සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කුසල් මෙන්ඩිස් එළියට… පැතුම් ඇතුළට… ලෝඩ්ස් පිටියේ පළමු ටෙස්ට් ජයග්‍රහණය අපේක්ෂාවෙන් තව ටිකකින් ශ්‍රී ලංකා පිළ තරග බිමට…..

by editor
අගෝස්තු 29, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන XI දෙනා නම් කර ඇත. දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක, පැතුම් නිශ්ශංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය,ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු අද කණ්ඩායමට තරග වදිති.

තරග ගණනාවක් එක දිගට අසමත් වූ කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර වසර දෙකකට පසු පැතුම් නිශ්ශංක ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ. පැතුම් නිශ්ශංකත් ආරම්භ පිතිකරුවෙකි. ඔහු කණ්ඩායමට කැඳවන්නේ අංක තුන පිතිකරු වෙනුවටය.

ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස අත් හදා බලමින් සිටින නිශාන් මධුශ්ක පුහුණු තරගයේ දී හොඳින් ක්‍රීඩා කළ ද පසුගිය තරග දෙකේ ඉනිම දෙකේ දීම ලබා ගත්තේ ලකුණු 04ක් පමණි. එසේම අනුයාත ටෙස්ට් තරගක කිපයක අසමත් මධුෂ්ක කැපී පෙනෙන දස්කමක් දක්වා නැත. කෙසේ වෙතත් තවමත් 22 හැවිරිදි මෙම ක්‍රීඩකයාට තව අවස්ථාවක් ලබා දීමට කළමණාකාරිත්වය තීන්දු කිරිම වැදගත් ප්‍රවේශයක් වනු ඇත.

පසුගිය තරගයේ ඉනිම දෙකේදීම මුල් පෙල අසාර්ථක වෙද්දී තරගය ඇදගෙන ආවේ මැද පෙළ ක්‍රීඩකයින්ය. පසුගිය තරගය පැවැත්වූ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී රසල් ආනල්ඩ්ට පසු ශතකයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත්වූයේය. එම තරගයේ දෙවැනි ඉනිමේ දී සිය මාපටැඟිල්ලට එල්ල වූ දරුණු පහරකින් සුවය ලබා සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබේ. පන්දු යැවීමේ පෙරමුණේ, වමත්වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දුගේ වෙනුවට ලහිරු කුමාර නැවත වරක් කණ්ඩායමට කැඳවා ඇත.

1984 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් පිටියේදී සහභාගි වන 9 වැනි ටෙස්ට් තරගය මෙය ය. විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසි දිනක ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් තරගයක් ජයගෙන නොතිබීම.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

නමුත් ඔවුන් ලෝඩ්ස් පිටියේ දී ලේසියෙන් පරාජය වන්නේත් නැත. ශ්‍රි ලංකා කණ්ඩායම ලෝඩ්ස් පිටියේ දී පරාජය වී ඇත්තේ තරග දෙකකි. ඒ 1991 දී ය. ඉන් පසු ශ්‍රී ලංකාව ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කළ තරග පහේ දීම තරග ජය පරාජයෙන් තොරව කෙළවර විය.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී සිය දෙවැනි ඉනිමේ ශතකය තිබියදීත්, කමිඳුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍යය පහත වැටී ඇත. තරඟාවලිය ආරම්භයේදී ඔහුගේ ලකුණ සාමාන්‍ය 107 කි. ඔහු ක්‍රීඩා කර තිබුණේ ටෙස්ට් තරග තුනකි. මේ දක්වා ඔහු ටෙස්ට් ඉනිම 07ක් ක්‍රීඩා කර ඇත. එම ඉනිම් හත තුළ ශතක තුනක් සහ තවත් අර්ධ ශතක දෙකකි. එහෙත් එංගලන්තය සමග මුල් තරගය නිමාවන විට ඔහුගේ ලකුණු සාමාන්‍යය 92.16 කි.

දිමුත් කරුණාරත්නට ටෙස්ට් ලකුණු 7000 ලබා ගැනීමට තවත් ලකුණු 72ක් අවශ්‍යය. ප්‍රභාත් ජයසූරිය මෙන්ම අසිත ප්‍රනාන්දු විශිෂ්ට සංකලනයක් වී සිටි අයුරු මුල් තරගයේ ප්‍රකට විය. සිය දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මිලාන් රත්නායක පළමු තරගයේ දී පිත්තෙන් ලෝක වාර්තාවක් තැබූ අයුරුත් අපේක්ෂා සහගත පන්දු යැවීමක නිරත වූ අයුරුත් සිහි කළ යුතුය. තරගාවලි ජයග්‍රහණයක් සඳහා මේ තරගය ශ්‍රි ලංකා කණ්ඩායමට මෙන්ම එංගලන්ත කණ්ඩායමට ද ඉතාම වැදගත් තරගයකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්ලබ් වසන්ත ඝාතනය… පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී අමල් සිල්වා සැක පිට අත් අඩංගුවට…

Next Post

බාල වයස්කාර සිසුන් දෙදෙනෙකු අපයෝජනය කළ කතරගම “සල්ලාල පිනා” යළි රිමාන්ඩ්.

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.