බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එයාර් බස් මගඩියේ මුල මැද අග ගැන යළි කරන සිහිකිරීමක්… 

by editor
මාර්තු 20, 2026
in පුවත්
Air-Bus
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • නින්දාසහගත හොරකම් කර ලෝකය ඉදිරියේ පදිරි වූ හොරු  අපේ අධිකරණය ඉදිරියේ කරන්නේ කුමක් ද ?

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන අතිශය කුප්‍රකට සහ දූෂිත ගනුදෙනුව පිළිබඳ මාතෘකාව යළිත් මෙරට දේශපාලන හා නීතිමය කරළිය දැඩි ලෙස රත් කිරීමට සමත්ව තිබේ. 2013 වර්ෂයේදී සිදුවූ මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන්වන විමර්ශන මෙතෙක් නිසි නිමාවකට පත්ව නොතිබුණද, මෑතකදී අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු හේතුවෙන් එහි සැඟවුණු පැති ගණනාවක් අනාවරණය වී ඇත.

මෙම ගනුදෙනුවේ ප්‍රධානතම චෝදනාව වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව ගුවන් ඇණියක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමකින් අල්ලස් මුදල් ලබා ගැනීමය.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ, එවකට ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ සැකකාර කපිල චන්ද්‍රසේනට ලැබුණු අල්ලස් මුදලින් රුපියල් කෝටි අටක මුදලක් කොටස් වශයෙන් එවකට සිටි ඉහළම දේශපාලන තන්ත්‍රය වෙත ගලා ගොස් ඇති බවයි. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ගුවන් සේවා අමාත්‍යවරයා වෙත මෙම අල්ලස් මුදල් ලබා දී ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය

අල්ලස් මුදල් බෙදී ගිය ආකාරය පිළිබඳ අධිකරණ හෙළිදරව්ව

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර කපිල චන්ද්‍රසේනට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉතාමත් සංවේදී කරුණු රැසක් අනාවරණය කළහ. එහිදී සඳහන් වූයේ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න වෙත රුපියල් කෝටි දෙකක මුදලක් ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත රුපියල් කෝටි දෙක බැගින් අවස්ථා කිහිපයකදී රුපියල් කෝටි හයක මුදලක් ද ලබා දී ඇති බවයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම ගනුදෙනුව හුදෙක් දේශීයව පමණක් නොව ජාත්‍යන්තර මට්ටමින් ජාලගත වූවකි. කපිල චන්ද්‍රසේන සිය බිරිඳගේ නමින් බෲනායි රාජ්‍යයේ ව්‍යාජ සමාගමක් (Shell Company) පිහිටුවා තිබූ අතර, ප්‍රකට සිවිල් ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන ‘European Aeronautic Defence and Space Company’ (EADS) වෙතින් යුරෝ 1,454,645.54 ක (අමෙරිකානු ඩොලර් මිලියන දෙකක පමණ) අල්ලසක් එම ව්‍යාජ සමාගම හරහා ලබා ගත් බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ. මෙම වංචාකාරී ක්‍රියාව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන නමැති සැකකරු ලබන මස 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

රාජපක්ෂ පවුලේ සෙවනැලි සහ රතු වරෙන්තු

මෙම සිදුවීමට අදාළව හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ ද ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කටයුතු කර ඇත. ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග නිකුත් කර තිබුණි. 2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A-350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලදී ගැනීමේදී සිදුවූ අයථා මුදල් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායකට මූලික චෝදනා එල්ල වී තිබුණි.

පසුව මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර සිටියද, විමර්ශනවල ප්‍රගතිය මත නඩුවේ තුන්වන සැකකරු ලෙස ශමීන්ද්‍ර රාජපක්ෂ නම් කෙරිණි. දැනට විදේශගතව සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා ‘රතු වරෙන්තුවක්’ (Red Notice) ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේය.

එපමණක් නොව, මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ද පසුගිය 2025 පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගත්තේය. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශන සිදු කරයි.

ගුවන් යානා මිලදී ගැනීමේ අතීත කතාව සහ වංචාවේ ආරම්භය

මෙම වංචාව තේරුම් ගැනීමට නම් 2008 වසර දක්වා ආපසු යා යුතුය. එමිරේට්ස් සමාගම ශ්‍රීලන්කන් ගුවන් සේවා සමාගමේ කළමනාකාරිත්වයෙන් ඉවත්වන විට ගුවන් සමාගමේ පාඩුව රුපියල් මිලියන 4,428 කි. එකල ගුවන් යානා 14ක් ධාවනය වෙමින් පැවති අතර, සමාගම සකස් කළ ව්‍යාපාරික සැලැස්මට අනුව 2013-2021 කාලය තුළ පැරණි යානා ඉවත් කර නවීන පුළුල් බඳ සහිත යානා 14ක් එක් කර ගැනීමට තීරණය විය.

