බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

2011 ගැන වාස් කතා කරයි… එන්න අපි අහමු

සමුගැනීමක්වත් නොදී පලවා හළ ලංකාවේ සැබෑම ක්‍රිකට් පුරාවෘත්තයේ සැබෑම සංකේතය

by editor
ජූනි 20, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ සුපිරිම වේග පන්දු යවන්නා වු චමින්ද වාස් 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව එක්දින ක්‍රිකට් දිවියට සමුදුන්නේය. නමුත් ඔහුට සමුගැනීමේ තරගයක් එක්දින පිටියේ නොලැබුණි. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා පවසන තරග පාවාදීමේ අවසන් මහා තරගයේ බංකුවේ සිටි වාස් ඒ සම්බන්ධයෙන් වාස් කියන කතාව මෙසේය.

“එදා අවසන් මහා තරගය ක්‍රීඩා කරන්න ලෑස්ති වෙලා තමයි මමත් හිටියේ. නමුත් මට අවසන් මොහොතේ වාසි ඔයා ගහන්නෙ නැහැ කියලා සංගක්කාර ඇවිල්ලා කිව්වා. මොකද මම අවසන් මහා තරගයට ඉස්සෙල්ලා හොඳින් පුහුණුවීම් කරලා ලෑස්ති වෙලා හිටියේ. මම ඇහුව්වා ඇයි මම ගහන්නෙ නැත්තෙ කියලා. ඒ ගමන කිව්වා මේ විකට් එක ඔයාට සපෝට් කරනවා මදි. ඒක නිසා දඟ පන්දු යවන්නෙක් ඒ වෙනුවට යොදවනවා කියලා. හැබැයි මම දැනගෙන හිටියා මට ඉන්දියානු පිතිකරුවන්ව දවා ගන්න පුළුවන් කියලා. ඒ වගේම ෂෙවාර්ග්, ටෙන්ඩුල්කාර වැනි පිතිකරුවන්ට පන්දු යවන්න ඕන විදිහ මම දැනගෙන තමයි අවසන් තරයට ලෑස්ති වුණේ.” යනුවෙන් වාස් කීවේය.


මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කියන තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධව චමින්ද වාස්ට කිසිදු අදහසක් පැවසිය නොහැකි වුවත් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොලැබීමෙන් අවසන් තරගයේදී අතිරේක ක්‍රීඩකයකු වශයෙන් හෝ ශ්‍රී ලංකා නිල ඇඳුම ඇදීමට වාස්ට අවස්ථාවක් ලැබී නැත.

“මම සමුගන්න ලෑස්තිවෙලා හිටියේ 2011 ලෝක කුසලාන තරගාවලියේදී. නමුත් මාව ඒ ලෝක කුසලාන තරගාවලියට තෝරගත්තෙ නැහැ. ඒත් උපරිම කැපවීමෙන් මගේ පුහුණුවීම් මම දිගටම කරගෙන ගියා. පළමු පෙළ තරගාවලියේදී හොඳින් පන්දු යවලා තිබිද්දිත් මට අවස්ථාව ලැබුණෙ නැහැ. කොහොම හරි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක් වුණ නිසා තමයි මට අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්න ඉන්දියාවට එන්න කියලා පණිවුඩය ලැබුණේ.”

චමින්ද වාස් පුහුණුවීම් කරමින් සිටින අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුණ දුරකතන ඇමතුමත් සමග හදසියේම ඔහුට ඉන්දියාව බලා යෑමට සිදුවිය. මුම්බායි හී වන්කඬේ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ නොනිමි ආශාවෙන් චමින්ද වාස් සිටිය ද එම අවස්ථාව අහිමිව යෑමේ වේදනාව ඔහුට තවමත් තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“මම අවසන් තරගයට ක්‍රීඩා කරවන්නමයි ගෙන්වන්නෙ කියලා ආරංචි වුණා. මම කටුනායක ගුවන් තොටුපොළින් යනකොටත් අපේ ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ‘කමෝන් චමින්ද වාස්….අපි මේ පාර අනිවාර්යයෙන් ලෝක කුසලාන දිනනවා…වාස් ගියොත් අනිවාර්යයෙන්ම කප් එක අරන් එන්නෙ කියලා අප්පුඩි ගැහුව්වා. මටත් ඒ වෙලාවේ ලොකු උද්‍යෝගයක් ආවා අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු කොහොම හරි ඉටු කරනවා කියලා.

ඒත් මට අවසන් තරගය ගහන්න ලැබුණෙ නැහැ. තරගය එළියෙ ඉඳලා බලන විට ලොකු දුකක් ඇති වුණා. ආයෙත් ලෝක කුසලානයක් දිනාදෙන්න දායක වෙන්න තිබුණ අවස්ථාව මට අහිමි වීම ගැන.”

චමින්ද වාස් සමග 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට ගිය සුරාජ් රන්දිව් ඒ තරගය ක්‍රීඩා කළේය. නමුත් එක්දින තරග 322 කදී කඩුලු 400 ක් දවා ගත් චමින්ද වාස්ට එදා වන්කඩේ තණතීරුව නුසුදුසු වීමනම් අදහාගත නොහැකි කරුණකි.

නමුත් වාස් පවසන්නේ තමාට ඕනෑම තණතීරුව පන්දු යැවිය හැකි බවත් ඒ දේවල් ඉතිහාසයේ ඔප්පු කර ඇති බවත්ය.

Tags: නවතමවිශේෂ
Share492Tweet43
Previous Post

සෙබලුන් 5000 ක් මැරුවා තමයි… පොහොට්ටුවේ උප සභාපති කරුණා කියයි

Next Post

වව්නතිව් පොලිස් නිලධාරීන් ගේ ඝාතකයන් පාස්කු කොමිසමේ දී හෙළි වේ…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.