ITN – රූපවාහිනී – SLBC වැටුප් ගෙවන්න මහ භාණ්ඩාගාරයෙන් මුදල්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යන ආයතනවල වැටුප් හා අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බැවින් ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කිරීමට රජය තීරණය කර තිබේ.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියත් සමඟ මෙම ආයතන තුනෙහි ආදායම අඩුවීම හේතුවෙන් එම ආයතනවල වැටුප්, අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මෙම වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මාස හතරක කාලය වෙනුවෙන් මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මෙම ආයතනවල ආදායම් වර්ධනය කරගැනීම සඳහා උපාය මාර්ගික සැලසුම් සකස්කර මහා භාණ්ඩාගාරයේ එකඟතාව ලබාගෙන එම සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.


Exit mobile version