බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විස්සයි විස්සේ අඩුපාඩු ගොඩයි… දිමුත් ප්‍රේක්ෂකයෙක් විදිහට කියයි

by editor
මැයි 14, 2020
in ක්‍රීඩා
dimuth-karunaratne
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයකට පෙනී සිටින්නට තවත් මාස පහක් තිබේ. කොරෝනා වසංගතය සමනය වුවහොත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබන මස සිට පුහුණුව ආරම්භ කළ යුතුවේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ අඩුපාඩු බොහොමයක් ඇති බව ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න කියයි. ඔහු මෙසේ කියන්නේ ප්‍රේක්ෂකයෙක් වශයෙන් විස්සයි විස්ස කණ්ඩායම දෙස බලමිනි.

“මම දකින විදිහට අපේ විස්සයි විස්ස කණ්ඩායමේ ගොඩක් අඩුපාඩු තියෙනවා. අපේ පිතිකරණ ලැයිස්තුව වුණත් ගොඩක් කලබල වෙනවා. වෙන රටවල ක්‍රීඩකයන් එක්ක බැලුවහම අපේ රටේ ක්‍රීඩකයන්ගේ වේගය නැතිනම් ශරීරයේ ශක්තිය ටිකක් අඩුයි. ඒක නිසා පවර් ප්ලේ අවස්ථාවේදී වේගයෙන් ලකුණු ගහන්න ගිහිල්ලා පළමු පන්දුවාර කිහිපයේදී අපේ කඩුලු දැවී යනවා. පන්දුවාර දහයක් ඇතුළත කඩුලු හතරක් හෝ පහක් දැවි යනවා කියන්නෙ අන්තිම පන්දුවාර දහය ඇදගෙන ගිහින් ලොකු ලකුණු ගාණක් ගහන්න අමාරුයි.”

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට ඇති අඩුපාඩු පහදා දෙමින් දිමුත් වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේ.

“අනික් රටවල ක්‍රීඩකයින් අපිට සාපේක්ෂව ගොඩක් වේගයක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගාවලි ක්‍රීඩා කරලා ලොකු අත්දැකීමක් තියෙනවා. ඒ ගොල්ලන් පළමු පන්දුවාර පහ සහ හයේදි ලොකු අවදානමක් නොගෙන ලකුණු ගන්නවා.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“මම හිතන්නෙ ගොඩක් වෙලාවට විස්සයි විස්ස ආකෘති අනෙක් තරග ආකෘති දෙකට වඩා වෙනස් නිසා තමයි අපේ කණ්ඩායමට එහෙම වෙලා තියෙන්නෙ. විස්සයි විස්සේදී කරන දේ හරි තැනදිම කරන්න ඕන. ලකුණක් හෝ කඩුල්ලක් ගන්න තියෙන වෙලාවේදි ඒක මග හැරුණොත් ආයිත් එක අල්ලන්න කාලයක් එන්නෙ නැහැ. ඒ නිසා එක පන්දුවකින් හෝ කඩුල්ලකින් මුළු තරගයක්ම වෙනස් විය හැකියි. හැබැයි ටෙස්ට් සහ එක්දින තරගවලදී වැරැද්දක් හදා ගන්න පොඩි වෙලාවක් හරි තියෙනවා.” යැයි දිමුත් පවසයි.

කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් ආරම්භක කඩුල්ලට හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාදුන් විට කණ්ඩායම සාර්ථක වන බවත් පළමුව කඩුලු දැවී යාමෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අපහසු බවත් පවසන දිමුත් ලෝකයේ අනිත් ක්‍රීඩකයන් කරන සියලු දේ කළ යුතු නැති බව ද පවසයි.

“අපි අනිත් රටවල්වල ක්‍රීඩකයන් කරන හැමදේම කරන්න යන්න හොඳ නැහැ. මොකද ඒක ඒ ගොල්ලන්ගේ ආවේණික විදිහක් වෙන්න පුලුවන්. අපි අපේම විදිහකට වෙනම සැලැස්මකට අපේ දක්ෂතාවයන් භාවිතා කරන්න ඕන කියලා මට හිතෙනවා. අපේ ක්‍රීඩකයින් එහෙම සෙල්ලම් කරලත් තියෙනවා. අපේ අය එහෙම කරලා තියෙන නිසයි මම මෙහෙම කියන්නේ.”

Share69Tweet43
Previous Post

කොරෝනා කාලයේ ජිම් ගියේ මැතිව්ස් සහ තිසර විතරද

Next Post

ක්‍රීඩාව ආරම්භ කිරීම ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් උජාරුවෙන්….

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.