අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

යාපනයෙන් ජාතික තලයට ක්‍රීඩකයෙක් බිහි වෙයි… විජයකාන්තගේ මංගල කඩුල්ල මැතිව්ස්…

by editor
දෙසැම්බර් 5, 2020
in LPL, ක්‍රීඩා
Wijayakantha
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරිමට අසමත් වූ නිසා ඊයේ (04) රාත්‍රී පැවැති එල්.පී.එල්. තරගයේදී කලම්බෝ කිංග්ස් හමුවේ කඩුලු 6ක පරාජයක් අත්විඳිමට තිසර පෙරේරාගේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිදුවිය. එය මේ තරගාවලියේ දී ජැෆ්නා කණ්ඩායම ලැබු පළමු පරාජය විය.

තරගයෙන් පරාජයට පත්වූවත් ලකුණු  සටහනේ තවදුරටත් පෙරමුණ රැක ගැනීමට යාපනය  කණ්ඩායම සමත්වූ අතර ඊයේ ලැබූ ජයග්‍රහණයත් සමග එම ලකුණු සටහනේ දෙවැනි තැන අත්කර ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස්ගේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත්විය.

ඊයේ තරගයේදී කැපී පෙනෙන සිදුවීම වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට යාපනයේ උපන් ක්‍රීඩකයකු ජාත්‍යන්තර මට්ටමේ තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර ගැනීමය. යාපනය කණ්ඩායමටම ක්‍රීඩා කරමින් මේ වාසනාව අත්කරගනු ලැබුවේ යාපනය මැදි විදුහලෙන් බිහිවු 19 හැවිරිදි පාදඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් විසිනි.

විජයකාන්තන් තිසර අතින් නිල හිස්වැස්ම ලබා ගත් අවස්ථාව

තරගයෙන් යාපනය කණ්ඩායම පරාජයට පත්වූවත් ඉතිහාසගත වාර්තාවක් තබමින් යාපනයෙන් ජාතික ක්‍රිකට් තලයට ක්‍රීඩකයකු දායාද කිරිමට හැකිවිම නිසා යාපනය කණ්ඩායම වෙනත් ආකාරයෙන් ජයග්‍රහණයක් ලබා සිටී. තරගයට පෙර නායක තිසර පෙරේරාගේ සුරතින් නිල හිස්වැස්ම ලබාගත් මොහොතේ සිට උද්දාමයට පත්වූ මේ යොවුන් ක්‍රීඩකයාගේ 19 වැනි උපන්දිනය අදට (05) යෙදුනේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පන්දුවට පහරදීමට මෙන්ම පන්දු යැවිමට ද අවස්ථාව ලබා සිය මංගල තරගයේදී  ඇන්ජෙලෝ මැතිව්ස්ට මුහුණ දුන් මේ ක්‍රීඩකයා පන්දු යැවීමේදී මැතිව්ස්ගේම කඩුල්ල දවාලීමට සමත්වීම කැපී පෙනුණු සිදුවිමකි.

විජයකාන්ත මංගල කඩුල්ල ලෙස මැතිව්ස් දවා ගත් ආකාරය …

කාසියේ වාසිය දිනූ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීම ජැෆ්නා කණ්ඩායමට ලබාදෙමින් ඕවර 20 නිමාවනවිට ලකුණු 148කට සීමා කරගත්තේය. එම ලකුණු සංඛ්‍යාව  වුවත් රැස් කිරීමට ජැෆ්නා කණ්ඩායමට කඩුලු 9ක්ම වැයවීම විශේෂත්වයකි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බෝ කිංග්ස් කණ්ඩායම තරගය ජයගත්තේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීය. වැය වූයේ කඩුලු 4ක් පමණි.

ඊයේ ජැෆ්නා ඉනිමේ පළමු ඕවරය යැවූ නායක මැතිව්ස් සිය ඕවරය තුළ දී ලකුණු 3ක් පමණක් ලබාදීම නිසා දෙවැනි ඕවරයේදී ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දැමීමට අවිශ්ක ප්‍රනාන්දු සහ ජොන්සන් චාල්ස් උත්සාහ ගත්හ. දුෂ්මන්ත චමීර යැවූ එම ඕවරයේදී හයේ පහරක් එල්ල කිරීමට චාල්ස් සමත්වූවත් ඊළඟ පන්දුවෙන් දැවීයාම නිසා තත්ත්වය තවත් නරක අතට හැරිණි. කෙසේ වුවත් ආ විගස චමීරට හතරේ පහරකින් සංග්‍රහ කළ මිනෝද් භානුක ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව ජැෆ්නා ඉනිම ඇදගෙන ගියේය. මුළු ලකුණු සංඛ්‍යාව 51දී අවිශ්කගේ දැවීයාම විශාල පාඩුවක් විය. පන්දු 23කදී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමග ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 26කි. ඉන් පසුව පිටියට පිවිසි පාකිස්තාන පිලේ ප්‍රවීණ පිතිකරු සොහේබ් මලික්ට වැඩිවේලා කඩුල්ලේ රැඳී සිටීමට ඉඩක් නොලැබිණි. මේ තරගාවලියේ මෙතෙක් කිසිදු සාර්ථකත්වයක් පෙන්නුම් නොකළ මේ ක්‍රීඩකයා ඊයේ ලකුණු 8ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කළ ක්වයිස් අහමඩ් එම ඕවරයේ අවසන් පන්දුවෙන් මිනෝද් භානුකවත් දවාලීම නිසා ඕවර 10ක් නිමාවනවිට ජැෆ්නා කණ්ඩායමේ කඩුලු 4ක් අහිමිවී තිබුණු අතර රැස් කළේ ලකුණු 66ක් පමණි.