ඒ අනුව Airbus A330-300 යානා 06ක්, A350-900 යානා 04ක් මිලදී ගැනීමටත්, තවත් A350-900 යානා 04ක් බදු පදනම මත ලබා ගැනීමටත් එවකට සිටි අධ්‍යක්ෂ මණ්ඩලය 2013 දී තීන්දු කළේය. කපිල චන්ද්‍රසේන එවකට ප්‍රධාන විධායක නිලධාරීවරයා විය.

මෙහි ඇති බරපතලම කරුණ නම්, මෙම බිලියන ගණනක ආයෝජන තීන්දු ගෙන තිබුණේ අමාත්‍ය මණ්ඩලයේ (Cabinet) කිසිදු අනුමැතියකින් තොරව වීමයි. එසේම විධිමත් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් ද සිදු කර නොතිබුණි.

රටේ විදේශ විනිමය අර්බුදයක් තිබියදී පවා පෙර ගෙවුම් ලෙස රුපියල් මිලියන 2,528.12ක (අමෙරිකානු ඩොලර් මිලියන 19.21) මුදලක් එයාර්බස් සමාගමට ගෙවීමට ගුවන් සමාගම කටයුතු කර තිබුණි.

2015 පත්වූ රජය මෙම දැවැන්ත මූල්‍ය අර්බුදය හමුවේ A350-900 යානා 4ක බදු ගිවිසුම අවලංගු කිරීමට තීරණය කළ අතර, ඒ හේතුවෙන් රුපියල් මිලියන 16,924.36 ක (බිලියන 16කට අධික) දැවැන්ත වන්දි මුදලක් අදාළ සමාගම් වෙත ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය. මෙම මුදල් වන්දි ලෙස ගෙවීමට සිදු වූයේ රටේ පොදු මහජනතාවගේ බදු මුදල්වලිනි.

එයාර්බස් සේවකයන් සහ ප්‍රධාන විධායකගේ බිරිඳ අතර ඇති වූ රහසිගත එකඟතාව

මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට අදාළ තොරතුරු මුලින්ම අනාවරණය වන්නේ බ්‍රිතාන්‍ය බරපතල වංචා කාර්යාලය (Serious Fraud Office – SFO) මගින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් ගුවන් යානා 10ක් මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතව සිටි එයාර්බස් සමාගමට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා එල්ල වී තිබූ අතර, බ්‍රිතාන්‍ය බරපතල වංචා කාර්යාලය විසින් එම සමාගමට එරෙහිව එක්සත් රාජධානියේ ක්‍රවුන් අධිකරණයේ නඩු පවරා තිබුණි.

වසර හතරක් පුරා ක්‍රියාත්මක වූ මෙම විමර්ශනවලදී, ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ කුප්‍රකට ගනුදෙනුව පිළිබඳ සියලු තොරතුරු එක්සත් රාජධානියේ ක්‍රවුන් අධිකරණය හමුවේ අනාවරණය විය.

එම හෙළිදරව්වට අනුව, මෙම ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී අතරමැදියෙකු ලෙස කටයුතු කළ සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 16.84ක දැවැන්ත මුදලක් ගෙවීමට එයාර්බස් සමාගම එකඟ වී තිබුණි. එම එකඟ වූ මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අදාළ සමාගම වෙත ඒ වන විටත් ගෙවා ඇති බව හෙළි වූ අතර, වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වූයේ මෙම අතරමැදි සමාගම එවකට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීව සිටි කපිල චන්ද්‍රසේනගේ බිරිඳට අයත් සමාගමක් බව තහවුරු වීමය.

එයාර්බස් සමාගම විසින් මෙම ගෙවීම සිදු කිරීමට එකඟ වී තිබුණේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට බලපෑම් සිදු කිරීම සඳහාය. ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙත Airbus A330-300 යානා 06ක් සහ A350-900 යානා 04ක් මිලදී ගැනීමටත්, තවත් A350-900 යානා 04ක් කුලී පදනම මත ලබා ගැනීමටත් වන ගනුදෙනුවලට බලපෑම් කිරීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල් ගෙවීමට එකඟ වූ බව විගණන වාර්තා මගින් ද තහවුරු කර තිබේ.

