PHIලාගේ වර්ජනය නිසා මැතිවරණ කොමිසම අමාරුවේ

එළඹෙන මැතිවරණ රාජකාරි සඳහා සෞඛ්‍ය සේවකයන් දස දහසකගේ සේවය ඉල්ලා තිබෙද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවත් වෘත්තීය සමිති 18 සහය ලබාගෙන දියත් කර ඇති වර්ජනය මැතිවරණ කොමිසම බරපතල අර්බුදයකට පත්කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා පැවැත්වූ පූර්ව ආදර්ශ චන්ද විමසීම් වලදීත් අත්හදා බලා ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය නිර්දේශවල සඳහන් උපමාන ප්‍රායෝගික කිරීමට අවශ්‍ය වැදගත්ම කොටසවන මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීම මැතිවරණයට අයහපත් ලෙස බලපානු ඇතැයි පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් ඉහතදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් නොමැතිව සෞඛ්‍ය නිර්දේශ රකිමින ඡන්ද විමසීමක් කිරීම අපහසු බව ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.


Exit mobile version