බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඉස්සරහට යන කෙනා තෝරන ලෝක ශූර ඉතිහාසයක් ඇති අන්තිමයන්ගේ තරගය..

by editor
ඔක්තෝබර් 26, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අන්තිමට අප ක්‍රීඩා කළේ පසුගිය 21 වැනිදා සිකුරාදාය. ඒ නෙදර්ලන්තය සමගය.  තරග තුනක් එක දිගට පරාජය වී ලැබූ පළමු ජයග්‍රහණයෙන් පසු මෙතෙක් තරග නොකළ ශ්‍රී ලංකාව තරගාවලියේ අනෙක් තරග ප්‍රතිඵල මත කණ්ඩායම් 10 අවසානයේ සිට 07වැනි තැන තෙක් පැමිණ ඇත්තේය. එංගන්යත් එහෙමය. ලයිස්තුවේ අන්තිමට සිට තරග නොකරම 08 වැනි තැනට ඇවිත් තිබෙන්නේය.  අද  (26) බැංගලෝර්හි දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ  එංගලන්ත කණ්ඩායම තරග වදින්නේ මේ තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම වැදගත් ද නැද්ද යන්න තීරණය කිරීම සඳහාය. 

තරගයේ  කාසියේ වාසිය දිනාගෙන ඇත්තේ එංගලන්ත කණ්ඩායමය. ඔවුන් පන්දුවට පහර දීම තෝරා තිබේ.

එංගලන්ත කණ්ඩායම ජොනී බයිස්ටොව්, ඩේවිඩ් මාලන්, ජෝ රූට්, බෙන් ස්ටෝක්, නායක සහ කඩුළු රකින ක්‍රීඩක ජොස් බට්ලර්, ලියම් ලිවින්ග්සටන්,  මොයින් අලී,  ක්‍රිස් වෝර්කස්,  ඩේවිඩ් විලී, ඇඩිල් රෂීඩ්,  සහ මාර්ක් වුඩ් ගෙන් සමන්විතය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් කැඳවා තිබේ. පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා,  නායක සහ කඩුළු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක,  ලහිරු කුමාර  තරග වදිති..

අපේ කතාව

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

අප මුල්ම තරගය පැරදුනේ 07 වැනිදාය. ඒ වාර්තාගත පරාජයක් වන්නේ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ප්‍රහාරයට ලක් වූ කණ්ඩායම අප වීමය. දිල්ලහි පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එදිරිව දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු  428ක් රැස් කළේය.  අප ඕවර 44.5ක දී ලකුණු 326කට දැවී ගියේය. ලකුණු 102කින් පැරදුනේය.

දෙවැනි තරගය තිබුනේ පසගිය 10 වැනිදා  අප පකිස්ථානයට එරෙහිව තරග වැදුනේය.  කඩුලු 09කට ලකුණු 344ක් රැස් කළේය. පකිස්ථානය ඕවර 48.2ක දී හඹා ගොස් කඩුළු 06කින්  දිනුවේය. ඒ පාරාජය ඉතිහාසගත වන්නේ ලෝක කුසලාන තරගාවලික දී මෙතෙක් හඹා ගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ගණන එය වීම නිසාය.

හරියටම මීට දවස් 10කට පෙර 16 වැනිදා ඔස්ට්‍රේලියාව සමග තරගය කඩුළු 05කින් පැරදුනේය. ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක් කුසල් ජනිත් සහ පැතුම් නිස්සංක එකතු කළත් කණ්ඩායම ලකුණු  209කට දැවී ගියේය. මේ දසුන් ශානක ඉවත් කර කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ පළමු තරගය ය. මේ පළමු තරග දෙකේදීම ආකර්ශනීය පිතිකරණයක නිරතවුන මෙන්ඩිස්ගේ පිතිකරණයත් ෆේල් වුනේය.

පසුගිය 21 වැනිදා ලක්නව් හි පැති නෙදර්ලන්ත තරගය පමණක් යන්තම් අප කොටා ගත්තේය. කඩුළු 05කින් දිනුම්ය. තරගය දිනුවත් නායක කුසල් මෙන්ඩිස් ෆේල්ය.

අද අප තරග වදින්නේ එවැනි ඉතිහාසයක් සහිතවය.  එංගලන්තයත් ඉන්නේ එවැනිම ඉරණමකය. කණ්ඩායම් ලකුණු ලයිතුවේ අන්තිමයාට සිට    ඊයේ ඔස්ට්‍රේලියාව විසින් නෙදර්ලන්තය ලකුණු 309න් පරාජය වීමත්, දකුණු අප්‍රිකාව විසින් බංගලාදේශය ලකුණු 149කින් පරාජය කිරීමත්, නිසා යන්තම් උඩට ආවේය. දැන් අපි ඉන්නේ ලකුණු ලයිස්තුවේ 07 වැනි තැනය. එංගලන්තය 08 වැනි තැනය.

