අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විලි ලජ්ජයි… දැන්වත් ඉල්ලා අස්වෙන්න..  ප්‍රමෝද්‍යගේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්වෙන් පසු ක්‍රිකට් රසිකයන්ගෙන් ප්‍රමෝද්‍යට පණිවිඩයක්!

by editor
නොවැම්බර් 14, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

 

ජාලිය විරක්කොඩි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් ඇති ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මටටම්වලින් ක්‍රියාත්මක වූ බහු විධ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියයි.

ඔහුට අනුව පැනවෙන ක්‍රිකට් තහනමත් එකී ක්‍රියාවලියේම ප්‍රතිඵලයකි.

එම කුමන්ත්‍රණය පසුපස තිබුණේ හුදු පුද්ගලික අභිමතාර්ථ ඉටු කරගැනීම පමණක් බවත්, එකී පාර්ශවයන් අදාළ කරුණු සමාජගත කළේ ක්‍රිකට් බේරා ගැනීමේ අටියෙන් බවක් මවාපාමින් අතිශය දක්ෂ ලෙස සමාජය නොමග යවමින් බවත් ප්‍රමෝද්‍ය පවසයි.

මේ කුමන්ත්‍රණය පසුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සඳහා වන බල පොරයන්ට සබැඳී පුද්ගලයන් ද, තරග පාවා දීමේ සූදුවේ නිරත තැරැව්කරුවන් ද , හුදු ආත්මාර්ථය පදනම්ව ජාතික කණ්ඩායමේ තම ස්ථානය තහවුරු කරගැනීමට වෙර දරන පුද්ගලයන් සිටින බව ප්‍රමෝද්‍ය සිය නිවේදනයෙන් පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සඳහා අවශ්‍ය මතවාද සමාජ මාධ්‍ය තුළ දියත් කිරීමට කුමන්ත්‍රණ කරුවන් අත දිගහැර වියදම් කරන බව ප්‍රමෝද්‍යගේ නිරීක්ෂණයයි.

තරග පාවා දෙන්නන් ද තමන්ට ඇවැසි ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ඇතුළත් කරගැනීමට දැවැන්ත සමාජ මාධ්‍ය ප්‍රචාරයන් සඳහා මුදල් ආයෝජනය කරන බව දන්නෝ දන්නා බව  ද ප්‍රමෝද්‍යගේ නිරීක්ෂණයකි.

ඔහුට අනුව මේ කුමන්ත්‍රණ කරුවන් ක්‍රිකට් විවේචනයක් ඇති කිරීමට උත්සාහ කරයි. පරිපාලනය ගැන දේශපාලන මතයක් සමාජය තුළ ඇති කරයි.   ක්‍රිකට් ක්‍රීඩාවේ දුර්වලතා ඉස්මතු කරමින්  සිදුකරන විවේචන  හරහා තේරීම් කමිටුවට, පුහුණු කරුවන් හා ක්‍රීඩකයින් අසරණ කරයි. වත්මන් පරිපාලනය ක්‍රීඩාව පරිපාලනයට නුසුදු බවට මතයක් ගොඩනැගීම සිදුකරයි.  ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දුර්වල කර ඇද දමයි.

මේ සඳහා කදිම අවස්ථාවක් කරගත්තේ ඉන්දියාව සමග කණ්ඩායම ලද පරාජය බවද ප්‍රමෝද්‍ය කියයි.

ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධ ප්‍රමුඛ නිර්නායකයන්ට  එරෙහි වීමත්  එම කුමන්ත්‍රණයේ එක් කොටසක් බව ඔහු අවධාරණයෙන් දක්වයි.

නව අමාත්‍යාවරයා පත් වූ පසු කුමන්ත්‍රණ කරුවන්ට තම කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කරුවන්ට පහසු වූ බවත් වෙනත් අමාත්‍යවරුන් යටතේ පූර්ණව මෙම කුමන්ත්‍රණය දියත් වි නැති බවත් ප්‍රමෝද්‍ය පවසයි.

ඔහු කියන විදිහට ක්‍රිකට් පරිපාලනය බරපතල ගැටලුවකට ලක් වන්නේ කුසලා සරෝජනී කමිටු වාර්තාවය. එම කමිටුවත් කුමන්ත්‍රණයකි. විගණනයත් කුමන්ත්‍රණයකි. .

ප්‍රමෝද්‍ය කී සම්පූර්ණ කතාව මෙම ලිපියේ අගින්   දැක්වේ. කරුණාකර එය සම්පූර්ණයෙන් කියවන ලෙස ඉල්ලා සිටිමු.

ප්‍රමෝද්‍යට දැන් ක්‍රිකට් රසිකයෙක් විදිහට අපට තේරෙන සාමාන්‍ය හැඟීම කිව යුතුව ඇතැයි විශ්වාස කරමු.

