අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

කැන්ඩි විසි කර දමා ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට යයි…

යළිත් එල්.පී.එල් වර්ණවත් කළ ධනුෂ්ක ගුණතිලක 94යි.. කැන්ඩ් 126කට සීමා වේ...

by editor
දෙසැම්බර් 11, 2020
in LPL, ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

එල්.පී.එල්.තරගාවලියේ ආරම්භයේ සිටම පිට පිට තරග පරාජයට පත්වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම වැටී සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මොහොතේදී කැන්ඩි ටස්කර්ස් පිල ඉවතට තල්ලු කරමින් අවසන් පූර්ව වටයට රිංගා ගැනීමට ඊයේ සමත්විය. 

මූලික වටයේ අවසන් තරග කිහිපය ආරම්භ වනවිටත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකිං, ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් කණ්ඩායම සහ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටි බැවින් කැන්ඩි සහ ගෝල් අතර ඊයේ රාත්‍රී පැවැති තරගය දෙපිලටම තීරණාත්මක විය.

කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ නායක භානුක රාජපක්ෂ පළමුව පන්දුවට පහරදීමේ වාරය කුසල් ජනිත්ගේ කණ්ඩායමට ලබාදුන් අතර ඕවර 19.1කදී ලකුණු 126කට කැන්ඩි කණ්ඩායම සීමා කළ මොහොමඩ් අමීර් ප්‍රමුඛ ගෝල් පන්දු යවන්නෝ සිය කණ්ඩායමට ඉලක්කය පහසු කළේය. ගෝල් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින්  අවසන් පූර්ව වටයට ඔවුන් රැගෙන ගියේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකය. ඔහු නොදැවී ලකුණු 94ක් රැස් කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ගෝල් කණ්ඩායම කඩුලු 9කින් තරගය ජයගත්තේ ඕවර 3ක්ම ඉතිරිව තිබියදීය. 

කැන්ඩි ඉනිම දැඩි පසුබෑමකට ඇද දැමීමට පෙරමුණ ගත් පාකිස්තානු වේගපන්දු යවන්නා මොහොමඩ් අමීර් ඉනිමේ පළමු ඕවරයේ කිසිදු ලකුණක් ලබා නොදුන් අතර, කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇෆ්ගනිස්තාන ප්‍රහාරාත්මක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් එම ඕවරය තුළදී දැඩි තර්ජනයකට හසුවිය. දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් නායක කුසල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමට නුවන් තුෂාර සමත්වීමත් සමග කැන්ඩි කණ්ඩායමේ පීඩනය ඉහළ ගියේ කිසිදු ලකුණකින් තොරව පළමු කඩුල්ල බිඳ වැටීම නිසාය. අනතුරුව ඉනිමේ සිවුවැනි ඕවරය යවමින් ගුර්බාස්ගේ ඉනිම ලකුණු 4කට සීමා කිරිමට නුවන් තුෂාර සමත්වය. මේ අනපේක්ෂිත තත්ත්වය මැද කැන්ඩි කණ්ඩායමට පළමු ඕවර 5 නිමාවනවිට රැස් කිරීමට හැකිවූයේ කඩුලු 2කට ලකුණු 19ක් පමණි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අනතුරුව භානුක රාජපක්ෂ යැවූ 6 වැනි ඕවරයේ අවසන් පන්දු දෙකටම පිට පිට හතරේ පහර දෙකක් එල්ල කරමින් පීඩනයෙන් මිදීමට උත්සාහ කළ බ්‍රෙන්ඩන් ටේලර් 10 වැනි ඕවරයේදී ලකුණු 20කට දැවී ගියේ කුසල් මෙන්ඩිස්ට ඉනිමේ බර පටවමිනි. ඕවර 10ක් නිමාවනවිට කැන්ඩි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 58ක් පමණි. කුසල් සහ බ්‍රෙන්ඩන් ටේලර් අතර තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු සම්බන්ධතාව ලකුණු 48කි.

