ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී ඇෆ්ගනිස්ථානය ලබා දුන් ලකුණු 134ක ඉලක්කය සපුරාගත නුහුනු ශ්‍රී ලංකා යෞවනයන්ගේ අපරාජිත ගමන ඊයේ (27) නිමාවට පත් විය.
ශ්‍රී ලංකාව පරාජයට පත් කළ ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම එංගලන්තය සමග පැවැත්වෙන අවසන් පූර්ව වටය සඳහා සිය ස්ථානය තහවුරු කරගත්හ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පළමුවට පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඇරයුම් කළේය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම මීට පන්දුවාර 47යි 1ක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 134ක් ලබාගත්තේය.
වෙල්ලාලගේ – රනිඳු සටන
ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 135ක ඉලක්කයක් හිමි විය. ජයග්‍රහණය පෙනි පෙනී තිබිණි.
ලකුණු 134ක් හඹා යෑමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂා යොවුන් ඇෆ්ගන් පන්දු යවන්නෝ සුනු විසුණු කළහ. මුල් පෙළ පොඩි වී ගියේය. පන්දු ඕවර 18ක් යන විට ලකුණු 43කට කඩුලු 7ක් දැවී දැවී ගියේය. නමුත් නායක දුනිත් වෙල්ලාලගේ සහ රවීන් ද සිල්වා අතර අටවැනි කඩුල්ල වෙනුවෙන් මහත් වූ අපේක්ෂා සහිත ලකුණු 69ක සබඳතාවක් ගොඩනැගුණි. ජයග්‍රහණයේ සියලුම බලාපොරොත්තු ඇෆ්ගනිස්ථානයෙන් උදුරාගෙන ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සටන්කාමී නායකයා සහ ඔහුගේ දිරිමත් සගයා කටයුතු කළහ.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානයේ පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉෂාරුල්හක් නවීඩ් සහ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක නන්ගෙයලියා ඛාරෝතේ සිය ජයග්‍රහණය උදුරා ගැනීමට පැමිණි ප්‍රතිවාදී මල්ලවයන් මෙල්ල කරමින් ප්‍රමාද වී ක්‍රියාත්මක වූහ. ඔවුහු අවසන් කඩුලු 2ක දවාගත්තේය.
දුවද්දී දැවී යෑම් හතරක්
ශ්‍රී ලංකා අංක 11 ක්‍රීඩක ට්‍රේවින් මැතිව් ජයග්රහණයෙන් තරගය නිමා කිරීමේ සංමය ගිලිහී යෑම නිසා සිය ඉලක්කයට ලකුණු 5ක් තිබියදී දැවී දුවද්දී දැවී ගියේය. ඔහු කලබලයෙන් නොතිබුණු ලකුණක් සොයා ගියේය. ඉන් පෙර දුවද්දී දැවී යෑම් තුනක් වාර්තා විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුවද්දී දැවී යෑම් 04 බෙහෙවින්ම අතාර්කික බව පෙනුනි.
දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක බිලාල් සාමි ගේ පන්දුවක් ආරම්භක පිතිකරු සදීෂ රාජපක්ෂගේ කඩුල්ලේ කෙළින්ම දැවටිනි. ඔහු වේලාසනින්ම පිටියෙන් ඉවත් විය. අනතුරුව අංක 3 ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල් ෆුල් බෝලයකින් දැවී ගියේය. සකුණ ලියනගේ දුවද්දී දැවී යෑමකට හසුවිය. ලකුණු 24කට කඩුලු 4ක් දැවී ගියේය.
වමතින් දඟ පන්දු යවන නූර් අහමඩ් පසුව රනුද සෝමරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත්තේය. ශ්‍රී ලංකා පිලේ ඊළඟ කඩුලු දෙක දුවද්දී දැවී ගියේය. එම අවස්ථාව වන විට කඩුලු 3ක් අතැතිව ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 92ක් අවශ්‍ය විය.
අවසන් බලාපොරොත්තු
මේ අසීමිත දුෂ්කර අවස්ථාවේ දුනිත් වෙල්ලාලගේ සමග රනිඳු ද සිල්වා එක් වුනේය. ඔවුන් දෙදෙනා අටවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ විශිෂ්ට ලකුණු 69ක සබඳතාවය කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු රැගෙන ආවේය.
වෙල්ලාලගේ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් සහ රනිඳු ද සිල්වා පන්දු 84කදී ලකුණු 21ක් ලබා ගත්හ. නමුත් වෙල්ලාලගේ ඛාරෝටේගේ පන්දුවකට ගොදුරු විය. නවීඩ් ගේ ගුග්ලියකට රනිඳු ද සිල්වා දැවී ගියේය. ශ්‍රී ලංකා පිලට එක් කඩුල්ලක් පමණක් ඉතිරිව තිබියදී ලකුණු 19ක ඉලක්කයක් හිමි වී තිබණි.
අවසන් පිතිකරු යුවල තරගය අත් නොහැරියහ. ඔවුන් දෙදෙනා එක්ව කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ. දෙදෙනා අතර සම්බන්ධතාවය ලකුණු 14ක් පැවතිනි. තරගය බෙහෙවින්ම උණුසුම් වූයේය. දෙපැත්තට ජයග්‍රහණය දෝලනය වි.ය
මේ අවස්ථාවේ ට්‍රෙවීන් මැතිව් ගේ සංයමය බිඳී ගියේය. නොතිබුණු තනි ලකුණක් කරා යෑමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වැනි දුවද්දී දැවීම ලෙස ට්‍රෙවින් මැතිව් දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය අහිමි විය.