මුලින්ම කිව යුතුව ඇත්තේ අප වෙනුවෙන් අපේ රට වෙනුවෙන් රටේ කෝටි දෙකක් වෙනුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම තෝරා පට්ට පදුරු කුජීත වූ පසු මෙවැනි කුණුහරපා නොකියා නිශ්ශබ්දව සිටියානම් වැදගත් බවය. මක් නිසාද යත් මේ අත්තන ඇට කෑවක් සේ විකාරයෙන් පිස්සු කෙළින්නේ අපේ රටේ ක්‍රිකට් තේරීම් මණ්ඩලයේ ප්‍රධානියා බව සිතන විට අපට කේන්තියකට වඩා විලි ලජ්ජා හිතෙන බවය. විලි ලජ්ජාවක් ආත්ම අභිමානයක් ගෑවිලාවත් තිබුණා නම් අප ඉදිරියට ඇවිත් මේ ගොබ්බ කතා කීම නොව ඔබ කළ යුත්තේ ඔබේ ඔය ධූරය පුලුවන් කෙනෙකුට දී ඉල්ලා අස් වීමය.

ආතක් පාතක් නැති  මෙවැනි ගොබ්බ ගොං කතා තේරීම් මණ්ඩල ප්‍රධානියෙකුට නොව අපේ ගමේ ක්‍රිකට් ජෙමාටවත් උචිත නැති බව ඔබට මතක් කර දිය යුතුය.

අවුරුදු දෙක හමාරක්  ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වී සිට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ට අනුව මේ බිඳ වැටීමට හේතුව කණ්ඩායම තේරු ඔහුත් ක්‍රිකට් පරිපාලනයට කරන ඔහුගේ හාමුපුතාලත් නොවේ.  පුහුණු කරුවනුත් නොවේ. මහේල වැරැද්ද පිළි ගත්තේය. රටෙන් සමාව ඉල්ලුවේය. ප්‍රමෝද්‍ය එහෙම නැත. ප්‍රමෝද්‍යට වැරදී නැත. දැනට ක්‍රිකට් පරිපාලනයේ නැති කුමන්ත්‍රණ කරුවන් ටිකකුත්, සමාජ මාධ්‍ය කරුවන් කීප දෙනෙකුත් ප්‍රමෝද්‍යට වැඩේ කරන්නට දී නැත.  මේ රටේ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කණ්ඩායම තෝරා ඇත්තේ සමාජ මාධ්‍ය බලා නම් ඒ වැඩේ ප්‍රමෝද්‍යට වැඩිය ගමේ පොල් ගස් නගින එකාටත් පුලුවන් බව ඔහුට කිව යුතුය. අනෙක සූදු කරුවන් තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩකයා මැච් ෆික්සිං කිරීමට ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමට උත්සාහ කළා නම් රටේ ජාතික පුහුණුකරු ලෙස ප්‍රමෝද්‍ය කළේ කුමක් ද?   තරග පාවා දෙන සූදු කරුවන් දන්නේ නම් රටේ ප්‍රධාන ක්‍රිකට් තේරුම් කමිටු සාමාජිකයා ලෙස එය විලිලජ්ජාවන තරමට පැරදී රටට පැමිණි පසු අපට කියා වැඩක් නැත. කිව යුත්තේ අයි.සී.සී එකටය. අපට තියෙන්නේ රටේ ප්‍රධාන පුහුණුකරු බුකි කරුවන් ගැන දැනගෙන වසර දෙක හමාරක් නිශ්ශබ්දව සිටි බවත් බුකි කරුවන් ඔහුට සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ ක්‍රීඩකයා තෝරා ගන්නා ලෙස බල කළ බවත්  ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකයට සහ සී.අයි.ඩියට පැමිණිලි කර අයි.සී.සී.ය වෙත දැන්වීමටය. බුකි කරුවන් තරග පාවා දීමට  යෙදවූ ක්‍රීඩකයන් කවුදැයි රටේ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා  ලෙස රටට ප්‍රකාශයක් කිරීමට උසාවිය හරහා බල කිරීමය.

මේ ක්‍රීඩා ඇමති යටතේ කුමන්ත්‍රණය සාර්ථක කරගත් පුද්ගලයෙක් ගැන ප්‍රමෝද්‍ය  පවසා ඇත.    ඒ කවුද කියා කියන්නේ නැත. අපට දැනෙන විදිහට ක්‍රිකට් පරිපාලනය විවේචනය කරන, ක්‍රිකට් පරිපාලනයට එන්නට උත්සාහ කරන, වත්මන් ඇමති යටතේ කුමන්ත්‍රණ්‍ය සාර්ථක කරගත්    ක්‍රිකට් පරිපාලනයේ නැති කුමන්ත්‍රණ කරුවා අර්ජුන රණතුංගය.

