බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන මිල වැඩි කළොත් ඒක විකෘතියක්; මැයි 15ට පෙර ඇණවුම් කළ වාහනවලට අධිභාරය බලපාන්නේ නෑ – නියෝජ්‍ය මුදල් ඇමති

මේ වසරේ පළමු මාස 03 තුළ මණක් වාහන එක් ලක්ෂ හැත්තෑ අට දහසක් රටට ගෙනල්ලා... තාවකාලික විනිමය පාලනයක් අවශ්‍යයයි... ඇමති අධිභාරයට හේතුව කියයි!

by editor
මැයි 19, 2026
in පුවත්
Red,Car
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මාස තුනක කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක වන පරිදි වාහන සඳහා අධිභාරයක් පැනවීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළෙඳපොළේ පවතින වාහන මිල ඉහළ දැමීමට උත්සාහ කරන්නේ නම් එය විකෘතියක් මෙන්ම අවස්ථාවාදී හැසිරීමක් බව නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය අනිල් ජයන්ත පවසයි.

අද (19) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේ මැයි 15 වැනිදා දක්වා ණයවර ලිපි (LC) නිකුත් කර ඇති කිසිදු වාහනයක් සඳහා මෙම අධිභාරය බලනොපාන බවය.

මෙම නව බදු සංශෝධනය මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, එය ත්‍රීරෝද රථ සහ යතුරුපැදි හැර අනෙකුත් පෞද්ගලික වාහන සඳහා පමණක් සීමා වේ. ප්‍රතිශතයක් ලෙස මෙම බදු වැඩිවීම සියයට 15ක් පමණක් වන අතර වාණිජ වාහන සඳහා ද මෙම බද්ද අදාළ නොවන බව ද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

රටේ විදේශ විනිමය තාවකාලිකව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පමණක් මෙම තීරණය ගත් බව පෙන්වා දුන් නියෝජ්‍ය ඇමතිවරයා, වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

“දැනට ලංකාවට ගෙන්වා ඇති වාහන මෙන්ම මැයි 15 වැනිදාට පෙර LC විවෘත කළ වාහනවල මිල වෙළෙඳපොළේ කිසිදු ලෙසකින් ඉහළ යා නොහැකියි. එවැනි මිල වැඩි කිරීමක් කිරීමට තැත් කරන්නේ නම් එය අවස්ථාවාදී ක්‍රියාවක්. මෙමඟින් අප බලාපොරොත්තු වන්නේ පෞද්ගලික වාහන ආනයනය මාස තුනක කාලයකට ප්‍රමාද කර ගැනීම පමණයි.”

ආර්ථිකය ප්‍රසාරණය වන විට වාහන භාවිතය ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් වුවද, බලාපොරොත්තු වූවාට වඩා වැඩි වාහන ප්‍රමාණයක් මේ වන විට ආනයනය කර ඇති බව ද මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා අනාවරණය  කළේය. නියෝජ්‍ය ඇමතිවරයාට අනුව 2026 වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට යතුරුපැදි, ත්‍රීරෝද රථ, මෝටර් රථ ඇතුළු සමස්ත වාහන 178,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.

RelatedPosts

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

බාහිරව ඇති වූ පාලනය කළ නොහැකි ආර්ථික තත්ත්වයන් හමුවේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීමට මෙම තීරණය ගත් බවත්, මෙය ආර්ථිකය හකුලා දැමීමේ පියවරක් නොවන බවත් පැවසූ ආචාර්ය අනිල් ජයන්ත, ගැඹුරු අර්බුදයක තිබූ ආර්ථිකයක් එකවරම යථා තත්ත්වයට පත් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බව ද පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරානයට හෙට එල්ල කරන්න හිටි දැවැන්ත ප්‍රහාරයක් තාවකාලිකව අත් හිටවූ බව ට්‍රම්ප් කියන කතාව…

Next Post

ජනපති රාගම “රණවිරු සෙවණ” සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසයි!

Related Posts

Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.