ITN සල්ලාල මහල්ලෙකුගේ ලිංගික බපලෑම නිසා සේවය හැර ගිය බව කී ඉෂාරා දේවෙන්ද්‍රගේ අවනඩුව පිළිබඳ විමර්ශන ඇරඹෙයි!

ishara-devendra

ස්වාධීන රූපවාහිනී සේවයේ සල්ලා මහල්ලෙකුගේ ලිංගික බලපෑම් දරා ගත නොහැකි බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සිය තනතුරින් ඉල්ලා අස්වූ ස්වාධීන රූපවාහිනී සේවයේ සම්මානිත නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර සම්බන්ධ සිද්ධියේ විමර්ශන කටයුතු ඉක්තු සතියේ දී ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

මේ විමර්ශනයේ මූලික කටයුතු  සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නීතිඥ සීනා චෑන්ග් පත් කර තිබේ.

තමන්ට සිදුවූ අවනඩුව සම්බන්ධව මේ වනවිට ඉෂාරා දේවේන්ද්‍ර විසින් දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබේ.

මේ සතියේ දී ඉෂාරාගේ චෝදනාවට ලක්වන ස්වාධීන රූපවාහිනියේ ඉහළ තනතුරක් දරන මහලු පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රකාශ පදනම් කරගෙන නීතිඥවරිය සිය නිරීක්ෂණ වාර්තාව ලබා දීමෙන් අනතුරුව ස්වාධීන රූපවාහිනීයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණයක් ලබා දීමට නියමිත බව දැනගන්නට ඇත.

Exit mobile version