අර්ජුන හොඳ පරිපාලකයෙක් නොවන බවට තර්කය කළ හැකිය.   ක්‍රීඩා ඇමති අවංක අවේගශීලී තරුණ දේශපාලකයෙක් බව ඔප්පු කර ඇත. ඒත් මුන් දෙන්නා ක්‍රිකට්වලට කෙලවූ හැටි අපට ඒත්තු ගන්වන්නට ප්‍රමෝද්‍ය තටමන විදිහ  පෙන්වා ඇත්තේ ඔහු තරම්ම මේ රටේ ක්‍රිකට් රසිකයින් ගොබ්බයන් බවට වූ ඔහුගේ තක්සේරුවය.

ක්‍රිකට් තහනම් කළේ අවුරුදු පහක කුමන්ත්‍රණයක් නිසා නොව ෂම්මි සිල්වා සජීවීව අන්තර්ජාලය ඔස්සේ හදිසි අයි.සී.සී රැස්වීමකට  එක් වී කළ ඉල්ලීමකට අනුව බව දැන් ලෝකයට රහසක් නොවේ. එය වාර්තා කරන්නේ ලොව ප්‍රමුඛතම ක්‍රිකට් වෙබ් අඩවිය  වන ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියය.

කුසලා සරෝජනී කමිටු වාර්තාවෙන් මෙන්ම ජාතික විගණන කොමිසම හෙළි කළ විගණන වාර්තාවෙන්  ක්‍රිකට් බිඳ වැටෙන්නට දෙයක් නැත. අතේ පත්තු වූ තුච්ඡ හොරකම් කන්දක කෙස් ගසක් පමණ ප්‍රමාණයක් හසුවූවා පමණි.

වෝහාරික විගණනයක් සහිත 2018 විගණන වාර්තාව මුන් හැත්ත ඉන්නට අවශ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නොව, බන්ධනාගාරයේ බව කීවේය. ප්‍රමොද්‍ය වික්‍රමසිංහ  හෙළුවෙන් හිටගෙන මේ  හතර අතේ කණා මුට්ටි ගහන්නේ විකාරයෙන් බව අපට හිතෙන්නේ එබැවිනි.

ලෝක කුසලානයකට නිශ්චිත කණ්ඩායමක 15ක් තෝරා ගැනීමට තරගාවලිය අවසන් වනතුරු ශ්‍රී ලංකාවට හැකි වුනේ නැත. එකේ වැරැද්ද අර්ජුණගේ හෝ රොෂාන් රණසිංහගේ ද?.   මේ තේරුම්වල ගොංකම ගැන ප්‍රමෝද්‍ය එක්ක 1996 ලෝක කුසලානය ගෙනා හැම එකෙක්ම කිව්වා නොවේද.  ක්‍රිකට් ගැන යන්තමින් දන්නා එකෙකුටවත් මේ අනුවණකම තේරුණේය .

විශේෂ දෙයක් ප්‍රමෝද්‍යට කිව යුතුව තිබේ.  අප ඉන්දියාවට පැරදුන ආකාරයට ඉන්දියාව වෙන රකට පැරදුනා නම්  කරුමයට හෝ ඔබ හිටියේ ඉන්දියානු කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති වෙලා නම්   අවයව යහපත්ව තබාගෙන අද මෙවැනි ගොබ්බ කතා කියන්නට ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

කරුණාකර දැන්වත් තමන්ගේ  නොහැකියාව පිළිගන්න. මේ තරම් ඉවසන අප වැනි ක්‍රිකට් රසිකයන් ඉදිරියට ඇවිත් මෙවැනි පදුරු කතා නොකියන්න තරම්වත් ගෞරවයක් අපට දෙන්න. රටත් මේ තරම් කුජීත කර ඉන්දියාවේ වීදි දිගේ හෙළිකොට්ටෙන් ඇවිද්ද වූ පසුවත් මේ රස්සාව තමන්ට බැරි බව තේරුම් අරන්  පුලුවන් දෙයක් කරගෙන ජීවත් වෙන්න බලන්න.

ඔබ ක්‍රිකට් වලට කළ මහා සේවය රන් අකුරින් ලියවී ඇති හෙයින් ඒ ගැන තවත් නම් කතා නොකරන්න.  ඔබ කළ හෙළිදරව්වෙන් පසු තවමත් අපි ඉන්නේ කිළිපොළා ගිය ශරීරයෙනි.

ඔබගේ ස්වර්ණමය සේවය දැන් මේ රටට හොඳටම ප්‍රමාණවත්ය.  දැන්වත් නම්බුපිටින් ඉල්ලා අස් වෙන්න…

ප්‍රමෝද්‍යගේ හෙළිදරව්ව-

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාලු කොටුවට ඇතුළුවන්න ඩොල් 15ක  ටිකට් එකක් කඩන්න හදන ආණ්ඩුවට ගාල්ලේ ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රබල විරෝධයක්!

Next Post

රථ වාහන දඩ ගෙවන්න කොළඹ කළුතර තැපැල් ස්ථාන 13ක් පැය 24ම  විවෘත කරලා…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.