ඉන්දීය ගුවන් සේවයක් වන SpiceJet, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නැවත මෙහෙයුම් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) පවසයි.
ගුවන් මෙහෙයුම් අගෝස්තු 20 සිට ආරම්භ කෙරිණ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) සහ මදුරෙයි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සතිපතා ගුවන් ගමන් හයක් සමඟ ගුවන් ගමන් සේවාව ක්‍රියාත්මක වන බව ඔවුහු පැවසූහ.
“සෘජු ගුවන් ගමන දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” SpiceJet නිලධාරියෙක් මාධ්‍යට පවසා ඇත.
ඒ අනුව බදාදා හැර සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.
SpiceJet ගුවන් සමාගමේ මූලස්ථානය හර්යානා ප්‍රාන්තයේ Gurgaon හි පිහිටා ඇත. මෙම ගුවන් සමාගම දේශීය මගීන් සංඛ්‍යාව අනුව ඉන්දියාවේ දෙවන විශාලතම ගුවන් සේවය වේ. 1994 දී ගුවන් කුලී රථ සපයන්නා ModiLuft ලෙස පිහිටුවන ලද මෙම සමාගම 2004 දී ඉන්දියානු ව්‍යවසායක අජේ සිං විසින් අත්පත් කර ගෙන SpiceJet ලෙස නම් කරන ලදී.