11 වැනි ඕවරයේදී සීකුගේ ප්‍රසන්න එක් ලකුණකට දවාලීමට ධනංජය ලක්ෂාන් සමත්වීමත් සමග ගෝල් කණ්ඩායමේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඉහළ ගියේය. කෙසේ වුවත් ඉනිම ගොඩනැගීමේ වගකීම කරපින්නා ගත් කුසල් මෙන්ඩිස් සඳකැන් යැවූ 12 වැනි ඕවරයේදී හතරේ පහර 3ක්ම එල්ල කළ අතර 15 වැනි ඕවරය නිමාවනවිට මුළු ලකුණු සංඛ්‍යාව 104 දක්වා ඉහළ දැමීමට සමත්වූයේ අර්ධ ශතකයක් වාර්තා කරමිනි.කෙසේ වුවත් ඕවර 17ක් නිමාවනවිට ලකුණු 113ක් ඇතුළත කඩුලු 6ක්ම බිඳ වැටීම නිසා ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීමට කුසල් මෙන්ඩිස්ට සිදුවූයේ හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමිනි.

සහන් ආරච්චිගේ යැවූ 18 වැනි ඕවරයේ දී හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කළ කුසල් එම ඕවරයේදිම දැවී ගියේ ලකුණු 68කටය. පන්දු 42කට මුහුණ දුන් ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කළේය.

19 වැනි ඕවරය යැවූ මොහොමඩ් අමීර් එම ඕවරය තුළදී කඩුලු 2ක් දවාලීමට සමත්වූ අතර සිය ඕවර 4දී ලකුණු 11ක් පමණක් ලබා දුන්නේ එක් නොඉඳුල් ඕවරයක් ද සමගිනි. නුවන් තුෂාර, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ ද කඩුලු 2 බැගින් දවාලූහ.

පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ගෝල් කණ්ඩායමේ ලකුණු යන්ත්‍රය ධනුෂ්ක ගුණතිලක සුපුරුදු ප්‍රහාරය දියත් කරමින් කැන්ඩි කණ්ඩායමේ පරාජය ඉක්මන් කරවීය. හස්රතුල්ලා සසායි සමග එක්ව ඔහු ගෝල් කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගිය අතර ඕවර 10ක් නිමාවනවිට ගෝල් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 77 දක්වා ඉහළ දැමුවේ කැන්ඩි කණ්ඩායමේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ දමමිනි. සසායි දැවී ගියේ ඩිලරුවන් පෙරේරා යැවූ ඉනිමේ 15 වැනි ඕවරයේදීය. ඔහු ලකුණු 20ක් ලබා සිටියදී දැවී ගියේ ධනුෂ්ක සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 101ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. නොදැවී ලකුණු 94ක් රැස් කළ ධනුෂ්ක පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් එල්ල කිරීමට සමත්විය. 

තරගයේ ජයග්‍රහණයත් සමග ගෝල් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා කැන්ඩි කණ්ඩායම සමග සම තත්ත්වයේ පසුවූවත් ලකුණු ලබාගැනීමේ වේගය මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.ගෝල් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ ධනුෂ්ක එල්.පී.එල්. තරගාවලියේ ඉනිම් 8කදී ලකුණු 462ක් රැස් කරමින් තව දුරටත් වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්වූ අතර මොහොමඩ් අමීර් තරගාවලිය පුරා කඩුලු 10ක් දවාලමින් වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි තැන රැඳී සිටී.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එල්.පී.එල්. තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද රාත්‍රී පැවැත්වෙන්නේ කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිං කණ්ඩායම් අතරය. පළමු අවසන් පූර්ව තරගය 13 වැනිදා පැවැත්වෙන අතර 14 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ 16 වැනිදාය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 09ක රත්තරන් සමග ශ්‍රී ලාංකිකයන් 04ක් ඉන්දියානු වෙරළාරක්ෂකයන්ගේ අත් අඩංගුවට…

Next Post

මහනුවර වැසුණු පාසල් 42ක් සඳුදා සිට ඇරේ – 3ක් තවදුරටත් වහලා

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.