සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් ගැනත් හිරිකිත හිතෙන ශම්මිගේ ගැහිල්ල ගැන විගණනය කළ හෙළිදරව්වක්!

by editor
ජූලි 26, 2023
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමට සහභාගී විම සඳහා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ආරාධනාවකට අනුව ඔවුන් විසින් ආහාර, නවාතැන්, ගුවන් ටිකට් පත් සහ දිනකට ඩොලර් 500 බැගින් දින 05ක් සඳහා ඩොලර් 2500ක දීමනාවක් ලබා දී තිබිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි ද සිල්වා එම ගමනට සහභාගී වීම  සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දෛනික වියදම් ලෙස  ඩොලර් 9500ක අමතර දීමනාවක් ලබා ගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය හෙළිදරවු කරයි.

2022 ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ  විස්සයි 20 ලෝක කුසලාන (පිරිමි)  තරාගාවලිය ආශ්‍රිතව ජාතික විගණන කාර්යාලය සිදුකළ  විගණනයේ වාර්තාවට අනුව ඒ සිද්ධිය සිද්ධිය මෙසේය.

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීම ඔස්ට්‍රේලියාවේ දී  2022 නොවැම්බර් මස 11 සිට 13 වැනිදා දක්වා පැවැත්වුනේය.  සමුලුවට සහභාගී වන අයෙකු සඳහා  සමුලුවට සහභාගී වීමට නියමිතව තිබූ නිල රාජකාරි කාලය දින 3කි.  ඒ වෙනුවෙන් දින   05ක් සඳහා නවාතැන් පහසුකම්, විදේශ ගමන් දීමනා, ගුවන් ටිකට්පත්, ඇතුළු සියලුම වියදම් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැරුවේය.

ඒ අනුව අයිසීසී දරන සියලුම වියදම්වලට අමතරව  දෛනිකව   ඩොලර් 500 බැගින් දින 05ක් සඳහා  ඩොලර් 2500ක අමතර දීමනාවක් සමුලුවට සහභාගීවන පුද්ගලයා සඳහා අයි.සී.සීයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් වෙත යොමු කර තිබිණි.

විගණන වාර්තාවට අනුව මෙම සමුලුවට සහභාගී වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි ද සිල්වාය.       අයි.සී.සී. ය විසින් පූර්ණ වියදම් දරන මෙම සමුළුව සඳහා සහභාගී වීමට ශම්මි ද සිල්වා  2022    ඔක්තොම්බර් 20 දා වැනිදා  අංක PY2022008927 දරන ගෙවිම් වවුචරය මගින් මුලින්ම දිනකට ඇමරිකානු ඩොලර් 500 බැගින්  දින පහක් සඳහා ඇමරිකන් ඩොලර් 2500ක්  ක්‍රිකට් ආයතනයෙන් ලබාගෙන තිබිනි.   එම මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් නව ලක්ෂ දහතුන් දහස් හත්සිය පනහ (9,13,750)කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව දෙවැනි අවස්ථාවක   එම දින 05 වෙනුවෙන් එක් දිනකට ඇමරිකන් ඩොලර් 700ක් බැගින් ඩොලර් 3500ක තවත් දෛනික දීමනාවක් ලබාගෙන තිබිණි.

ඉන්ද නොනැවතී තවත්  අමතර දින 05ක් සඳහා දිනකට ඇමරිකන් ඩොලර් 700 බැගින් තවත් ඇමරිකන් ඩොලර් 3500ක්  ක්‍රිකට් ආයතනයෙන්  ලබාගෙන තිබිණි.

දෙවැනි වර ලබා ගත් මුදල ඩොලර් 7000කි. මේ ඩොලර් 7000 වටිනාකම රුපියල් විසි පන් ලක්ෂ පන් ලක්ෂ   හැට දහස් එකසිය අසූවකි.

ඒ අනුව මෙම ගමනට අයිසීසී ආයතනය සියලුම පහසුකම් සපුරද්දී දින 05ක රාජකාරිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට ක්‍රිකට් ආයතනය ඩොලර් 9500ක් ගෙවා තිබිණි. එහි මුදල රුපියල් තිස් හතර ලක්ෂ හැත්තෑ තුන් දහස් නවසිය තිහ (34,73,930) කි.

මෙම සමුලුව තිබුණේ නොවැම්බර් මස 11 සිට 13 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේය. ෂම්මි ද සිල්වා  2022 ඔක්තොම්බර් 31 ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. නැවත පැමිණියේ නොවැම්බර් 15 වැනිදා ය. දින 05 සමුලුව සඳහා ඔහු දින 15ක කාලයක් ගත කර තිබිණි.

ඔහු සමුළුවට සහභාගී වීම සදහා නැවත ඔස්ට්‍රේලියාවට යන්නේ    දින 10ක් සඳහා ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට රුපියල් ලක්ෂ 51කට වැඩි මුදලක් වියදම් සඳහා වෙන් කරගෙන දින නවයකින් ආපසු පැමිණිමෙන් අනතුරුව දින 12කට පසුවය.

සභාපතිවරයා 2023 පෙබරවාරි 03 දින PY0000001809 දරන රිසිට් පතින් තමන් ගත් මුදලින්  රුපියල් හත් ලක්ෂ හැට හත් දහස් පන්සිය පනහක් වටිනා ඇමරිකානු ඩොලර් 2100ක් ක්‍රිකට් ආයතනයට ආපසු ගෙවා තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාට  විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය  නැරඹීමට සහ මෙම සමුළුවට සහභාගී වීම වෙනුවෙන්   එක් කෝටි දාහත් ලක්ෂ විසි දහස් අටසිය තිස් දෙකක ( 1,17,28,832)ක  මුලු වියදමක් දරා තිබිණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලිඳුල වතු කම්කරු නිවාස පෙළක් ගිනි ගනී… නිවාස 20ක් විනාශයි ( වීඩියෝ සහිතයි)

Next Post

වව්නියාවේ උපන්දින සාදයට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය තරුණියගේ පෙම්වතාත් මිය යයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.