X-Press Pearl නඩු විභාගය මැයි 15ට කල් යයි!

x-press-perl

ගිනිගෙන සැකිලි වී ගිලාසිමින් ඇති නැව

X-Press Pearl නෞකාවෙන් සිදුවූ ව්‍යසනය සඳහා වන්දි ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය  සිංගප්පූරු මහාධිකරණයේ පැවරූ  නඩුව මැයි 15 දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.

ඒ කොළඹ වරය ආසන්නයේ දී  ගිනි ගෙන මුහුදු බත් වූ X-Press Pearl  නෞකාවෙන් සිදු වූ  හානි සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට ශ්‍රි ලංකා රජය  සිංගපූරු මහාධිකරණයේ ගොනු කළ නඩුව අද (09)  ප්‍රථම වතාවට කැඳවූ අවස්ථාවේ දී ය.

ශ්‍රි ලංකා රජය වෙනුවෙන් සිංගප්පූරු  නීතී සමාගමක්  අද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

2021 වසරේ මැයි මස 20 වැනිදා ගිනි බත් වූ මෙම නෞකාව අනතුර මෑත කාලයේ සිදුවූ විශාලතම සමුද්‍රීය පාරිසරික අනතුර ලෙස  සැලකුණද ඊට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද වීම පිළිබඳව විවේචන එල්ල විය.


මෙම නඩුව පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සිංගප්පූරුවේ මහාධිකරණයේ ගොනු කරන ලද අතර ඒ අනුව මෙම නඩුව අද දින කැඳවනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂඥ අධ්‍යයන වාර්තාවකට අනුව සිදුව ඇති සමස්ත හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4කට තක්සේරු කොට ඇත.

Exit mobile version