ඉරිදා, ජූනි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෝෂිත අත් අඩංගුවට… ඔහුව අත් අඩංගුවට ගන්නේ ඇයි?

by editor
ජූනි 17, 2026
in පුවත්
Yoshitha-R
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අද (17) උදෑසන අත්අඩංගුවට ගත්තේය.

ඔහු අද උදෑසන කොමිෂන් සභාව හමුවට පැමිණියේ ශ්‍රී ලංකා නාවික හමුදාවට තමන්ව බඳවා ගැනීම සහ ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික විද්‍යාලයේ (British Royal Naval College) ලබාගත් පුහුණුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය. එහිදී විමර්ශන නිලධාරීන් විසින් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට පියවර ගැනුණි.

මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (16) දින ඔහුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද, අභියාචනාධිකරණයේ පැවැති නඩු විභාගයක් හේතුවෙන් එදින පැමිණීමට නොහැකි බව ඔහු ලිඛිතව දැනුම් දී තිබුණි. ඒ අනුව ඔහුගේ පැමිණීම අද උදෑසන දක්වා කල් දමා තිබූ අතර, අද දින ප්‍රකාශය ලබා දීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

යෝෂිත රාජපක්ෂට එල්ල වී ඇති චෝදනා මොනවාද?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන පුළුල් විමර්ශනවලට අනුව, යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීමේ ක්‍රියාවලියේ සහ ඉන් අනතුරුව ඔහු විදේශීය පුහුණුව සඳහා යොමු කිරීමේ ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව අනාවරණය වූයේය.

  • මූලික සුදුසුකම් සපුරා නොතිබීම: සාමාන්‍ය ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමට නම්, අයදුම්කරු අනිවාර්යයෙන්ම අපොස උසස් පෙළ විභාගයෙන් විද්‍යා හෝ ගණිත අංශයෙන් සමත්ව සිටිය යුතුය. කෙසේ වෙතත්, කොමිසමේ විමර්ශන මගින් හෙළි වී ඇත්තේ යෝෂිත රාජපක්ෂ උසස් පෙළ හදාරා ඇත්තේ කලා අංශයෙන් වන අතර, ඒ හේතුවෙන් නාවික හමුදා නිලධාරී තනතුරකට ඇතුළත් වීමට ඔහුට මූලික සුදුසුකම් සපුරා නොතිබූ බවය.

    RelatedPosts

    රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

    මිද්දෙණියේ ගංජා ජාවාරම්කරුගේ රුපියල් ලක්ෂ 80ක දැව තොගයක් STF දැලේ!

    දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

  • ඔහු වෙනුවෙන්ම බඳවා ගැනීමේ කොන්දේසි වෙනස් කිරීම: යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීමට පහසුකම් සැලසීම සඳහා, මුලින් නිර්දේශ කර තිබූ බඳවා ගැනීමේ නිර්ණායක පසුව සංශෝධනය කර ඇති බවත්, ඒ අනුව නව පුවත්පත් දැන්වීම් පවා පළ කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මීට අමතරව, දෙසැම්බර් මාසයේ පැවැති බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී ඔහුගේ අපොස සාමාන්‍ය පෙළ සුදුසුකම් සම්බන්ධයෙන් ද ගැටලු පැන නැගී ඇති අතර, පසුව එම කොන්දේසි ද යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපනික පසුබිමට ගැළපෙන පරිදි වෙනස් කර තිබේ.

  • බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව සහ රාජ්‍ය මුදල් අවභාවිතය: 2006 සැප්තැම්බර් මාසයේදී, එවකට සිටි නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික ඇකඩමිය (British Royal Naval Academy) වෙත ලිපියක් යොමු කරමින් යෝෂිත රාජපක්ෂව එම ඇකඩමියට ඇතුළත් කරගත හැකිදැයි විමසා තිබේ. එම වසරේම නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ඇකඩමිය ඊට කැමැත්ත පළ කරමින් පිළිතුරු ලිපියක් එවා ඇතත්, එහිදී ඔවුන් පැහැදිලිවම සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාව පූර්ණ ශිෂ්‍යත්ව පදනමක් මත ලබා දිය නොහැකි බවත්, ඒ සඳහා අනිවාර්යයෙන්ම ගෙවීම් කළ යුතු බවත්ය.

    මෙවැනි පසුබිමක, නාවික හමුදාවට ඇතුළත් කරගැනීමෙන් පසු 2007 ජනවාරි මාසයේදී යෝෂිත රාජපක්ෂ එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබේ. එහිදී ඔහු වසර එකහමාරකට අධික කාලයක් බ්‍රිතාන්‍ය රාජකීය නාවික ඇකඩමියේ පුහුණුව ලබා ඇති අතර, ඒ සඳහා වැය වූ සියලුම අධික පිරිවැය ශ්‍රී ලංකා රජයේ පොදු මහජන මුදලින් දරා ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශන මගින් වැඩිදුරටත් තහවුරු වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් දෙන්න බෑ – නීතිපති අභියාචනාධිකරණයට කියයි!

Next Post

“අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

Related Posts

පුවත්

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

ජූනි 21, 2026
පුවත්

මිද්දෙණියේ ගංජා ජාවාරම්කරුගේ රුපියල් ලක්ෂ 80ක දැව තොගයක් STF දැලේ!

ජූනි 21, 2026
පුවත්

රටින් ඩොලර් පැන්නූ   ජාලයේ ප්‍රධාන ජාවාරමෙක් අත් අඩංගුවට…

ජූනි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!

ජූනි 21, 2026

මිද්දෙණියේ ගංජා ජාවාරම්කරුගේ රුපියල් ලක්ෂ 80ක දැව තොගයක් STF දැලේ!

ජූනි 21, 2026

රටින් ඩොලර් පැන්නූ   ජාලයේ ප්‍රධාන ජාවාරමෙක් අත් අඩංගුවට…

ජූනි 20, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රන් ආලේපිත ටී-56 නඩුව: හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක නැවතත් සැකකරුවෙකු ලෙස නම් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්!
  • මිද්දෙණියේ ගංජා ජාවාරම්කරුගේ රුපියල් ලක්ෂ 80ක දැව තොගයක් STF දැලේ!
  • රටින් ඩොලර් පැන්නූ   ජාලයේ ප්‍රධාන ජාවාරමෙක් අත් අඩංගුවට…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.