සෙනසුරාදා, ජූනි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටින් ඩොලර් පැන්නූ   ජාලයේ ප්‍රධාන ජාවාරමෙක් අත් අඩංගුවට…

by editor
ජූනි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් රටින් බැහැර කිරීමේ ජාවාරමක නිරත වූ ප්‍රධාන පුද්ගලයෙක් මූල්‍ය  විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (19) මීගමුවේ පිහිටි නිවාස සංකීරණයක නිවසක සැඟවී සිටියදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රටින් ඩොලර් බැහැර කළ ජාවාරමක් ගැන පසුගිය 12 වැනිදා මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දි හෙළි කළේය. ඔහු කළ හෙළිදරව්වෙන් අනාවරණය වන්නේ  මේ ජාවාරම දේශීය සමාගම් 105ක් හරහා සිදුවු බවය.

මේ සම්බන්ධව කළ  පූර්ණ විමර්ශනයකින් පසු    හෙළි වන්නේ මේ සමාගම්වල ඉන්නේ සමාගම් ලේකම්වරු හෝ අධ්‍යක්ෂකවරුන් 55ක් පමණක් බවය.”ඒකෙන් පෙනී යනවා එක ම කණ්ඩායමක් විසින් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත සමාගමක් පවත්වාගෙන ගිහිල්ලා ඒ සමාගම හරහා ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් හරහා භාණ්ඩ ආනයනයට කියලා මුදල් යවලා පස්සේ තවත් සමාගමක් ආරම්භ කරලා මේ ජාවාරම සිද්ධ කරලා තියෙනවා.” ඇමතිවරයා කීවේය.

ඊයේ  මුල්‍ය විමර්ශන කොට්ඨාසය විසින්  අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ ජාවාරම් ජාලයේ සිටින ප්‍රධානතම පුද්ගලයෙකි. ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී හෙළි කළ කොළඹ කොටුවේ A.Y ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටි ජෙෆ්රි මොහොමඩ් නැමැත්තෙකි.

RelatedPosts

දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

මහනුවර දී තවත් තරුණියකගේ අබිරහස් මරණයක්…

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

හෙරොයින් විමර්ශනයකින් හෙළි වූ බිලියන 2.2ක අබිරහස

මොහුව අනාවරණය වි ඇත්තේ  හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ය. A.Y ඉන්වෙස්ට්මන්ට් ආයතනය   පිටකොටුවේ පිහිටි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුම් 4ක් හරහා විදේශ රටවල් 108කට ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක් යවා ඇති බවට වන තොරතුරු විමර්ශන නිලධාරීන් හෙළි කර ගෙන තිබිණි. මේ තොරතුරු මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී කීවේය.

“මීගමුව පොලිසිය විසින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හතර දෙනෙකු ඉකුත් පෙබරවාරි 15 වන දා අත්අඩංගුවට ගන්නවා. ඔවුන් හෙරොයින් ලබා ගැනීමට අදාළ මුදල් දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමක තැන්පත් කරනවා. මේ ගිණුම ඩුබායිහි සිට අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයෙකුගේ බවට අනාවරණය වෙනවා.

“මේ දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවේ ගිණුමේ තියෙන මුදල් කොළඹ පිටකොටුවේ තියෙන තවත් පුද්ගලික බැංකුවක ගිණුමට බැර වෙලා තියෙනවා. පිටකොටුවේ තියෙන බැංකු ගිණුම පවත්වාගෙන ගිහින් තියෙන්නේ AY ඉන්වෙස්ට්මන්ට් සමාගම. එම සමාගමේ ගිණුමේ රුපියල් බිලියන 2.2ක මුදලක් තියෙනවා කියලා හෙළිවෙලා තියෙනවා. 2024 සැප්තැම්බර් මාසයේ 9 වැනි දා මේ බැංකු ගිණුම ආරම්භ කරලා තියෙනවා කියලා විමර්ශනවලින් තොරතුරු සඳහන් වෙනවා.”

