බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන අර්බුදය කළමනාකරණය කරගන්නා අයුරු ජනපති පාර්ලිමේන්තුවට අනාවරණය කරයි…

by editor
මාර්තු 20, 2026
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

ලෝක දේශපාලනික හා යුදමය තත්ත්වයන් හමුවේ වුවද මෙරට ඉන්ධන සැපයුමේ ස්ථාවරභාවය, විනිවිදභාවය සහ අඛණ්ඩතාව පවත්වාගෙන යාම සඳහා රජය උපරිම ප්‍රමුඛතාව ලබා දී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේය.

ජනාධිපතිවරයා කීවේ ඉන්ධන මිල ඉහළ දැමීම සහ මිල තීරණය කිරීමේ බලය පනත ප්‍රකාරව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත තිබුණ ද රටේ බලශක්ති සැපයුමෙන් සියයට 40ක් ප්‍රතිශතයක් ආවරණය කරන්නේ පුද්ගලික අංශය බවය.  ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල ගණන් වැඩිවීම අනුව  ලාභ ලැබීම කෙසේ වෙතත්  අලාභය ආවරණය කරගැනීමට හෝ ඉන්ධන මිල වැඩි නොකළහොත් නැවත ඉන්ධන අර්බුදයක් ඇතිවන බවය.

කෙසේ වෙතත් මේ තත්ත්ව කළමනාකරණය කරගනිමින්    ඉන්ධන නැව්ගත කිරීම් නිසි පරිදි කාලසටහන්ගත කර ඇති බවත්, සැපයුම් හිඩැස් පිරවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කරන්නේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ කාලයක් තිස්සේ මුල් බැස තිබූ දූෂිතම ක්‍රියාවලිය ‘ස්පොට් පර්චේසින්’ හෙවත් ක්ෂණික මිලදී ගැනීම් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වත්මන් රජය බලයට පත් වූ දින සිට එම ක්‍රමය වෙනුවට දිගුකාලීන ටෙන්ඩර් මගින් ඉන්ධන ලබාගැනීමට කටයුතු කළ බව සඳහන් කළේය.

දිගුකාලීන ගිවිසුම් සහ විනිවිදභාවය

බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විධිමත් සහ තිරසාර ක්‍රමවේදයක් අනුගමනය කරමින් රජය රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වා ඇත. ටෙන්ඩර් ක්‍රියාවලීන් පවා අවභාවිත විය හැකි බැවින්, රජයන් අතර (G-to-G) ගිවිසුම්වලට එළඹීමට රජය වැඩි අවධානයක් යොමු කර තිබේ. මේ යටතේ බලශක්ති අමාත්‍යවරයා සහ ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් සමඟ සෘජුව සාකච්ඡා පවත්වා ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

සිංගප්පූරුව සහ ඉන්දියාව පදනම් කරගත් සමාගම් සමඟ ඇති කරගත් දිගුකාලීන ගිවිසුම් හරහා දැනට පිරිපහදු කළ ඉන්ධන මෙරටට බාධාවකින් තොරව ලැබෙමින් පවතින බව ජනාධිපතිවරයා තහවුරු කළේය.

බොරතෙල් සැපයුමේ ගැටලු සහ විකල්ප ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාවට බොරතෙල් සපයන ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ෆුජයිරා වරායට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් මෙරටට ලැබීමට තිබූ බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැව්ගත කිරීමක් සැපයුම්කරු විසින් කල් දමා ඇත. මීට අමතරව තවත් බොරතෙල් නැව්ගත කිරීමක්ද අවලංගු වී තිබේ.

මෙම අවදානම කළමනාකරණය කිරීම සඳහා රජය මාර්තු 05 වැනිදා පෙර සූදානමක් ලෙස අතිරේක ටෙන්ඩර් කැඳවූ බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය. එහිදී ඩීසල්, පෙට්‍රල්, ෆර්නස් ඔයිල් සහ ගුවන් යානා ඉන්ධන (Jet A1) සඳහා සාර්ථකව සැපයුම්කරුවන් තෝරාගෙන ඇති අතර, ඒවා අප්‍රේල් මස මුලදී මෙරටට ළඟා වීමට නියමිතය.

රටේ ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 35ක් පමණක් පිරිපහදු මගින් සපුරාගත හැකි බැවින්, බොරතෙල් සපයා ගැනීමට අපහසු අවස්ථාවලදී පිරිපහදු කළ ඉන්ධන සෘජුවම ආනයනය කර හිඟයකින් තොරව සැපයුම පවත්වාගෙන යාම රජයේ ප්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ගබඩා කිරීමේ සීමා සහ අනාගත සැපයුම්

ඉන්ධන නැව්ගත කිරීමේදී පවතින ප්‍රායෝගික ගැටලුවක් ලෙස මෙරට පවතින සීමිත ගබඩා ධාරිතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙට්‍රික් ටොන් 90,000ක නෞකාවකින් තෙල් ගොඩබෑමට දින අටක පමණ කාලයක් ගතවන අතර, එම කාලය තුළ තවත් නෞකාවකට වරායට ඇතුළු වීමට නොහැකි වීම හේතුවෙන් ඉතා පරීක්ෂාකාරීව මෙම කාලසටහන් සකස් කිරීමට රජයට සිදුව ඇත.

කෙසේ වෙතත්, උද්ගත වී ඇති සියලු අභියෝග ජයගනිමින් මෙරට ජනතාවට ඉන්ධන හිඟයකින් තොරව ලබාදීම සඳහා රජය සියලු සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එයාර් බස් මගඩියේ මුල මැද අග ගැන යළි කරන සිහිකිරීමක්… 

Next Post

ඉරාන ඇමරිකා ගැටුමේ දී ඉරාන යාත්‍රා සහ ඇමරිකානු යුධ ගුවන් යානා සම්බන්ධව ශ්‍රී ලංකාව හැසිරුණ ආකාරය ජනපති හෙළි කරයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.