එක්සත් රාජධානියේ  ශ්‍රේෂ්ඨාධිකරණය   විසින් බරපතල වංචා කාර්යාලය සහ එස්.ඒ.එස්. එයාර්බස් සමාගම අතර ඇති කර ගත් ගිවිසුම අනුමත කරමින් ලබා දුන් තීන්දුව මගින් මෙම කරුණු සියල්ල යළිත් සහතික විය.

එම අවස්ථාවේදී එයාර්බස් සමාගම විසින් Airbus A350-900 වර්ගයේ ගුවන් යානයක මිල ලෙස අමෙරිකානු ඩොලර් 275,099,000ක් සඳහන් කර තිබූ අතර, උපකරණ සැපයීම සඳහා අමෙරිකානු ඩොලර් 9,672,000ක මුදලක් වෙන් කර තිබුණි.

Kapila-Chandrasena-Implicates-Mahinda-Rajapaksa-

කපිල චන්ද්‍රසේනට කිසිම දඬුවමක් කර නෑ…

කෙසේ වුවද, මෙවැනි බරපතල වංචාවක් සිදුව ඇති බව ජාත්‍යන්තරව පවා අනාවරණය වී තිබියදීත්, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව ගුවන් සමාගම විසින් මෙතෙක් කිසිදු විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විගණන වාර්තාවල සඳහන් වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් එයාර්බස්, සමාගම වෙත  ගුවන් යානා ලබා ගැනිමේ පෙරගෙවිම  පොලිය සමග ආපසු ලබාදෙන ලෙස  ඉල්ලා එන්තරවාසියක්  යවා ඇත. ගුවන් යානා ලැබිමට පෙර  ගුවන් සමාගම විසින් අදාල සමාගම වෙත කරණු ලැබු පෙර ගෙවිම  ආපසු අයකර ගැනීම කළ හැක්කේ  නිතිමය ක්‍රියාමාර්ගයකින්  පමණි.

එහෙත් ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින්  විගණනයට සඳහන් කොට ඇත්තේ  නීති උපදෙස්මත පදනම්ව  ගුවන් සමාගම විසින්  එස්.ඒ.එස්.එයාර්බස් සමාගම,  සමග මෙම ගුවන්යානා මිලදී ගැනීමේ  ගිවිසුම අවසන් කිරීමට කටයුතු කළ බවය.

එමෙන්ම මෙකී ගණු දෙනුවට අදාල  පෙර ගෙවීම වන්දියක් ද සමග  අයකරගැනීම පිළිබද  අදාල සමාගම වෙත  ලිඛිතව දැනුම් දී  ඇති බවය.

එයාර්බස් සමාගම මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සුහද විසඳුමක් සඳහා ඔවුන්ගේ කැමැත්ත දන්වා ඇති බව ද ගුවන් සමාගමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

මෙම ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සක්‍රියව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද විගණන වාර්තාවේ සඳහන්ව තිබේ.

එමෙන්ම ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව සිවිල් ක්‍රියාමාර්ගයක් ගත හැකි ද යන්න පිළිබඳව ගුවන් සමාගම විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා ඇති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

විගණන නිර්දේශ –

මෙවැනි මහා පරිමාණ ආයෝජන සිදුකිරීමට විස්තරාත්මක හා යථාර්ථවාදී පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. ඒ විතරක් නොව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ලබාගත යුතුය. එහෙත් මෙකී ගනුදෙනුවේදී ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකර ඇත්තේ ‘වන්මෑන් ෂෝ’ එකකි. එමෙන්ම මෙවැනි දූෂිත ගනුදෙනු අනාගතයේදී වළක්වා ගැනීම සඳහා සමාගම විසින් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයකින් පසු සැලකිලිමත්ව තම ගුවන් යානා මිශ්‍රණය තීරණය කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

ඒ අනුව ප්‍රශ්නගත මෙකී ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. 2020 වසරේ පෙබරවාරි 06 වනදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

පසුව ඔවුන් ඇප මත මුදා හැරුණු අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යය අඛණ්ඩව සලකා බැලීම සිදුවිය.

කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශය

නීති කෘත්‍ය සිදුවන අතර යළිත් කපිල චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරගත වුනේය. ප්‍රථමයෙන් මාර්තු 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ ඔහු, පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාරතව සිටින අතර කපිල චන්ද්‍රසේන අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.  ඔහු එම දිවුරුම් ප්‍රකාශයෙන් කියන්නේ  අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට මරණ බිය සහ දැඩි මානසික පීඩනය එල්ල කරමින් ප්‍රකාශ ලබාගත් බවය.