එංගලන්තය

ඔවුන් වත්මන් ශූරයන්ය.  ඒත් මේ තරගාවලියේ අපි සේම ඔවුන් ද  ආරම්භක තරඟ හතරෙන් තුනක් පැරදුනේය.   . තරඟාවලියේ ආරම්භක තරඟයේදී එංගලන්තය නවසීලන්තයට පැදුනේය. 2019 අවසන්  මහා තරඟය දී එංගලන්තයට හමුවන්නේ නවසීලන්ත කණ්ඩායමය. නවසීලන්තය නැවත ලෝක කුසලා තරගාවලියක දී එංගලන්තය හමු වූ මුල්ම අවස්ථාවේ දීම  ඊට පිළිතුරක් ලබා දුන්නේය.

.එංගලන්තය ඔවුන්ගේ දෙවැනි තරගයේදී බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූ බව සැබෑය. නමුත් තරගාවලියේ පළමු පෙරළිය කරමින්  ඇෆ්ගනිස්තානය ලකුණු 69කින් එංගලන්ත කණ්ඩායම පරාජය කළේය.

ඒ පරාජයේ වේදනාව තවත් වැඩි වන්නේ  දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තය  වාර්තාගත ලකුණු 229කින් පරාජය වීමෙනි.   ඊයේ නෙදර්ලන්තය ලකුණු 309කින් පරදින්නට පෙර එතෙක්    එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් ලැබූ විශාලතම පරාජය වූයේ එයය.

මේ තරගය වැදගත් ඇයි?

මේ තරගය වැදගත් වන්නේ මේ පරාජිත කණ්ඩායම් දෙකම තවදුරටත් මේ තරගාවලිය සම්බන්දව  බලාපොරොත්තු තබා ගන්නටනම් මේ තරගය අනිවාර්යයෙන් ජයගත යුතු වීම බව අපි මුලින් සඳහන් කළෙමු.

ඒත් අප තවවමත් හතරවරං කෙළිමින් සිටින බව පෙනෙන්නේ කණ්ඩායම ස්ථාව කරගැනීමට තවමත් නොහැකි වීම නිසාය. අද මුල්ම වරට ඈන්ජලෝ මැතිව්ස් සංචිතයට කැඳවා තිබේ.  අබාධයක් සම්බන්ධව කතාවෙන් අනතුරුව කණ්ඩායමේ නායකයා ඉවත් කළ පසු කුසල් මෙන්ඩිස් මෙහෙයවන තුන්වන තරගය මෙයය.

මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක් වූ නමුත් දැන් සංචිතය තුළ සිටී. දසුන් වෙනුවට ගෙනා නායකයා මෙන්ම තුන් ඉරියව් චාමික කරුණාරත්නත් ඔවුන්ගේ වගකීම් සම්බන්ධව සාධාරණයක් කණ්ඩායමට ඉටු කර නැත. එල්.පි.එල් තරගාවලියේ දී කුණුහරපයෙන් බැනගෙන පිටිය මැද ගහගන්නට ගියේ මේ දෙබෑයන්ය.

මතීෂ පතිරණ ආබාධයක් සමග මැතිව්ස්ට අවස්ථාව දී කණ්ඩායමෙන් සමුගෙන ඇත. දසුන්ට නැවත මේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි නමුත් ඔහු මගියෙක් ලෙස කණ්ඩායමේ රඳවාගෙන හිඳීම මවිතය දනවන සුළුය.

දුෂ්මන්ත චමීර ද දැන් කණ්ඩායමට එක්වීමට සූදානම්ය. ඒ සඳහා තව ක්‍රීඩකයෙක් තුවාල වී කණ්ඩායමෙන් ඉවත් විය යුතුය. ඒ කවරෙක්දැයි අපට වැටහීමක් නැත.

තේරීම් කමිටුවත්, පුහුණු කරුවාත් දෙපැත්තට වී ඇරගන්නා විට, කණ්ඩායමේ ඒකග්‍රතාවය බිඳී ඇති විට, මේ ප්‍රශ්න විසඳා දෙන්න ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාට ඉන්දියාවට යන්නට සිදුවී ඇති විට මොන දක්ෂතා තිබුණත් ජයග්‍රහණය සම්බන්ධ බලාපොරොත්තුව ඇත්තේ අපට දුරය.

එහෙත් මේ රටේ හැම මනුස්සයාගේම ප්‍රාර්ථනාව මේ තරගය දිනාගෙන ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යනු දැකීමය. එය ඉටුවනු ඇතැයි බලාපොරොත්තු සහිතව මේ රටේ මිනිස්සු හාෆ් ඩේ දමා ගෙදර ඇවිත් ටී.වී එක ඉදිරිපිට සිටින බව මේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දැනුවත්ව ඇතැයි විශ්වාස කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හදිසි හෘදයාබාධයක් නිසා කටුගස්තොට රෝහලට ඇතුළත් කළ කාන්තාවකගේ රන් මුදු 04ක් කොල්ල කාලා!… සාත්තු සේවිකාවක් සැක පිට අත් අඩංගුවට…

Next Post

තිබෙන එකම ගිනි නිවන රථය කැඩෙයි… වව්නියාව නගරසභා ගිනි නිවන සේවාව තාවකාලිකව නවතී…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.