දින කිහිපයකින් රටවල් 108කට ඩොලර් පටවලා

“පිටකොටුවේ ඉහත ගිණුමේ තියෙන මුදල් දවස් 2-3 කට වරක් චෙක් පත්වලින් අරගෙන පිටකොටුවේ තියෙන වෙනත් පෞද්ගලික බැංකුවක AY ඉන්වෙස්ට්මන්ට් කියන නමින් තියෙන තවත් ජංගම ගිණුම් 4කට තැන්පත් කරලා ඒ හරහා රුපියල් කෝටි 1300ක මුදලක් විදේශ රටවලට යවනවා විගම්ම්‍ය විද්‍යුත් පැවරුම හරහා. 2025 ඔක්තෝබර් 30 වැනි දා ඉඳලා මේ වසරේ මාර්තු 4 වැනි දා කියන කාලය අතරතුරේදී මේ මුදල් හුවමාරු කිරීම් සිද්ධ කරන්නේ. මේ කෙටි කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක් විදේශ රටවලට යවලා තියෙනවා.”

“භාණ්ඩ ආනයනය කරනවා කියලා හඟවලා රටවල් 108කට විගම්ම්‍ය විද්‍යුත් පැවරුම් හරහා මුදල් හුවමාරු කරලා තිබුණත්, එම සමාගම විසින් මෙරටට ගෙන්වන බවට කියා තිබුණු හාඩ්වෙයාර් භාණ්ඩ, බාත්රූම් උපකරණ හෝ රත්ත්‍රන් කිසිවක් මෙරටට ගෙනල්ලා නැහැ “ අමාත්‍යවරයා කියා සිටියේය.

කොළඹ ප්‍රධාන පෙලේ භාණ්ඩ ආනයනකරුවන් කූට ලෙස ඩොලර් විදෙස් රටවලට යවා භාණ්ඩ ගෙන්වාගෙන රජයට විශාල වශයෙන් තීරුබදු අහිමිකිරීමට ද මෙම සමාගම කටයුතු කර තිබිණි.

බැංකු නිලධාරීන්ගේත් සහය?

සැකකරු මෙම ජාවාරම සඳහා සාක්ෂරතාවය අඩු පුද්ගලයන් 36 දෙනෙකු නමින් බැංකු ගිණුම් ආරම්භ කර යොදාගෙන ඇති අතර ඊට ඇතැම් බැංකු නිලධාරීන්ගෙන් ආධාර අනුබල ලැබී ඇති බවට පොලිසිය සැක පළ කරයි.

එක් අමරිකානු ඩොලරයක් වෙනුවෙන් රුපියල් දෙකක කොමිස් මුදලක් තමා ලබාගන්නා බව සැකකරු පවසා ඇත.

ඒ අනුව ඔහුව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබේ.

එමෙන්ම මෙම ජාවාරමෙන් සැකකරු මිලදීගත් රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

මේ අතර මොහු සමග ගනුදෙනු කළ ව්‍යාපාරිකයන් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

Share69Tweet43
Previous Post

දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

Related Posts

පුවත්

දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

ජූනි 20, 2026
පුවත්

මහනුවර දී තවත් තරුණියකගේ අබිරහස් මරණයක්…

ජූනි 20, 2026
docter
පුවත්

ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

ජූනි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රටින් ඩොලර් පැන්නූ   ජාලයේ ප්‍රධාන ජාවාරමෙක් අත් අඩංගුවට…

ජූනි 20, 2026

දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!

ජූනි 20, 2026

මහනුවර දී තවත් තරුණියකගේ අබිරහස් මරණයක්…

ජූනි 20, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රටින් ඩොලර් පැන්නූ   ජාලයේ ප්‍රධාන ජාවාරමෙක් අත් අඩංගුවට…
  • දිට්වා සුළි කුණාටුවේ බාධා බිඳලමින් මාස 7කට පසු නානුඔය – බදුල්ල අතර ‘පොඩි මැණිකේ’ සුබ මොහොතින් ගමන් අරඹයි!
  • මහනුවර දී තවත් තරුණියකගේ අබිරහස් මරණයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.