නවා. නිසැක වශයෙන්ම ඇඳිරිනීතිය නිසා ඔවුන් නිවසට වී සිටියා. අපිට ඉන්නවා ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා වැනි ක්‍රීඩකයන්. ඔවුන්ට තමන්ගේ නිවෙස්වල අංග සම්පූර්ණ ව්‍යායාම ශාලාවක් තියෙනවා. නමුත් තරුණ කොල්ලන්ට එතරම් පහසුකම් නැහැ. ඒ නිසා අපේ කාර්ය මණ්ඩලය විසින් ක්‍රීඩයින්ට ලබාගත හැකි පහසුකම් මත පදනම්ව පුහුණු වැඩසටහන් සකස් කර තියෙනවා. අපේ ක්‍රීඩකයන් ඔවුන්ගේ ශාරීරික පුහුණුවීම් කරන අතර මම ගොඩක් වෙලාවට ඔවුන් සමග ඉඳගෙන කටයුතු කරනවා. පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලය සමග සන්නිවේදනය කරමින් එක් එක් ක්‍රීඩකයන් වෙනුවෙන් සැලසුම් සකස් කරනවා. මම මේ කණ්ඩායම සමග මාස තුනක් ගත කර තියෙන නිසා ක්‍රීඩකයන් කවුරුන්ද සහ ඔවුන්ව ඉදිරියට ගෙනියන්නේ කෙසේද කියා දන්නවා. මම ක්‍රීඩකයන් වෙනුවෙන් සකස් කළ සැලසුම් කිහිපයක් ඔවුන් සමගත් සාකච්ඡා කර තියෙනවා. මේ කාලයේ ඔවුන්ව ක්‍රියාශීලීව තබා ගැනීමට මම උත්සාහ කර තියෙනවා.“ යැයි මිකි ආතර් පවසයි.

කෙසේ වෙතත් ක්‍රීඩකයන්ව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් පුහුණුකරු මිකී ආතර් ඔවුන් සමග සිය රාජකාරි කටයුතු කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් මිකී ආතර් කොළඹ හෝටයක තනිවී සිටිය ද ඔහු පවසන්නේ තමා උදේම නැගිට ජිම් එකට ගොස් පසුව පිහිණුම් තටාකයට ගොස් දවස අරඹන බවයි. අනතුරුව ක්‍රීඩයන් සමග වට්ස්ඇප් ඔස්සේ සාකච්ඡා කරන බවයි. ක්‍රිකට් ක්‍රීඩකයන් සියලුම දෙනාම වට්ස්ඇප් ගෲප් එකකට එකතුවී ඇති බැවින් සියලු දෙනාම එකිනෙකා අතර සම්බන්ධතාවය එම ගෲප් එක මගින් කරගෙන යනු ලබයි.

ක්‍රීඩකයන් සමග ඇති සන්නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරුවා වැඩිදුරටත් මෙසේ පැවසීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ක්‍රීඩකයන් පුහුණුවන විට මට ඔවුන් සමග විශාල සන්නිවේදනයක් තියෙනවා. ඔවුන්ට මා සමග බොහෝ දේ බෙදා ගැනීමට සිදුවී ඇති අතර එමගින් ක්‍රීඩකයන්ගේ සැලැස්ම අනෙක් පුහුණුකරුවන් සමග එක්ව කිරීමට මම ඉඩ ලබාදී තියෙනවා. මම මගේ අදහස ඔවුන් සමග බෙදාගෙන තියෙනවා. අපි නොදන්නා අවධියකයි සිටින්නේ. මේ කාලයේදි අපේ වට්ස්ඇප් ගෲප් එක කියවීම සෑම දෙනාටම සෑම දිනකම වගකීමක් තියෙනවා. ඒ මගින් ක්‍රීඩකයන් ඉන්න තැන ඉඳලා ඔවුන්ගේ මිතුරන් සමග යාවත්කාලීන කර ගැනීමට උත්සහ කර තියෙනවා. මා සතු සියලු තොරතුරු මම ඔවුන් වෙත යවා තියෙනවා. ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසුව අපිට පුහුණුකරන්න අවස්ථාව ලැබෙයි. නමුත් අවසර ලැබෙන්නේ ක්‍රීඩකයන් සුළු සංඛ්‍යාවක් ගෙන ඒමට පමණයි. ඒ නිසා අපිට මුලින්ම වේග පන්දු යවන්නන්ව ගෙන්න ගන්න වෙනවා.“

ප්‍රේක්ෂකයන් නොමැතිව හෝ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් නැතහොත් සමස්ත ක්‍රිකට් ලෝකයම දැඩි මුල්‍ය අර්බුදයකට  ලක්වන බවත් පවසන මිකී ආතර් විස්සයි විස්ස ලෝක කුසලාන මේ වසරේදී කෙසේ හෝ පැවැත්විය යුතු බවද සඳහන් කර සිටියි.

Share69Tweet43
Previous Post

රට විවෘත වුණා… දැන් වගකීම ඔබේ අතේ

Next Post

විස්සයි විස්සේ අඩුපාඩු ගොඩයි… දිමුත් ප්‍රේක්ෂකයෙක් විදිහට කියයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.