බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව: පූජිත් ජයසුන්දර විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයට අලුත් කරුණු එක් කිරීමට කළ ඉල්ලිම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

by editor
අප්‍රේල් 24, 2026
in පුවත්
pujith
Share on FacebookShare on Twitter

2019 වසරේ අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් සාපරාධී පැහැර හැරීම් ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, විත්ති කූඩුවේ සිට සිදුකළ ප්‍රකාශයට අලුතින් කරුණු ඇතුළත් කිරීමට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළේය.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණි.

පාස්කු ප්‍රහාරය එල්ල වන බවට බුද්ධි අංශ මගින් නිශ්චිත තොරතුරු ලබා දී තිබියදීත්, එම ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමෙන්  මහා විනාශයක් සිදුවීමට ඉඩ හැරීම මෙන්ම රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පූජිත් ජයසුන්දරට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

නීතීඥවරයාගේ තර්කය

විත්තිකාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොෂාන් දෙහිවල අධිකරණයට දන්වා සිටියේ, සිය සේවාදායකයා මීට පෙර විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් ලබා දීමේදී අතපසුවීමකින් කරුණු දෙකක් මඟ හැරී ඇති බවය. එම කරුණු දෙක නැවත අධිකරණය හමුවේ තැබීමට අවසර දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මෙහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ අවධාරණය කළේ නීතිමය ප්‍රතිපාදන අනුව විත්තිකරුවෙකුට විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කිරීමට අවසර ලැබෙන්නේ එක් අවස්ථාවකදී පමණක් බවය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

නීතිපති පාර්ශවයේ විරෝධය

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් කියා සිටියේ, විත්තිකරුවෙකුට තමන් කැමති පරිදි වරින් වර විත්ති කූඩුවේ ප්‍රකාශයට කරුණු එකතු කිරීමට ඉඩ දුනහොත් එය නරක පූර්වාදර්ශයක් වන බවය. එමෙන්ම පවතින නීතියට අනුව වරක් සිදුකළ ප්‍රකාශයක් යාවත්කාලීන කිරීමට හෝ අලුතින් කරුණු එක් කිරීමට අවසරයක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම ඉල්ලීම නිශ්ප්‍රභ කළ අතර, නඩුව නැවත මැයි මස 22 වනදා කැඳවීමට නියම කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙදරටම ගිය  CID ය  මෛත්‍රී වික්‍රමසිංහගෙන්   ප්‍රකාශයක් සටහන් කරගනී…  

Next Post

මැමෝග්‍රෑම් පරීක්ෂණ ඇණහිටී: කාන්තාවන් 1200ක් අවදානමේ!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.