බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අවසන් අභිමානය වෙනුවෙන් කළ සටන දිනුම්… අපි ක්‍රිකට් පටන් ගන්නකොට පෙරහර ගිහින්!

by editor
ජූනි 17, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මැතිව්ස්  ඊයේ ජාතියෙන් සමාව ගත්තේය.  ජාතියේ අභිමානය වෙනුවෙන් අද නෙදර්ලන්තය සමග තරග වදින බව කීවේය.  ඉකුත් තරග දෙකේදීම වගකීම් අත්හළ පිතිකරුවෝ සිය ඩියුටිය  කළහ.  නෙදර්ලන්තයට ලැබුණු ජයග්‍රාහී ඉලක්කය ලකුණු 202කි.  මේ ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ තරගය මෙයය. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 118කට සීමා කළහ. ඒ පන්දු ඕවර 16.4ක දී සියලු දෙනා දවා ගනිමිනි.  ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය පරදවා ලකුණු 83කින් දිනුම්ය. නෙදර්ලන්ත ශ්‍රී ලංකා තරගයක දී මෙතෙක් වැඩිම ලකුණු ගණනක් වාර්තා වන්නේත් මේ තරගයේ දීය.  කණ්ඩායම් දෙකම ලකුණු 319ක් රැස් කරගෙන තිබිණි.

ක්‍රිකට් වගකීම ජාතික වගකීමක් බව තේරුම් ගැනීමට අහසේ පාවෙමින් සිටි තරුවලට වැටහෙන්නට බිමට ඇද වැටී කොන්ද බිඳෙන තුරු ඉඳින්නට සිදුවිය.  ලෝක මට්ටමේ ඇති විශිෂ්ට පුද්ගල දක්ෂතා සමූහයක් සහිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රි ලංකා කණ්ඩායම මේ තරගාවලියේ මුල් වරට කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ ආකාරය දුටුවේ අදය.

අවාසනාවකට ඒ වනවිට පෙරහර ගොස් හමාරය. අද පැවති ශ්‍රී ලංකා නෙදර්ලන්ත ලෝක කුසලාන ප්‍රදර්ශන තරගය නැරඹීමට ද   ශ්‍රී ලාංකිකයන් පැමිණ සිටි අයුරු පෙනුනි.  එහෙත් මහා ප්‍රේක්ෂාගාර මුලුමනින්ම පාහේ හිස්ය.  කෙසේ වෙතත් අපේ අවසන් තරගය වී තිබුණේ ඩී ඛාණ්ඩයේ අන්තිමයා ලෙස නේපාලයට පහළින් තරගය නිමා නොකිරීමය. එය සාර්ථක වී ඇත. අප තරගාවලිය නිමා කරන්නේ ඩී ඛාණ්ඩයේ තුන්වැනියා ලෙසය. නෙදර්ලන්තය හා නේපාලය අපට පහළිනි.

තරගයේ වීරයා වූ වනිඳු හසරංග

තරග හතරෙන් තරග හතරම ජයග්‍රහණය කර දකුණු අප්‍රිකාව සහ තරග තුනක් ජයග්‍රහණය කළ බංගලාදේශය සුපිරි අට දෙනාගේ වටයට තේරෙන විට අප ඊලඟ ෆ්ලයිට් එකෙන් ගෙදර එන්නේය.

ඒ ඛාණ්ඩයෙන් ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සුපිරි අට දෙනාටය. පකිස්ථානය අප මෙන්ම එළියේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

බී ඛාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අපේක්ෂා කළ ලෙසම සුපිරි අට දෙනාට තේරී තිබේ.

සී ඛාණ්ඩයේ ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සුපිරි 08 ආසන්නයේ ය. නවසීලන්ත කණ්ඩායමත් අප වගේම සුපිරි අටෙන් විසිවී ඇත.

අද නෙදර්ලන්තය සමග ශ්‍රී ලංකාව තරග වැදුනේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල  සෙන්ට් ලුසියාහි ඩැරන් සමී ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ය.  ඇමරිකාවේ දී මෙන් නොව ලැබී තිබුනේ සුපුරුදු තණ තීරුය.

කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.  පැතුම් නිශ්ශංක දෙවැනි පන්දුවේ දීම ලකුණු නොලබා දැවී ගියත්  කුසල් මෙන්ඩිස් ලකුණු පන්දු 29ක දී හතරේ පහර 05ක් සමග ලකුණු 46ක්, ධනංජය ද සිල්වා පන්දු 26ක  දී හතරේ පහර තුනක් සහ එක්හයේ පහරක් සමග ලකුණු 34ක්, චරිත් අසලංක පන්දු 21ක දී හයේ පහර 05ක් සහ හතරේ පහරක් සමග ලකුණු 46ක්, ඈන්ජලෝ මැතිව්ස් පන්දු 15ක දී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමග නොදැවී ලකුණු 30ක්, වනිඳු හසරංග හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමග පන්දු 06ක දී  නොදැවී ලකුණු 20ක් ලැබුවේය.

දසුන් ශානක තමන්ගේ සියවැනි විස්සයි 20 තරගයේ දී වාර්තාවක් තැබුවේය. ඒ විස්සයි විස්ස තරග රටාවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම වාර ගණනක් ලකුණු නොලබා දැවී ගිය ක්‍රීඩාකයා ලෙසය.  දැන් ඒ තැන දසුන් ශානකටය. ඔහු  ඉනිම 92ක් ක්‍රීඩා කර ඉනිම   11ක ලකුණු නොලබා දැවී ගොස් ඇත. මීට කලින් මෙම වාර්තාව හිමි කරගෙන හිටියේ දැන් ක්‍රිකට් පොර ටෝක් දෙන ටිඑම් ඩිල්ෂාන්ය. ඩිල්හාන් ඩිල්ෂාන් තරග 80ක් ක්‍රීඩා කර ඉනිම 79ක දී 10 වරක් ලකුණු නොලබා දැවී ගොස් තිබිණි.

පන්දු යැවීමේ දී ලොගන් වැන් බීක් ලකුණු 45ට කඩුළු 02ක් ලැබුවේය. විවියන් කින්ග්මා, ආර්යන් දත්, පෝල් වැන් මිකෙරෙන්, ටිම් පින්ගල් කඩුල්ල බැගින් ලැබූහ. අන්තර්ජාතික විචාරකයන්ගේ මහත් ඇගයීමට ලක් වුන පන්දු රැකිම් කීපයක් ද නෙදර්ලන්ත කන්ඩායමෙන් ප්‍රදර්ශනය විය.

ලකුණු 06ක් එක් ලකුණක් බවට පත් කළ සයිබ්‍රන්ඩ් එන්ගල්බ්‍රච්ට්ගේ විශිෂ්ට පන්දු රැකීම

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි නෙදරලන්ත කණ්ඩායම කදිම ආරම්භයක් ලබා ගත්තේය. පළමු කඩුල්ල බිඳවැටෙන්නේ පස්වන ඕවරයේ 3වැනි පන්දුවේ දීය. ඒ වනවිට ඔවුන් ලකුණු 45කි.  මිචෙල් ලෙවිට් හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමග පන්දු 23ක දි ලකුණු 31ක් ලැබුවේය.  නායක ස්කොට් එඩ්වඩ් මැද පෙළ රැඳෙමින් පන්දු 24ක දි ලකුණු 31ක් ලැබුවේය. අනෙක් එක් පිතිකරුවෙක්වත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථක වූයේ නැත.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර පන්දු ඕවර 3.4ක් තුළ ලකුණු 24කට කඩුළු 03ක් ලැබුවේය. මතීෂ පතිරණ පන්දු ඕවර 3ක් තුළ ලකුණු 12කට  කඩුළු 02කි.  වනිඳු හසරංග ලකුණු 25ට කඩුළු 02කි. මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක කඩුල්ල බැගින් ලැබූහ. තරගයේ වීරයා චරිත් අසලංකය.

නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 118කට සියල්ලෝ දැවී ගියහ. ඒ ක්‍රීඩා කිරීම සඳහා තවත් පන්දු 20ක් ඉතිරිව තිබිය දී ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙවල් ලක්ෂයකට ජලය නැතිකරමින් සිදුවුන රිය අනතුර….

Next Post

පැරදුන කණ්ඩායමක කොන්ත්‍රාත්තුවකට ක්‍රීඩාංගනයට කඩා වැදුන මැර පිරිසක්  අවසන් තරගයට ක්‍රීඩාකමින් සිටි කණ්ඩායමට  කඩුවලින්  කොටලා… එක් ක්‍රීඩකයෙකු බරපතල තත්ත්වයෙන් රෝහලේ… 

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.