QR කෝටාව යාවත්කාලීන කරන දිනය වෙනස් වෙයි…

ඉන්ධන සඳහා වන QR කෝටාව යාවත්කාලීන වීම මේ සතියේ සිට අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ දී සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  පවසයි.

මින් පෙර QR කේතය ඉරිදා මධ්‍යම රාත්‍රියේදී යාවත්කාලීන කෙරුණු අතර සති අන්තයේ ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් වියදම් අඩු කර ගැනීමේ අරමුණින් එම දිනය වෙනස් කළ බවඅමාත්‍යවරයා සඳහන් කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ අද වන විට ඉන්ධන සඳහා වන සියලු කිව්ආර් ගිණුම් සඳහා කෝටාව යාවත්කාලීන කළ බවයි. ඒ අනුව නව කෝටාව අද සිට ලබා ගැනීමේ අවස්ථාව පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද, ලබා දෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදු නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබිණි.


Exit mobile version