බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මැච් එකට ගාල්ල ලෑස්තියි… කාසියේ වාසිය අපට…

by editor
සැප්තැම්බර් 26, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

මැච් එක 10ට පටන් ගන්නේය. ගාල්ල දැන් සූදානම්ය. කාසියේ වාසියේ වාසනාව ශ්‍රී ලංකා කණ්ඩායමටය. ඔවුන් පිතිකරණය තෝරාගෙන තිබේ. ගාල්ලේ තරග අවසානය බොහෝ විට තීන්දුවන ප්‍රධානම සාධයක් ලෙස හඳුන්වන්නේ කාසියේ වාසිය ය. 

සංචාරක නවසීලන්තය සමග පැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරගයක් ලෙස පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අපට මෙන්ම ඔවුන්ට ද වැදගත්ය.
මෙතෙක් ගාල්ලේ ගහපු ටෙස්ට් තරග පහම නවසීලන්ත කණ්ඩායම පරාදය. ඒ අපකීර්තිමත් අතීතයට තිත තැබීමේ අභියෝගය මෙන්ම තරගාවලි පරාජය බේරා ගැනීමේ පීඩනය ද නවසීලන්ත කණ්ඩායම සතුවය.

ක්‍රිකට් ඉතිහාසය අනුව නම් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ලේ ගැහිල්ල ලේසි නැත. ගාල්ලේ ගහන මුල්ම ටෙස්ට් තරගයත් නවසීලන්තය සමගය. 1998 ජූනි මස 3 වැනිදා සිට 07 වැනිදා දක්වා තරගය සැලසුම් කර තිබිණි.  ශ්‍රි ලංකා කණ්ඩායම ඉනිමකුත් ලකුණු 16කින් නවසීලන්ත කණ්ඩායම පරාජය කළේය.

එතැන් සිට ගාල්ලේ ටෙස්ට් තරගය 45ක් ගැහුවේය. ඉන් තරග 26ක් ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ජය පරාජයකින් තොරව නිමා කරන තරග සංඛ්‍යාව තරග 6කි. පරාජය වී ඇත්තේ තරග 13ක් පමණි.

ඒත් ක්‍රිකට් කියන්නේ වාර්තා මත තීන්දු වන ක්‍රීඩාවක් නොවේ. තත්ත්වයන් අනුව හොඳටම ක්‍රීඩා කරන කණ්ඩාම දිනන්නේය. මුල් ටෙස්ට් තරගයේ දී නවසීලන්ත කණ්ඩායම දැක්වූ ක්‍රීඩා විලාශය පෙන්නුම් කර ඇත්තේ ඔවුන්ගේ ගාල්ලේ ටෙස්ට් ජයග්‍රහණයක අභිලාෂය ය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අද අප තරග වදින්නේ වෙනස් මුහුණුවරකිනි.
ජයග්‍රහණය කළද ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කරන XI දෙනා අතර වෙනස්කම් දෙකක් සිදුකර තිබේ. පළමු ටෙස්ට් තරගයේදී කඩුල්ලක් ලබා නොගත් ළහිරු කුමාර වෙනුවට එංගලන්තයේ මංගල සංචාරයේදී පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ මිලාන් රත්නායක කණ්ඩායමට කැඳවා තිබේ.

පළමු ටෙස්ට් තරගයේ දී විටෙක පාලනයක් නොමැති පන්දු යැවීමක නිරත වුන, පිතිකරණයෙන් ද සාර්ථක නොවුන රමේෂ් මෙන්ඩිස් ද කණ්ඩායමෙන් ඉවත් කර ඇත. ඔහු වෙනුවට තවත් පිට දඟ පන්දු යවන්නෙකු වන නිශාන් පීරිස් කැඳවා තිබේ. නිශාන් වයස අවුරුදු 27ක නවක ක්‍රීඩකයෙකි. සිය මංගල ටෙස්ට් තරගයට ගාල්ලේදී තරග වදින නිශාන් පළමු පෙළ කඩුලු 172ක් දවාගෙන ඇති කඩුළු ලබා ගැනීමේ සාමාන්‍ය 24.37ක් දක්ෂමක් සහිත ක්‍රීඩකයෙකි.

ශ්‍රි ලංකා කණ්ඩායම මෙසේය.

1 දිමුත් කරුණාරත්න, 2 පැතුම් නිශ්ශංක, 3 දිනේෂ් චන්දිමාල්, 4 ඇන්ජලෝ මැතිව්ස්, 5 කමිඳු මෙන්ඩිස්, 6 ධනංජය ද සිල්වා (නායක), 7 කුසල් මෙන්ඩිස් (WK), 8 මිලාන් රත්නායක, 9 ප්‍රභාත් ජයසූරිය, 10 නිශාන් පීරිස් 11 අසිත ප්‍රනාන්දු

තණතීරුව දෙවැනි තුන්වැනි දිනයන්හි සිට දඟ පන්දු යවන්නනට යෝග්‍ය වනු ඇතැයි අපේක්ෂිතය. තරගය අතර කෙටි තියුණු වැසිවාර අපේක්ෂා කරන බව කාලගුණ වාර්තා සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අහන්න බලාපොරොත්තු වුන කතාවක්… ඔබ නීතිය හා සාමය රකින්න… කිිසිම ආකාරයකට දේශපාලකයින් ලෙස අප ඔබේ රාජකාරියට අත පොවන්නේ නෑ… ඇමති විජිත කියයි!

Next Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් සමග මන්ත්‍රීවරුන් 85 දෙනෙකුගේ විශ්‍රාම වැටුපත් ආහෝසි වෙයි!

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.