බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් පුහුණුවීම් අරඹයි…

by editor
නොවැම්බර් 12, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

  • සංචිතය තේරුවෙ අසන්ත ද මැල් සහ මිකී ආතර්
  • අසන්තගෙ තේරුම් කමිටුව මීට මාස කීපයකට පෙර කල් ඉකුත් වෙලා
  • සංචිතයේ ක්‍රීඩකයන් ඉදිරියේ දී වෙනස් විය හැකියි… විචාරකයෝ කියති..

ලබන දෙසැම්බර් මස දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය හෙට (13) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ජෛව ආරක්ෂණ ක්‍රමවේදයට අනුව පුහුණුවීම් ආරම්භ කරයි. මේ මස 22 දක්වා පැවැත්වෙන මෙම පුහුණු කඳවුරට ක්‍රීඩකයන් 22කගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

එම පුහුණු කඳවුර නිමාවූ විගස ක්‍රීඩකයන් 18 දෙනකු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා හම්බන්තොට බලා පිටත්වීමට නියමිතය. නොවැම්බර් මස 26 සිට දෙසැම්බර් මස 16 දක්වා හම්බන්තොට දී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියට ක්‍රීඩකයන් 18ක් එක්වෙද්දී ඉතිරි ක්‍රීඩකයන් සිවුදෙනා පල්ලේකැලේ සිට යළි කොළඹ බලා පැමිණෙනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නිමවූ දිනට පසුදින එනම් දෙසැම්බර් 17 වැනිදා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතය. එම කණ්ඩායමට වෛද්‍යවරයකු සමග තවත් නිලධාරීන් 10 දෙනකු ද ඇතුළත් වෙති.

විශේෂ ගුවන් යානයකින් දකුණු අප්‍රිකාවට

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

විශේෂිත ගුවන් යානයකින් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුම පී.සී.ආර්. පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිත බවත්, දකුණු අප්‍රිකාවේදී ඔවුන්ට නිරෝධායන කාලසීමාවක් පනවා නැති බවත් වාර්තා වේ.

දෙසැම්බර් මස 20 සිට 22 දක්වා දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායමක් සමග තුන්දින තරගයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල අනතුරුව ටෙස්ට් තරගමාලාවට එක්වෙනු ඇත. එම ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය දෙසැම්බර් 26 දින සිට 30 වැනිදා දක්වා සෙන්චූරියන් හී දී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය වසර 2021 ජනවාරි 3 දා සිට 7 වැනිදා දක්වා ජොහනස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකා පිල තරග වදින පළමු ජාත්‍යන්තර තරගාවලිය ද වේ. අවසන් වරට පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා පිල කොවිඩ් වසංගතයට පෙර තරග වැදුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කිරීමට නියමිත තරගාවලි සියල්ල අවලංගු වූවත් පුහුණුකරු මිකී ආතර්ගේ මූලිකත්වයෙන් නේවාසික පුහුණු සැසි ගණනාවක් පැවැත්වීම කැපී පෙනුණි. අවසන් වරට බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කරමින් පසුගිය අගෝස්තු මාසයේදී ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත පුහුණු සැසියක් ද පැවැත්විණි. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අවසන් මොහොතේදී එම සංචාරය අවලංගු කිරීමට පියවර ගෙන තිබිණි.

එංගලන්තය ලංකාවට

දකුණු අප්‍රිකානු සංචාරය නිමවූ විගස එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට නියමිතව තිබේ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියට පෙර අවසන් වරට මෙරට සංචාරය කළ විදෙස් කණ්ඩායම වන එංගලන්ත පිල වසංගතයේ ව්‍යාප්තියත් සමග තරගාවලිය අත්හැර යළි මවුරට බලා පිටත්ව ගියේය.

ලබන වසරේ ජනවාරි මාසයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත පිලට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සිට පැමිණිමෙන් පසු දින 7ක කාලසීමාවක් නිරෝධායනය වීමට නියමිතව තිබේ. එම නිරෝධානය කටයුතු ගාල්ල නගරය කේන්ද්‍ර කරමින් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදහස් කර ඇත්තේ කොවිඩ් අවදානම නිසා එංගලන්ත පිල සමග පැවත්වෙන ටෙස්ට් තරගමාලාවට අයත් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමේ අරමුණ ඇතිවය. කෙසේ වෙතත් මේ තරගාවලියට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් එකඟතාව ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ.

පළමු පෙළ හොඳම පිතිකරු හා පන්දු යවන්නා එළියෙ…

දකුණු අප්‍රිකානු සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක සන්තුෂ් ගුණතිලක සහ වමත් වේගපන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ පළමු වරට කැඳවා ඇති අතර පාදඟ පන්දු යවන වනිඳු හසරංග, කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක සහ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු වැනි යොවුන් ක්‍රීඩකයන් ද එක්වී සිටිති. එසේ වුවත් පසුගිය අගෝස්තු මාසයේදී නිමාවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් සමාජ පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වන ළහිරු උදාර සහ වැඩිම කඩුලු ලාභියා වන දුවිඳු තිලකරත්න ඇතුළත් නොවීම කනගාටුදායක සිදුවීමකි.

පිතිකරුවන් 9ක්, තුන්ඉරියව් ක්‍රීඩකයන් 3ක්, දඟපන්දු යවන්නන් 3ක් සහ වේගපන්දු යවන්නන් 7ක් ඇතුළත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර ඇත්තේ පුහුණුකරු මිකී ආතර් සහ තේරීම් කමිටු ප්‍රධානි අසන්ත ද මැල් මහත්වරු බව වාර්තා වේ.

එසේ වුවත් අසන්ත ද මැල්ගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලසීමාව මීට මාස කිහිපයකට පෙර නිමාවී තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර යවන ලද නව තේරීම් කමිටුවට ද මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිචාරයක් නැති බව වාර්තා වේ. එබැවින් නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නිළ නොවන එකක් බවත්, එහි ක්‍රීඩකයන්ගේ වෙනසක් ඉදිරියේදී සිදු වීමට ද ඉඩ ඇති බවත්, ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය. 

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, මිනෝද් භානුක, සන්තුෂ් ගුණතිලක, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුසංඛ.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

රිමාන්ඩ් ඉන්න පිල්ලෙයාන් මඩකලපුවේ විවෘත කිරීමකට ගියේ කොහොමද? 

Next Post

මොළයේ ශල්‍යකර්මය සාර්ථකයි… මැරඩෝනා රෝහලෙන් පිටව ගෙදර යයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.