ඉන් අනතුරුව එක දිගටම මැදපෙළ පිතිකරුවන් දැවීයාමට පටන් ගත් අතර මුළු ලකුණු සංඛ්‍යාව 74දී ධනංජය ද සිල්වා ලකුණු 2කට දැවී යාමෙන් මොහොතකට පසු නායක තිසර පෙරේරා ලකුණු 18කට දැවී ගියේ කණ්ඩායමේ සියළු බලාපොරොත්තු සුන් කර දමමිනි. තරගාවලිය පුරා ලකුණු අතරේ සිටි තිසර ඊයේ පන්දු 8කින් ලකුණු 18ක් රැස් කරමින් සිටියදී චමීරගේ පන්දුවකට දැවී ගියේය. 13 වැනි ඕවරයේදී චතුරංග ද සිල්වා ලකුණු නොලබා දැවීයාමෙන් පසු ජැෆ්නා කණ්ඩායමේ ඉනිම දිස්වූයේ කඩුලු 7කට ලකුණු 87ක් ලෙසය. ජැෆනා ඉනිමේ කඩුලු 6ක්ම බිඳ වැටුණේ ලකුණු 36ක් ඇතුළතදීය.

අනතුරුව හුදෙකලා සටනක නිරතවූ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පන්දු 23කින් ලකුණු 41ක් රැස් කරමින් ජැෆ්නා කණ්ඩායමේ ඉනිම ඉහළ නැංවූයේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් ද එල්ල කරමිනි.

ලකුණු 149ක ඉලක්කය හඹා ගිය කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 28දී ලෝරි ඉවාන්ස් දවාලමින් පන්දුවෙන් ද දස්කම් පෑ වනිඳු හසරංග මුළු ලකුණු සංඛ්‍යාව 50දී ඩැනියෙල් බෙල් ලකුණු ලැබීමටත් පෙර කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගැනීමට සමත්විය. අනතුරුව නායක මැතිව්ස් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගූ දිනේෂ් චන්දිමාල් සිය අර්ධ ශතකය රැස් කළේ පන්දු 35කිනි.

චන්දිමාල් සහ මැතිව්ස්ගේ සම්බන්ධතාව  බිඳ දැමීමට සමත්වූයේ යාපනයෙන් බිහිවූ විජයකාන්ත් වියස්කාන්ත්ය. ඉනිමේ 12 වැනි ඕවරය යැවීමට කැඳවූ වියස්කාන්ත්ගේ සිවුවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් මැතිව්ස් මේ කෝඩුකාරයා අසරණ කළත් ඊළඟ පන්දුවෙන් දැවී ගියේ අනපේක්ෂිත අයුරිනි. ඉහළින්ම එල්ල කළ එම පන්දුව හතරේ සිමාව අසළදී අතිවිශිෂ්ට අයුරින් රැක ගැනිමට සොහේබ් මලික් සමත් විය.

පන්දු 24කදී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 22ක් ලබාගැනීමට මැතිව්ස් සමත් වූ අතර පසුව පැමිණි ඇන්ඩ්‍රි රසල් පන්දු 20කින් ලකුණු 32ක් ලබා ගනිමින් ලකුණු සංඛ්‍යාව 130 දක්වා ඉදිරියට තල්ලු කරගෙන ගියේය. හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් එල්ල කළ රසල් දැවි යන විට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 19ක් පමණි. ධනංජය ද සිල්වා යැවූ අවසන් ඕවරයේ දෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් කලම්බෝ කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගිය දිනේෂ් චන්දිමාල් පන්දු 51කින් නොදැවී ලකුණු 68ක් රැස් කළේය. හතරේ පහර 7කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණවත් කළ චන්දිමාල් තරගයේ විරයා සම්මානයත් දිනාගත්තේය.

මේ අතර   දඹුලු කණ්ඩායමේ ආක්‍රමණශීලි පන්දු යවන්නන්  හමුවේ කැන්ඩි ටස්කර්ස් සිවුවැනි පරාජයත් ලැබීය.

 දැඩි ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරතවූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ අසරණ වූ පිතිකරුවන්ට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට අසමත්වීම නිසා ඊයේ රාත්‍රී පැවැති තරගයෙන්  කඩුලු 5ක පරාජයක් අත්විඳ ගැනීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සිදුවිය.

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 156 හඹා ගිය දඹුලු කණ්ඩායම තරගය ජයගත්තේ කඩුලු 5ක් පමණක් වැය කරමිනි. ඉනිම නිමාවීමට තවත් පන්දු 4ක් ද ඉතිරි විය.

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය මහ රෝහල වැසි ජලයෙන් යටවේ…

Next Post

පත්තරේ කාටූනය දැක ඇමති බන්දුල පරල වෙයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.