එහි සඳහන් වන්නේ, 2026 මාර්තු 12 වන දින ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේදී, තමන්ව සිය නීතිඥවරයාගෙන් වෙන් කර වෙනත් කාමරයකට රැගෙන ගොස් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් තර්ජනය කළ බවය. මීට පෙර අවස්ථාවකදී සැකකරුවකු සිය දිවි නසාගත් පුවතක් සිහිපත් කරමින්, තමන්ටද එවැනි ඉරණමක් අත්කර දෙන බවට බිය ගන්වා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයගේ නම් අදාළ ප්‍රකාශයට ඇතුළත් කරන ලෙස බලපෑම් කළ බව ඔහු එමගින් අවධාරණය  කළේය.

හිටපු ජනාධිපතිවරයා හෝ නාමල් රාජපක්ෂ විසින් ගුවන් යානා ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී කිසිදු බලපෑමක් හෝ මුදල් ලබා ගැනීමක් සිදු නොකළ බවත්, තමන්ගේ ප්‍රකාශයේ එවැනි කරුණු අන්තර්ගත වන්නේ නම් ඒවා ස්වේච්ඡාවෙන් සිදු කළ ප්‍රකාශ නොවන බවත් ඔහු එම ප්‍රකාශයෙන් කියා තිබුණේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එල්ල කරන ලද තර්ජන හමුවේ ඇති වූ තැතිගැන්ම සහ ජීවිත බිය නිසා විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය පරිදි එම නම් සහ කරුණු ප්‍රකාශයට ඇතුළත් කිරීමට තමන්ට සිදු වූ බව කපිල චන්ද්‍රසේන සිය දිවුරුම් ප්‍රකාශය මගින් සහතික කළේය. මෙම බලපෑම් සහ තර්ජන හේතුවෙන් තමන් දැඩි මානසික බිඳවැටීමකට ලක්වූ බවද ඔහු එම දිවුරුම් ප්‍රකාශයෙන් කීවේය.

මෙම නවතම කරුණු හෙළිදරව් වීමත් සමඟ එයාර්බස් ගනුදෙනුව පිළිබඳ නීතිමය ක්‍රියාවලිය ඉදිරියේදී වඩාත් සංකීර්ණ සහ ආන්දෝලනාත්මක මුහුණුවරක් ගනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ විචාරකයෝ පෙන්වා දෙති.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ වර්තමාන ඛේදනීය තත්ත්වය

2024/2025 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 2025/2026 වර්ෂයේදී මගී ආදායම රුපියල් බිලියන 51.7 දක්වා ඉහළ ගොස් ඇතත්, සමාගම තවමත් පවතින්නේ අතිශය දුෂ්කර මූල්‍ය අගාධයකය.

  • 2025/2026 පළමු කාර්තුව තුළ ශුද්ධ අලාභය රුපියල් බිලියන 10.7 කි.
  • ගුවන් සමාගමේ මුළු සමුච්චිත අලාභය රුපියල් බිලියන 628.3 ක් වැනි අතිවිශාල අගයක් ගනී.
  • රජය විසින් පසුගිය වසරේදී පමණක් රුපියල් බිලියන 9.8 ක ප්‍රාග්ධන දායකත්වයක් ලබා දී තිබේ.

,කිහිප දෙනෙකුගේ අසීමිත තණ්හාව සහ දූෂිත දේශපාලන ගනුදෙනු හේතුවෙන් ජාතික ගුවන් සේවය අද වන විටත් ගොඩගත නොහැකි මූල්‍ය ප්‍රපාතයකට ඇද දමා ඇති බවයි.

වත්මන් රජය යටතේ ද මෙම දූෂිතයන්ට නිසි දඬුවම් ලැබේද සහ මහජනතාවට අහිමි වූ බිලියන ගණනක මුදල් යළි ලබා ගත හැකි වේද යන්න ජනතාව විමසිල්ලෙන් බලා සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිඹුලාගල ආරණ්‍යයේ විදුලි අර්බුදයට තිරසාර විසඳුමක්: ලක්ෂ 390ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඇරඹේ!

Next Post

ඉන්ධන අර්බුදය කළමනාකරණය කරගන්නා අයුරු ජනපති පාර්ලිමේන්තුවට අනාවරණය කරයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.