ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමට සහභාගී විම සඳහා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය කළ ආරාධනාවකට අනුව ඔවුන් විසින් ආහාර, නවාතැන්, ගුවන් ටිකට් පත් සහ දිනකට ඩොලර් 500 බැගින් දින 05ක් සඳහා ඩොලර් 2500ක දීමනාවක් ලබා දී තිබිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි ද සිල්වා එම ගමනට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දෛනික වියදම් ලෙස ඩොලර් 9500ක අමතර දීමනාවක් ලබා ගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය හෙළිදරවු කරයි.
2022 ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි 20 ලෝක කුසලාන (පිරිමි) තරාගාවලිය ආශ්‍රිතව ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේ වාර්තාවට අනුව ඒ සිද්ධිය සිද්ධිය මෙසේය.
ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීම ඔස්ට්‍රේලියාවේ දී 2022 නොවැම්බර් මස 11 සිට 13 වැනිදා දක්වා පැවැත්වුනේය. සමුලුවට සහභාගී වන අයෙකු සඳහා සමුලුවට සහභාගී වීමට නියමිතව තිබූ නිල රාජකාරි කාලය දින 3කි. ඒ වෙනුවෙන් දින 05ක් සඳහා නවාතැන් පහසුකම්, විදේශ ගමන් දීමනා, ගුවන් ටිකට්පත්, ඇතුළු සියලුම වියදම් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැරුවේය.
ඒ අනුව අයිසීසී දරන සියලුම වියදම්වලට අමතරව දෛනිකව ඩොලර් 500 බැගින් දින 05ක් සඳහා ඩොලර් 2500ක අමතර දීමනාවක් සමුලුවට සහභාගීවන පුද්ගලයා සඳහා අයි.සී.සීයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් වෙත යොමු කර තිබිණි.
විගණන වාර්තාවට අනුව මෙම සමුලුවට සහභාගී වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි ද සිල්වාය. අයි.සී.සී. ය විසින් පූර්ණ වියදම් දරන මෙම සමුළුව සඳහා සහභාගී වීමට ශම්මි ද සිල්වා 2022 ඔක්තොම්බර් 20 දා වැනිදා අංක PY2022008927 දරන ගෙවිම් වවුචරය මගින් මුලින්ම දිනකට ඇමරිකානු ඩොලර් 500 බැගින් දින පහක් සඳහා ඇමරිකන් ඩොලර් 2500ක් ක්‍රිකට් ආයතනයෙන් ලබාගෙන තිබිනි. එම මුදලේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් නව ලක්ෂ දහතුන් දහස් හත්සිය පනහ (9,13,750)කි.
අනතුරුව දෙවැනි අවස්ථාවක එම දින 05 වෙනුවෙන් එක් දිනකට ඇමරිකන් ඩොලර් 700ක් බැගින් ඩොලර් 3500ක තවත් දෛනික දීමනාවක් ලබාගෙන තිබිණි.
ඉන්ද නොනැවතී තවත් අමතර දින 05ක් සඳහා දිනකට ඇමරිකන් ඩොලර් 700 බැගින් තවත් ඇමරිකන් ඩොලර් 3500ක් ක්‍රිකට් ආයතනයෙන් ලබාගෙන තිබිණි.
දෙවැනි වර ලබා ගත් මුදල ඩොලර් 7000කි. මේ ඩොලර් 7000 වටිනාකම රුපියල් විසි පන් ලක්ෂ පන් ලක්ෂ හැට දහස් එකසිය අසූවකි.
ඒ අනුව මෙම ගමනට අයිසීසී ආයතනය සියලුම පහසුකම් සපුරද්දී දින 05ක රාජකාරිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට ක්‍රිකට් ආයතනය ඩොලර් 9500ක් ගෙවා තිබිණි. එහි මුදල රුපියල් තිස් හතර ලක්ෂ හැත්තෑ තුන් දහස් නවසිය තිහ (34,73,930) කි.
මෙම සමුලුව තිබුණේ නොවැම්බර් මස 11 සිට 13 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේය. ෂම්මි ද සිල්වා 2022 ඔක්තොම්බර් 31 ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. නැවත පැමිණියේ නොවැම්බර් 15 වැනිදා ය. දින 05 සමුලුව සඳහා ඔහු දින 15ක කාලයක් ගත කර තිබිණි.
ඔහු සමුළුවට සහභාගී වීම සදහා නැවත ඔස්ට්‍රේලියාවට යන්නේ දින 10ක් සඳහා ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට රුපියල් ලක්ෂ 51කට වැඩි මුදලක් වියදම් සඳහා වෙන් කරගෙන දින නවයකින් ආපසු පැමිණිමෙන් අනතුරුව දින 12කට පසුවය.
සභාපතිවරයා 2023 පෙබරවාරි 03 දින PY0000001809 දරන රිසිට් පතින් තමන් ගත් මුදලින් රුපියල් හත් ලක්ෂ හැට හත් දහස් පන්සිය පනහක් වටිනා ඇමරිකානු ඩොලර් 2100ක් ක්‍රිකට් ආයතනයට ආපසු ගෙවා තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට සහ මෙම සමුළුවට සහභාගී වීම වෙනුවෙන් එක් කෝටි දාහත් ලක්ෂ විසි දහස් අටසිය තිස් දෙකක ( 1,17,28,832)ක මුලු වියදමක් දරා තිබිණි.







