තරග පාවා දීමට අදාල යෝජනාක් පිළිබඳව පකිස්තාන ක්‍රිකට් ආයතනයට නොදැන්වී යැයි චෝදනා මත වසර එක හමාරක ක්‍රිකට් තහනමකට ලක් වී සිටින උමාර් අක්මාල්ගේ තහනම සම්බන්ධයෙන් ඔහුගේ වැඩිමහල් සොහොයුරු කමරන් අක්මාල් පාකිස්තාන් ක්‍රිකට් ආයතනයට එරෙහිව ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යෑමට සූදානමින් පසුවේ.
උමාර් අක්මාල්ට පාකිස්තාන් ක්‍රිකට් ආයතනය විසින් වසර තුනක ක්‍රිකට් තහනමක් මුලින් පනවනු ලැබුව ද ඔහු ඉදිරිපත් කළ අභියාචනාව ස්වාධින විනිසුවරයකු විසින් විභාග කිරීමෙන් පසුව එම තහනම මාස 18 දක්වා අඩුවිය.
එහෙත් එම තීන්දුවෙන් සෑහීමකට පත් නොවන අක්මාල් සෝයුරෝ ජාත්‍යාන්තර අධිකරණයේ පිහිට පැතීමට සැරසෙති. එහෙත් පාකිස්තාන් ක්‍රිකට් ආයතනයේ දූෂණ විමර්ෂණ ඒකකය කියනනේෙ අදාළ නඩු විභාගයේදී අක්මාල් විසින් අවස්ථා දෙකකදී කළ සාකච්ඡා වාර්තා නොකිරීම බරපතල වරදක් බවය.
අදාළ වරද වාර්තා නොකිරීම සම්බන්ධයෙන් අමාර් අක්මාල් වරද පිළිගෙන තිබිණි. අතීතයේ මෙවැනි වරද සඳහා නියම කෙරුනේ මාස තුනක හෝ මාස හයක ක්‍රිකට් තහනමකි.
අතීතයේදී එවැනි වරද සඳහා ලබාදුන් මාස 3 ත් 6 ත් අතර තහනමට වඩා තමාට තහනමක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු පාකිස්තාන් ක්‍රිකට් ආයතනයට අභියෝග කර සිටියි.